අභිරහස් කතා සදහා අපේ පරිසරය තුළ ඕනෑ තරම් වස්තු බීජ තියෙනවා – දමයන්ති ගල්පායගේ

 බටහිර සාහිත්‍ය නැඹුරුවක් වුනු රහස් පරීක්ෂක කතා ලංකාවේ කාලයක් ප්‍රචලිතව පැවතුනා.. එහෙත් ලාංකේය පරිසරයට අදාළව මේවා රචනා වුනේ බොහෝම හෙමින් අදහසක් තිබේද ඇයි ඒ කියල ?

මට දැනෙන විදියට නම් බටහිර සාහිත්‍යයට නැඹුරු රහස් පරීක්ෂක කතා විතරක් නෙමෙයි අපේ රටට ගැළපෙන රහස් පරීක්ෂක කතා පවා අපට පුංචි කාලේ කියවන්න ලැබුණා. බොහොමයක් පුවත්පත් වල ඒ වගේ කතා ඒ කාලේ පළ වුණා. ඒවට ගොඩක් කැමති පිරිසක් උන්න කියලා මට විශ්වාසයි .ඒවා බටහිර ද අපේ රටේ ද කියන එකට වඩා කතවක තිබුණ ගුප්ත බව කුතුහලය ආකර්ෂණීය බව කතාවට උචිත අයුරින් ගොඩනැගිලා තිබුණා නම් කියවන පිරිස ඒ වටා එක් වුණා . ශානරය ට කැමති පිරිස වෙනත් සාහිත්‍ය මය කතා නොකියවනවා නෙවෙයි ඔවුන් ඒ කතා කියවන බව මට විශ්වාසයි මොකද මමත් එක රටාවකට කොටු වෙලා නැහැ ඕනෑම ශානරයක අයත් කතාවවක් තුළින් ඉගෙන ගන්න බොහෝ දේ තියෙනවා පාඨකයාට ඒවා ඒවා කියවලා රසවිඳින්න පුළුවන් නම් ඒ කතා අපූරුයි කියන්න පුළුවන්

 රහස් පරීක්ෂක කතාවන් ගොඩ නැගීම සදහා වෙනත් කලා නිර්මාණයන්ට වඩා සුවිශේෂී වෙනස් පරිචයක් තිබිය යුතුයි ඔබ කෙසේද මේ ප්‍රශ්තුතයට අත ගැසූවේ..

මට ඒක අමුතු දෙයක් වුණේ නැහැ මොකද අපේ පරිසරය තුළම ඔය කියන අද්භූත ගුජුප්සාජනක සිදුවීම් අහන්න දකින්න අපිට තිබුණා සමහර සිදුවීම් අපිට අත් විඳින්න පවා සිදු වුණ ඒව වෙන්නත් පුළුවන් ඒක හරි පොදුයි හැබැයි ඒ කතා ගොඩ නගද්දී කතාවට උචිත අයුරින්
කරුණු සහ දෙබස් මනාව හසුරුවා ගන්න ඕනි මොකද රහස් පරීක්ෂක කතාවක දී
මොකද හිතේ ගැස්මක් සහිතව කියවන කතා නිර්මාණය කිරීම පරිස්සමින් කරන්න ඕන වැඩක් ඒවා පරිවර්තන කෘති වුණත් අපිට උචිත් අයුරින් ගැලපීම ට ලේඛකයා සමත් වීම වටිනවා අපිට එවන් දක්ෂ ලේඛකයන් ඉන්නවා අපි ඔවුන්ගෙන් ඉගෙන ගන්නවා කියවීම නිතරම අපිව පොහොසත් කරවනවා

අභිරහස් කතාවන් එක්කෝ පොලිස් පොත් හෝ රහස් පරීක්ෂණ වාර්තාවන් ආශ්‍රය කරගෙනයි අපට දැකිය හැක්කේ ඔබ එවැනි හැදෑරීමක් පසු පස ගියාද මේ කෘතිය නිර්මාණයට

කුමන ශානරය ට අයත් කතාවක් වුණත් ඊට අදාළ කරුණු ගැන හොඳ දැනුමක් තියෙන්න ඕන .රහස් පරීක්ෂක කතාවක් ලියද්දි එය වඩා විශේෂ යි මොකද මම රහස් පරීක්ෂක කතාවක් ම ලිව්ව කියලා කියන්න යන්නේ නැහැ .එහි වෙනස්ම පැත්තක් තියෙනව. මං හිතන්නේ වැන්ග්‍රා හිල්ස් /21, කියවීමේ දී පාඨකයාට එය අවබෝධ වේවි. මේ කතාව ලිවීමේදී මට කතාවේ තියෙන චරිත එක්ක නීතියෙ ඉහළ ස්ථාන වලට වගේම රෝහල් වලට පවා යන්න සිදු වුණා. කතාව තුළ ඇති එක් බිහිසුණු සිදුවීමක් මට කලින් සවිඥ්ඥානිකව දැනුනා ද කියලත් හිතෙනවා .
මොකද එහි එන එක් සිදුවීමක් අවාසනාවන්ත විදියට මට අත් විඳීමට ලැබුණා .ඒක දෛවෝපගත සිදුවීමක්.

 වැන්ග්‍රා හීල්ස් / 21 කෘතියේ නමත් ආකෘතික ලෙස බටහිරට නැඹුරුයි ඔබ බටහිර කොපි කරමින් යන ගමනක්ද මේ යන්නේ

කොහෙත් ම නැහැ නමකින් කොහොමද කියන්නෙ බටහිරකරණය අනුකරණය කරනව කියල වැන්ග්‍රා හිල්ස් , කියන්නේ මේ කතාවෙ තියෙන
හොටෙල් එකක නමක් . ඒත් මේ මුළු කතාවම ගොඩනැඟෙන්නේ ඔබේ මගේ ගමේ පරිසරය තුළ එය අපේ ම කතාවක්. අපි අත්විඳින භයංකාර ඉරණමක් අලුත් වෙමින් අවදි වන අනතුරක් . පරිවර්තන කෘති බොහොමයක් ඇසුරු කරනවා  නමුත් කොපි කිරීම මම අනුමත කරන්නෙ නෑ එයට කවුරුවත් කැමති නෑ .අභිරහස් කතා සදහා අපේ පරිසරය තුළ ඕනෑ තරම් වස්තු බීජ තියෙනවා .ඉතින් මොකටද කොපි කරන්නේ.

 අපට කියන්න වැන්ග්‍රා හීල්ස් ඔබගේ ප්‍රබන්ධයක් වීම සදහා පදනම් වූ කරුණු කාරණා..

මෙහි කොටසක් අසා තිබූ සත්‍ය කතාවක් එතනින් එහා සියල්ල ප්‍රබන්ධයන් මම මේ කතාව ලියන්නෙ මීට අවුරුදු දෙකකට කලින් ඒත් අද අපිට ඒ කාරනා දකින්න පුළුවන් වෙලා තියෙනවා .අපරාධකරුවා හරිම කෲරයි ඔවුන් රකින අය බොහොම ඉහළයි ගොඩක් ම ලස්සන රසවත් දේවල් පවා ජාවරම් කරුවන් තම ඉලක්කයන් කර ගන්නව . මිත්‍යාව සහ සත්‍ය අතර පුපුරා යෑමේ කතාවක් ලියන්න තිබුණු
බලාපොරොත්තුව තමයි වැන්ග්‍රා හිල්ස් කියන්නේ.

 කවිය පදනම්ව සාහිත්‍ය ප්‍රෙව්ශයක් ගන්නා ඔබ හුදු නවකතාව නොලියා මෙවැනි තැනකට අත ගැසූවේ..

කවියට මම ගොඩක් ආදරෙයි .ඒ මගේ ප්‍රකාශන මාධ්‍යය .තමන් කැමති තමන් තුළ තියෙන කරුණු අනුවයි කතාවක් ගොඩ නැගෙන්නෙ . මම කැමති රටාවක් වැන්ග්‍රා හිල්ස් නමුත් මම එක ශානරයකට කොටු වෙලා නැහැ මෙය අපේම කතාවක්.

 අපට ඉදිරියේදී කවි කාරයි අහිමි වී අභිරහස් කතා කාරියක් දක්නට ලැබේද

කවි නම් මගෙන් ගැලවී යන්නෑ කවියට මම ඒ තරම්ම ආදරණීයයි. විටෙක එය භාවනාවක්,ඔසුවක්. කතා නම් ලියැවෙන විදිහ දන්නෑ බලමු ඉදිරියෙ.

 ඉතිං කියන්න මේ කතා පොත කවදා කෙසේ පාඨකයා අත පත්වන්නේද යන්න
වැන්ග්‍රා හිල්ස් /21 , මගෙ කුළුඳුල් නව කතාව .කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරඹෙන සැප්තැම්බර් 18 ,දා උදේ 11,ට ජනගත කරනව.පොත් ප්‍රදර්ශන භූමියෙ පොත් කුටි කිහිපයකින් වැන්ග්‍රා හිල්ස් ගන්න පුළුවන් k books හා දිවයින පුරා සරසවි පොත් හල් වලින් වැන්ග්‍රා හිල්ස් මිලදී ගන්න පුළුවන් .කතාව කියවල ලැබෙන හොඳ නරක ආදරණීය ව බාරගන්න ආසාවෙන් ඉන්නව.

 

සාකච්ඡා කලේ  – තුසිත පතිරණ 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *