ලොව සුන්දරම හරිත දේශයේ සිට ලියමි ( අංක 04 ) – ඉරූ කොස්ගොඩ

මම පහුගිය සතියේ පොරොන්දු වූ පරිදි whitefriar street දේවස්ථානයේ සුවිශේෂී සිද්ධස්ථාන කිහිපයක් ගැන කෙටි හැඳින්වීමක් කරන්නම්. ඉතින් එන්න මාත් එක්ක මේ සුන්දර ඓතිහාසික වටිනාකමක් ඇති ස්ථානට ආයෙමත් යන්න මතකයි නේ අපි කතා කළා වැලන්ටයින් තුමා ගැන. ඔව් මේ ඉතිං පල්ලිය තුළ ඇති කතාවේ විස්තරය.

ශුද්ධ වූ වැලන්ටයින් තුමා  St.Valentines

ශාන්ත වැලන්ටයින් මුනිතුමා විසින් සිදුකරන ලද බොහෝ ජනප්‍රිය කරුණක් නම් එකල අධිරාජ්‍ය පාලන සමයේ තිබූ තහනමට පටහැනිව යුවළවල් විවාහ කර දීම.

අධිරාජයා විසින් විවාහ වීම තහනම් කර තිබුනා . මෙයට විශේෂ හේතුව වූ පැරණි චාරිත්‍රයක් ලෙස විවාහ වූ පළමු වසර තුළ අලුත විවාහ වූ ස්වාමි පුරුෂයකුට නිවෙසින් බැහැරව යාමට ඉඩ නොදුන් නිසාත්, තරුණ ස්වාමි පුරුෂයින්ට ඔහුගේ පවුල ,දරුවන් යනාදී දේ ගොඩනගා ගැනීමට හැකි වීමත්ය.

එකල අධිරාජයාට ඔහු කළ යුද්ධයට සොල්දාදුවන් අවශ්‍ය වුවත් මෙම පැරණි චාරිත්‍රය නිසා ඔහුට අවශ්‍ය ය හමුදාවේ සංඛ්‍යාව පවත්වා ගැනීම දුෂ්කර වුනා.

මෙයට ස්තූති කිරීමක් ලෙස වර්තමානයේ දී ද පෙබරවාරි 14 එනම් ප්‍රේමවන්තයන් ගේ දිනය ලෙසින් නම්කර ශුද්ධ වූ වැලන්ටයින් මුනිතුමාගේ පිළිරුව ඉදිරිපිට පුෂ්පෝපහාර සහ ඉටි පහන් දල්වමින් නන් දෙසින් පැමිණෙන බැතිමතුන් විශේෂයෙන්ම තරුණ තරුණියන් යාඥාවන් සහ ස්තුති ප්‍රශංසා කරනවා .

කෙසේ නමුත් අධිරාජයාට එරෙහිව කරන ලද මේ ක්‍රියා හේතුවෙන් වැලන්ටයින් තුමා අත්අඩංගුවට පත්වුණා. මෙහිදී උපක්‍රමශීලීව අධිරාජ්‍යයාගේ අනුග්‍රහය සහ සිත් දිනාගැනීමට ඔහු සමත් වුණා .
ඒ සමගම අධිරාජ්‍යයාව ක්‍රිස්තියානි ධර්මයට හැරවීමට දැඩි උත්සාහයක නියැලුණා .

ඔහුගේ ජීවිතයේ අවසාන සති කිහිපය තුළ ඔහු සිරගතව සිටින කාලය පිළිබඳව තවත් ඉතිහාස කතාවක් නම් julia නැමැති තරුණියට පෙනීම ලබා දීමයි.
බන්ධනාගාර නිලධාරියෙකු වු ජුලියාගේ පියා විසින් කරන ලද ඉල්ලීමකට අනුව ජුලියා නම් අන්ධ තරුණිය ඔහුගේ සිරමැදිරිය වෙත රැගෙන ආ බවත් එහිදී වැලන්ටයින් තුමා විසින් ඇයට රෝමයේ ඉතිහාසය පිළිබඳ කතා, ස්වභාවදහම ගැන කතා , ගණිතය සහ දෙවියන් ගැන ඇයට ඉගැන්වීම් කළ අතර ඇයට ඔහුගේ දෙනෙත් තුලින් මනසින් ලෝකය දැකීමට හැකි වුනා.

මෙලෙස සති කිහිපයක් ගත වුවත් තරුණියට පෙනීම නොලැබුනත් ඇය බොහෝ ලෙස දේව ඇදහිල්ලට යොමුවි තිබුණා.

වැලන්ටයින් තුමාගේ මරණයට ආසන්න දිනක ඔහු විසින් ජූලියා හට දෙවියන් වහන්සේට සමීපව විශ්වාසවන්තව සිටින ලෙස ඉල්ලීමක් කරමින් අවසාන සටහනක් ලියා තැබුවා. එහි අවසානයේ ඔහු විසින් මේ ඔබගේම වැලන්ටයින් (yours Valentines )ලෙස සදහන් කොට තැබූවා.

ක්‍රිස්තු වර්ෂ 269 පෙබරවාරි 14 දින වැලන්ටයින් තුමා මරණයට පත් කරන ලද ස්ථානය පෝටා වැලන්ටිනි(Porta Valentini) වර්තමානයේ පෝටා දෙල් පොපෝලෝ (Porta del Popolo) ලෙස නම් කරන ලදී .

ඔහු විසින් ලියන ලද සටහන කුඩා ජූලියා විවෘත කර පසු එතුමාගේ ප්‍රාතිහාර්යයෙන් ගෑනු ළමයාගේ දෑස් පෙනීම යථාතත්වයට පත්වී ජීවිතයේ පළමු වතාවට ඇයට පෙනීම ලැබුණ බව ඉතිහාස කථාවල සඳහන් වේ.

ශුද්ධෝත්තම ඇල්බට් තුමා  St. Albert of Sicily

ශුද්ධෝත්තම ඇල්බට් තුමා 13 වන සියවසට අයත් වන අතර මෙතුමා කාර්මලයිට් ජනාවාස ව්‍යාපෘතියේ පළමු කාල පරිච්ඡේදයට අයත් වේ. ඔහු සිසිලියේ හි ටුැපානි(Trapani in Sicily ) උපත ලැබූ අයෙකි. වර්ෂ 1411 වර්ෂයේදී අගෝස්තු 7 හත්වන දින ශුද්ධෝත්තම ඇල්බට් තුමාගේ මංගල්‍යය දිනය ලෙස සැමරීමට කාර්මලයිට් චාරිත්‍රවලට හඳුන්වා දෙන ලදී .

 

ඩොමිනිකානුවන් මෙන් ශුද්ධ වූ වින්සන්ට් ෆෙරර් (st. Vincent’s ferr) සහ ශුද්ධ වූ ඇල්බට් තුමා (st. Albert )ජලය ආශිර්වාද කළ සාන්තුවරයකු ලෙස ප්‍රචලිතව ඇත.
වර්තමානයේ දී ද ( st. Albert’s well )මෙම ළිඳෙහි ජලය පරිහරණය කරන අයට සාන්ත ඇල්බට් මුනිතුමාගේ මැදිහත්වීමෙන් ශරීරය සහ මනස යන දෙකම සුව වන බව විශ්වාසයක් තිබේ.

One thought on “ලොව සුන්දරම හරිත දේශයේ සිට ලියමි ( අංක 04 ) – ඉරූ කොස්ගොඩ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *