මම මගේ ලිවීම කොහෙවත් හිර කරල නැහැ -හෙලනි සිල්වා

 මොකද්ද මේ ” රතු කොටු සහ බ්ලැක් කෝපි” කියන්නේ ?

මේ මගේ පලමු පොත ….මේක කවි සහ කෙටි සටහන් වලින් ඇතුලත පිරුනු පොතක්….

 මෙහි ඔබේ පෞද්ගලික අත්දැකීම් අන්තර්ගත වෙලා ඇති ?

සමහර කවි වල හා කෙටි සටහන් වල මගේ පුද්ගලික අත්දැකීම් අන්තර්ගතයි …..

තමන්ගේ හිතේ තෙරපෙන වේදනාව පිටකරගන්න කවිය කියන්නෙ හොඳ මාධ්‍යයයක් .ඔබටත් එහෙමද?

ඔව් ….වේදනාව හා මානසිකව වැටෙන හැම වෙලාවකම මම රිලැක්ස් වෙන්නේ ලියලා….ඒ වගේම කියවල හොද පොතක්….

 ඔබ ඔබේ වචන වලින් අන් අයගේ හදවතට කතා කරන කෙනෙක්.එහෙම උනේ කොහොමද ?

මම ඇත්ත ඇති සැටියෙන් ලියනවා…ඒ වගේම මට ගොඩක් අය එයාලගේ ප්‍රශ්න මගේ එක්ක බෙදාගන්නව…අහන් ඉන්න කියනවා…උදව් කරන්න කියනව…ඉතිං එහෙම උනාම මම මේ සමාජයේ වෙන යම් යම් දේවල් ගැන දැනුවත්…මගේ ලිවීම ඇතුලෙ ඒක තියෙනවා ….කාටත් තේරෙන විදිහට ඒක මම අකුරු කරල මුදා හරිනවා….

ඔබේ ග්‍රන්ථය එළිදක්වන්න ශක්තිය දුන් අයවත් සිහිපත් කරමු

මුලින්ම දෙමව්පියන්ට පිං මං වගේ හිතුවක්කාර දුවක්ගෙ ගතිගුණ හා මගෙන් උන හිත් රිදීම් දරාගෙන මාත් එක්ක උන්නට….ඊට පස්සෙ මම පොතක් කරන්න ඕන කියන තැන ඉදල ගත්තොත් යෝජනාව බර කරල බල කරල කරපු ලක්ෂිත….ඊට පස්සේ මගේ එකා කියල මම කියන ප්‍රසාද් මල්ලි…එයා මට ලොකු හයියක්…..පොත් කවරය කරල දුන්න ගයාන්…ඇතුලත චිත්‍ර ඇදල දුන්න විංගි නගා….මධුෂාන් මගේ අවුරුදු එකොලහක යාලුකම…මගේ එක්ක හැම මොහොතකම ඉන්න එකම කෙනා…..ඒ වගේම මගේ ඉන්ටවීව් අරන් පල කරපු වෙබ් සයිට්…යූටියුබ් චැනල් කරන යාලුවො ඔක්කොටමත් …මගේ මුහුනු පොතේ මට ආදරය කරන මගේ රසිකයන්ටත් ස්තූති …..

මුහුණු පොතේ ඔබේ ලියවිලි නිතර දකින්න ලැබෙනවා.කොහොමද ඔබට ලැබෙන ප්‍රතිචාර?

හොද කියන අය වගේම තැන තැන බනින අයත් ඉන්නවා…..මම ලියන හැම දෙයකටම මම වග කියනවා…..හොද කියද්දී උඩ යන්නෙවත් නරක් කියද්දී කේන්ති යන්නෙවත් නැහැ …..ඒ හැමදේම මැදහත් සිතින් බාර ගන්නව

 ඔබේ සමහර නිර්මාණ විවේචනය කරන අයත් ඉන්නවා.ඒවට ඔබ පිළිතුරු දෙන්නෙ කොහොමද ?

මෙහෙමයි….විවේචනය කියන එකත් තියෙනවා නං මම කැමති…හැම දෙයකමටම සා වෑව් ගහන අය ඒක කරන්නෙ අවංකව නොවෙන්නත් පුළුවන් …මගේ හිත රිදෙයි කියල වෙන්නත් පුළුවන් ….ඇත්තටම හොද නිස වෙන්නත් පුළුවන් ….ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා මේ පොත ගැනත් හොද හා නරක කමෙන්ට් බලාපොරොත්තු වෙනවා.

ඔබ ඔබේ නිර්මාණ කරන්නෙ යම් සීමාවක සිටද?

මම දික්කසාද ගැහැනියක්…මම පුතෙක්ගේ අම්ම කෙනෙක් ….දෙමව්පියන්ට දුවක්…සහෝදරයන්ට අක්කියෙක්….ඒත් මම මගේ ලිවීම කොහෙවත් හිර කරල නැහැ ….මම මගේ සිතුවිලි මගෙ හිතට ටච් වෙන විදිහට ම මුහුනු පොතේ දිගහරිනවා….

 ආදරය සහ විරහව ඔබට දැනෙන්නෙ කොහොමද ?

ප්‍රේමය හා විරහව කියන දෙකම විදල තියෙනවා …ප්‍රේමය කියන හැගීමේ තියෙන සුන්දර පැත්ත වගේම බොරුව අත් දැකල තියෙනවා ….විරහව කියන්නෙ බර දෙයක් ඒත් මම විරහව හරි ලස්සනට විදිනවා….

සාකච්ඡා කලේ  – හර්ෂි සේනාධීර

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *