ලොව සුන්දරම හරිත දේශයේ සිට ලියමි ( අංක 03 ) – ඉරූ කොස්ගොඩ
Whitefriar Street Church -වයිට් ෆිුයර් විදීයෙ දේවස්ථානය
අයර්ලන්තය ඇතුළු යුරෝපයට ගිම්හාන කාලය කෙමෙන් නිමවිමත් සමග සිහින් සුළඟ හා මුසු වුනු මද වැසි සහිත සරත් සමය උදාවෙලා තවත් මාස කිහිපයකින් සොබාදහම් මාතාවගේ චමත්කාරජනක වෙනස්කම් සමග ශීත ඝෘතුව ආරම්භ වෙනවා. සතියක දීර්ඝ නිවාඩුවකින් පසුව අද මම ඔයාලට මගේ සිත් ගත් තවත් බොහොම ලස්සන ස්ථානයක් පිළිබඳව කෙටි ඉදිරිපත් කිරීමක් කරන්නයි මේ සූදානම .
එය නමින් Whitefriar Street Carmelite Church ලෙස මහජන ආකර්ශනයට සහ බොහෝ කිතුනු බැතිමතුන් ගෙ පිදුමට ලක්වු ඓතිහාසික (රෝමානු කතෝලික ) ලතින් දේවස්ථාන (Latin Church )සම්ප්‍රදායට අනුව ගොඩ නැගුණු දේවස්ථානයකි.

—
මේ ලිපිය සැකසීමේදී මට මූලාශ්‍ර සැපයු fr. Patrick Graham තුමාට මගෙ ස්තූතිය සහ ගෞරවය .( Really Appreciated fr. Patrick Graham to your great support and resources )
මෙ දේවස්ථානය සම්බන්ධයෙන් ගොඩාක් ඉතිහාසය කතා තියෙනවා. මම එයින් කිහිපයක් ගැන කෙටි හැදින්විමක් කරන්නම්.
Whitefriar Street දේවස්ථානය අපගේ කාර්මෙල් කාන්තාව (Our lady of Mount Carmel ) සහ ශාන්ත වැලන්ටයින් (St. Valentines )දේවස්ථානය ලෙස නම් දැරැවද මෙය වයිට් ෆුයර් විදීයේ පල්ලිය ලෙස ප්‍රදේශවාසීන් විසින් හදුන්වනවා.
මෙය අප නගරය වන ඩබ්ලින් හි හදවතෙහි (Heart of Dublin city) පිහිටා ඇති නිසා එය නගරයේ විශේෂ කේන්ද්‍රස්ථානයක් ලෙස සලකනු ලැබේ. Land Mark of the city)
කාර්මලයිට් අනුපිළිවෙලට (Carmelite Order) අනුව නඩත්තු කරන රෝමානු කතෝලික පල්ලියක් වන මෙම දේවස්ථානයෙහි ශාන්ත වැලන්ටයින් මුණින්ද්රයාගේ(St. Valentines ) භෂ්මාවශේෂ (Relics and Ashes)තැම්පත්කර ඇත.
මෙහි ධාරිතාවය(capacity ) 2000වන අතර, දිග(Length )මීටර 83(272ft) සහ පළල(width) මීටර 24(279ft) සමන්විත වේ.
මෙම දේවස්ථානයෙහි පැරැණි ඉදිකිරීම් වර්ෂ 1539දී පුර්ව ප්‍රතිසංස්කරණය කරන ලද අතර වත්මන් ව්‍යුහයේ බිම් බැදිම වර්ෂ 1826දී ආරම්භ කරන ලද අතර එවකට ඉදිකිරීම් පිරිවැය ලෙස බ්‍රිතාන්‍ය පවුම් 4000 ක මුදලක් වැය කර ඇත.
මෙ දේවස්ථානය ජෝර්ජ් පැප්වර්ත්(George Papworth) නම් නිර්මාණශිල්පියා විසින් සැලසුම් කරන ලද්දකි .
මෙම නිර්මාණශීල්පියා විසින් ඩබ්ලින්හි ශාන්ත මරියා දෙව් මැදුර (St. mary’s pro cathedral in Dublin ) නිර්මාණය කරන ලද අතර එය වර්ෂ 1856 සහ වර්ෂ 1865දී දිර්ඝ සහ ප්‍රමාණයෙන් විශාල කර සාදන ලද්දකි.
ශාන්ත වැලන්ටයින් මුණින්ද්‍රයා

19 වන ශතවර්ෂයේදී එවකට සිට් ජෝර්ජ් XVI පාප්තුමා (pope Gorge XVI) විසින් රෝමයේ ශාන්ත හිපොලිටස් සොහොන් භූමියෙන් (st. Hippolytus in Rome) මෙම ශාන්ත වැලන්ටයින් මුනින්ද්රයාගෙ භෂ්මාවශේෂ ඩබ්ලින් නගරයට ගෙනවිත් මෙම දේවස්ථානයට පරිත්‍යාග කරන ලද්දකි .
Whitefriar Street Church ආගමික උත්සව සදහා භාවිතා කිරීමට සුදුසු ශුද්ධ භුමියක් ලෙස නිලවශයෙන් ආරම්භ කරනු ලැබුවේ 1827 වර්ෂයේ නොවැම්බර් මස 11 දින දීය.
පුරාවෘත්තයක් බදු මෙම
දේවස්ථානයේ හි ඉතා ශෝභමාන වීදුරු කැටයම් ,ගල් කුළුණු ,ප්‍රතිමා ,ද්වාර බිත්ති ,සියුම් ලී කැටයම් සහ පෞරාණික නල ඔගනයකින්ද(Pipe Organ)සමන්විත වේ .
මෙම දේවස්ථානයට ඇතුළු වන සියලු දෙනාට පසක් වන කරුණ නම් එදා පැරැන්නන්ගේ සුවිශේෂී නිර්මාණ දක්ෂතා
අවසන් නෑ ඉතිං විස්තරය නැවත ඉක්මනටම ඉතිරි කොටස පළ කිරීමට අදහස් කරනවා
රැදී ඉන්න
මම
ඉරූ කොස්ගොඩ