නොබෙල් සාහිත්‍ය සම්මානය ලුයිස් එලිසබත් ග්ලුක්ට හිමි වෙයි

2020 නොබෙල් සාහිත්ය සම්මානයෙන් පිදුම් ලබා තිබෙන්නේ ඇමෙරිකානු ජාතික කිවිඳියක වන ලුයිස් එලිසබත් ග්ලුක් (Louise Elisabeth Glück).

1943 වසරේ නිව්යෝර්ක් හි ඉපදුන ලුයිස් කිවිඳියක ලෙස ඇමෙරිකාව තුල සුවිශේෂ කීර්තිනාමයක් අත්පත් කරගෙන තිබෙනවා. ඇයගේ අතින් නිර්මාණය වූ කෘතීන් අතර The Triumph of Achilles (1985)
The Wild Iris (1992) යන කෘතීන් සුවිශේෂ අවධානයක් අත්පත් කරගත්තා. ඇය කාව්ය කෘති 14ක් දැනට රචනා කර තිබෙනවා. ඒවා නම් Firstborn (1968), The House on Marshland (1975), Descending Figure (1980), The Triumph of Achilles (1985), Ararat (1990), The Wild Iris (1992), The First Four Books of Poems (1995), Meadowlands (1997), Vita Nova (1999), The Seven Ages (2001), Averno (2006), A Village Life (2009), Poems: 1962-2012 (2012), Faithful and Virtuous Night (2014) යන කෘතීන්.

77 වන වියේ පසුවන ලුයිස් මෙතෙක් දිනා ඇති සම්මානයන්ට
Pulitzer Prize for Poetry (1993)
Bollingen Prize (2001)
US Poet Laureate (2003–2004)
National Book Award (2014)
National Humanities Medal (2015) සහ මෙවර දිනූ Nobel Prize in Literature (2020) සම්මානයද ඇතුලත්.

© කපිල එම්. ගමගේ

Image may contain: 1 person, night

Image may contain: text that says 'The Triumph of Achilles Gluck, Louise Note: This is not the actual book cover'

No photo description available.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *