ට්‍රම්ප්ගේ කොරෝනා ආසාදනය පසු පස සැකයක් … -තරණය – හසිනි දෙනිපිටිය

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ජනාධිපති ආර්යා මෙලනියා ට්‍රම්ප් හට කෝවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව ඒ පිළිබඳ කළ පර්යේෂණවලින් හෙලි වී තිබේ. ජනාධිපති ට්‍රම්ප් ටුව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ මේ වනවිටත් ඔවුන් නිරෝධායන කටයුතු අරඹා කර ඇති බවයි. පසුගියදා ජනාධිපති ට්‍රම්ප්ගේ සමීප උපදේශිකාවක් වූ හෝප් හික්ස්ට කෝවිඩ්-19 වෛරසය වැළඳී ඇති බව තහවුරු වීමෙන් අනතුරුව මෙලෙස ජනාධිපතිවරයාට හා ආර්යාවට ද කෝවිඩ්-19 වෛරසය වැළඳී ඇති බව අනාවරණය විය.

” එයාර් ෆෝස් වන් ” ජනාධිපති නිල ගුවන් යානයෙන් ඔහායෝ ප්‍රාන්තයේ පැවති රූපවාහිනී වැඩසටහනකට පසුගියදා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී වී තිබේ. මේ සඳහා ජනාධිපති උපදේශිකා හෝප් හික්ස් ද සහභාගී වී ඇත. ඔවුන් එක ම ගුවන් යානයක ගමන් කර ඇති අතර සමීපව ඇසුරු කර තිබේ. පසුගිය බදාදා දිනයේ ද හික්ස් සමඟ මිනසෝටාහි රැළියකට ද ජනාධිපතිවරයා සහභාගී වී තිබුණි. එසේම පසුගිය කාලය පුරා ජනාධිපති ආර්යා මෙලනියා සමඟ ද හික්ස් වැඩි කාලයක් ගත කළ බව ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

” කෙටි විවේකයක් හෝ නොගෙන ඉතා කැපවීමෙන් වැඩකළ හෝප් හික්ස් කෝවිඩ්-19 වැළඳී ඇති බව පරීක්ෂණවලින් හෙළිවෙලා. ”

යනුවෙන් ට්‍රම්ප් ජනාධිපතිවරයා පසුගිය බ්‍රහස්පතින්දා සිය ටුව්ටර් ගිණුමේ පණිවිඩයක් නිකුත් කර තිබුණි. කෙසේනමුත් ඒ වනවිටත් ජනාධිපති ට්‍රම්ප් හා මෙලනියා ආර්යාව නිරෝධායන කටයුතු ආරම්භ කර තිබෙන බව වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

මේඅතර විදෙස් මාධ්‍ය ඔස්සේ මුහුණු ආවරණ නොපළඳමින් හික්ස් ජනාධිපතිවරයා ගමන් ගත් ගුවන්යානයෙන් ම බසින ආකාරය දැක්වෙන ඡායාරූප ප්‍රචාරණය වී තිබේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර මුහුණු ආවරණ පැළදීම මෙන්ම සිය කාර්යය මණ්ඩලය සමඟ සමාජ දුරස්ථභාවය යටතේ කටයුතු කිරීමක් දක්නට නොතිබුණි.එසේම ඔහු එය ප්‍රතික්ෂේප කළ ආකාරයක් ද පසුගිය කාලය පුරා දක්නට ලැබුණි.

මෙතෙක් කෝවිඩ්-19 වෛරසය වැළඳුණු බවට තහවුරු වු ජනාධිපතිවරයාගේ සමීප සහයකයා වන්නේ ද හික්ස් වේ. එසේම හික්ස් කොරෝනා ආසාදනය වූ නවතම ධවල මන්දිර නිලධාරිය වන අතර උප ජනාධිපති මයික් පෙන්ස්, මාධ්‍ය ලේකම් කේටි මිලර් පසුගිය මැයි මාසයේ කොරෝනා ආසාදනය වී සුව වූ ධවල මන්දිර නිලධාරීන් ය.

මේ වනවිට කෝවිඩ්-19 වෛරසයෙන් දැඩි බලපෑම එල්ල වු රට අමෙරිකාව වේ. මේ වනවිට 7, 494, 671 ක් එරටින් වාර්තා වන ආසාදිතයින් ප්‍රමාණය වේ. එසේම වෛරසය ආසාදනයෙන් මිය ගිය ගණන 212, 660 ක් වන අතර මේ වනවිට සුවය ලැබූවන් 4, 736, 621 ක් වාර්තා වේ.

මුල් පුටු රත් කළ කෝවිඩ්-19 වෛරසය ජනාධිපතිවරණයට කෙලෙස බලපාවි ද ?

ඔක්තෝබර් 15 වැනිදා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මයාමි හි දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දෙවන විවාදයේ සැලසුම් මේ වනවිට කිසිදු වෙනසක් සිදු කර නොමැත. කෙසේනමුත් එහි සැලසුම්හි පැහැදිලිතාවක් ද නොමැත. ට්‍රම්ප්ට කොවිඩ් ආසාදනය හා ජනාධිපතිවරණයේ කල් දැමීම අතර යම් සැකයක් පවතිද යන්න සම්බන්ධයෙන්ද තවත් මතයක් මේ වන විට සාකච්ඡාවට ලක් වෙමින් පවතී.

One thought on “ට්‍රම්ප්ගේ කොරෝනා ආසාදනය පසු පස සැකයක් … -තරණය – හසිනි දෙනිපිටිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *