ජිවිතය, ජිවත්විම වටින්නේ නැති බවක් ඔබට හැඟෙනවද….? දැනෙනවද ? – වසන්තිකා ස්වර්ණමාලි

ඔබට සිතේනවාද දැනෙනේවාද කියා ගත නොහැකි වේදනාවක්… දරා ගත නොහැකි බවක් ..ජිවිතේ තෙරුමක් නැ කියා සිතෙනවාද. ඔබට බලාපොරොත්තු රහිත බවක් දැනේනවාද.. බලාපොරොත්තු වැඩක් නැ කියා සිතට දැනෙනවද?.එසේ ඔබට දැනෙන්නෙ නිෂේධනාත්මක කරදකාරි සිතුවිලි නිසයි.

සමහර විට ඔබට සිතෙනවා මරණය මේ සියල්ලටම විසදුමක් කියලා ඔබ නොමති විට සියල්ල හොදින් විසදෙයි , හොදින් සිදුවනු ඇතැයි ඔබ සිතනවාද ? ඔබට කිසිම වටිනාකමක් , වැදගත් කමක් නැති බව දැනෙනවාද.නිවසේ සියලු දෙනා සිටියත්, මිතුරන් සිටියත් ඔබට තනිකමක් දැනෙනවාද?ඔබට මේ විදියට සිතෙන්නේ ඇයි කියා ඔබ සිතුවාද?

ඔබ මතක තබා ගත යුතුම දේ ඔබ කිසිවිටක තනි නොවේ යන්නයි.තවත් බොහෝ අය ඔබ අත්විඳි දේ හරහා ගොස් සුභවාදී සිතුවිලි මත අද සතුට්න් ජිවත්වන බව අමතක නොකල යුතුයි..මෙය ඔබට පමණක් සිදුවු දෙයක් නොව සැමටම පොදු බව සිතිය යුතුයි . දැඩි. මානසික පිඩාවක සලකුණක් පමණි මෙය. සමහර විට ඔබ ආදරය කල අය ඔබට අහිමිවිම. සබඳතා බිද වැටිම හෝ අපයොජන අත්දැකීමක් විය හැකිය.ඔබ ඔබටම දෝස් පැවරිම විය හැකියි.එහෙත් ඔබට උදවි කල හැකි පුද්ගලයන් සිටින බව අමතක නොකරන්න.

ඔබට කල හැකි හොදම දේ විශ්වාසවන්ත පවුලේ සමාජිකයෙකු මිතුරකු හෝ වැඩිහිටියකු සමග ඔබට හැගෙන ආකාරය ගැන කතා කරන්න .ඔබට හානියක් විය හැකි ඔබට සිතෙන දැනෙන අකාරය ගැන මනෝ වෛද්‍යවරයෙක් හෝ උපදේශකු හෝ වෘත්තිකයෙකු සමග කතා කරන්න. ඔබ යමෙකු ගැන කනස්සල්ලට පත්ව සිටි නමි ;-

ඔබ දැනගතයුතු දේ සියදිවි නසාගැනිමි වළක්වා ගත හැකි බවයි.එ ගැන කතා කිරිමෙන් කාංසාව අඩු කරන අතර මිනිස්සු තෙරුමි ගැනිමට උපකාරි වේ.

සියදිවි නසා ගැනිම ගැන යමෙකු බැරෑරුම් ලෙස සිතන බව ඔබට දැනේනමි.අන්තර්ජාලය පිරික්සිම..සිය දිවි නසා ගන්නා ක්‍රම සේවිම, අනවශ්‍ය ඔෘෂධ ළග තබා ගැනිම.පළිබෝධනාශක ළග තබා ගැනිම.පවුලේ සාමාජිකයන්ට සමුදිම..වටිනා දේපලපැවරිම..අන්තිම කැමති පත්‍රය ලිවිම වෙනි දෙවලින් වෙනස් කමි සොයා ගත හැකිය.

සියදිවි නසාගැනිමේ අවදානම ඇත්තෙ කාටද. මිට පෙර සියදිවි නසාගැනිමට උත්සාහ කල අය මානසික අවපිඩනය සහිත අය
මත්පැන් හෝ මත්ද්‍රව්‍ය ගැටළු ඇති අය නිදන්ගත වේදනාවකින් හෝ රෝගයකින් පෙලෙන අය යුද්ධය ප්‍රචණ්ඩත්වය , කමිපනය, අපයෝජනයට හො වෙනත් සිදුවිමි අත්විදි පුද්ගලයන් සමාජිය වශයෙන් හුදෙකලා වු පුද්ගලයන් සම්බන්ධතා බිදියාම, අහිමිවිමි දරා ගත නොහැකි අය.

ඔබට කළ හැකි දේ:-

කනස්සල්ලට පත් පුද්ගලයා සමග නිදහස් තැනක කතා කරන්න .ඔහුට හො ඇයට ඇහුමිකන් දෙන්න . ඔබ ඔහු සමග සිටිනබවත් .ඔහු හෝ ඇය තනි නොකරන බවත් දැනුමි දෙන්න ..අඟවන්න. මනෝ වෛද්‍යවරයකු හො උපදේශකයකු හමුවිමට දිරිමත් කරන්න ..ඔවුන්ගෙ උපකාර ලබා ගන්න. එ හමුවිම සදහා යන ගමනට පලමුව ඉදිරිපත් වන්න. ඇය හෝ ඔහු කිසිවිටක තනිනොකරන්න නිතරම පරික්ෂාකාරී වන්න

සතුටුදායක දෙවල් කතාකරන්න පවුලේ අය සමග සබඳතා තර කරන්න.. ආගමික අධ්‍යාත්මික දෙවල්ට සමිබන්ධ කරගන්න. සමහර විට මේ කුඩා කරුණකින් ඔබට මට එක ජිවිතයක් ගලවා ගැනිමට හැකි වේවි..

……වසන්තිකා ස්වර්ණමාලි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *