කොවිඩ් මරණ කඳු ගැසෙද්දී ඇමරිකා ජනපතිවරණය ජයට..

අමෙරිකානු ජනාධිපතිවරණයේ අවසන් සටන පසුගියදා රූපවාහිනී තිරයෙන් අවසන් කෙරිණි. ජනාධිපතිවරණ අපෙක්ෂකයන් වූ ඩිමොක්‍රටීස් පක්ෂයේ ජෝ බයින්ඩන් හා රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගී විය. තින්සේ ප්‍රාන්තයේ නැෂවිල්හි දී මෙම අවසන් රූපවාහිනී විවාද වැඩසටහන පැවැත්වුණි.

සාකච්ඡාවේ ප්‍රබල ම ප්‍රහාරක අවිය වුයේ කෝවිඩ්-19 වසංගතය යි. මෙහි දී “අදාළ මරණවලට වගකිව යුතු නායකයෙකු ජනපති ධූරයේ රැදී සිටීමට සුදුස්සෙකු නොවේ”. යැයි ජනපති අපේක්ෂක ජෝ බයිඩන් ප්‍රකාශ කෙරිණි. ප්‍රකාශයත් සමඟ උණුසුම්කාරී වූ විවාදය තුළ ට්‍රම්ප්ගේ වාග් ප්‍රහාරයන් රැසක් ඉදිරිපත් කෙරිණි. මෙහි දී ට්‍රම්ප් වසංගතය සඳහා ඉදිරියේ දී කිරීමට බලාපොරොත්තු වන සැලසුම් ද ඉදිරිපත් කරමින් උණුසුම් ලෙස විවේචනය කෙරිණි.

තවත් සති කිහිපයක් ඇතුළත කෝවිඩ්-19 වෛරස මර්ධන එන්නත රෝහල්වලට ලබා දෙන බව මෙහි දී ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කෙරිණි. එසේම සිය කතාව තුළ තවදුරටත් ට්‍රම්ප් පැවසුවේ දැන් අමෙරිකාව යළි විවෘත කිරීමට සුදුසු කාලය උදා වී ඇති බවයි. ජනාධිපතිවරයා එලෙස පැවසුවත් වොෂින්ටන් සරසවියක් මඟින් කළ පර්යේෂණයක දී අනාවරණය වුයේ පෙබරවාරි මස වනවිට අමෙරිකානුවන් මිලියන භාගයකටත් වඩා වැඩි පිරිසක් කෝවිඩ්-19 වෛරසය නිසා මිය යන බවයි. මුල් පුරවැසියා මුඛ ආවරණ ප්‍රතික්ෂේප කිරීම නිසා බොහෝ ප්‍රාන්ත තුළ මුඛ ආවරණ භාවිතා නොවේ. මේ නිසා ද කෝවිඩ්-19 වසංගතය තවදුරටත් ව්‍යාප්ත වීමට මඟ පාදන බව ඔවුන් පවසයි. කෙසේනමුත් ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය හා කෝවිඩ්-19 වසංගතය ඉදිරියේ ඔහු ක්‍රියා කළ ආකාරය දැඩි ලෙස විවේචනයට ලක් වේ.

මෙම විවාදයේ දී අපේක්ෂක ජෝ බයිඩන් ප්‍රකාශ කලේ පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ තමන් දැඩි අවධානයකින් යුතුව කටයුතු කරන බවයි. මැතිවරණයට පෙර අමෙරිකාවේ කරනු ලබන ජනමත සමීක්ෂණයන්ගෙන් ඉහළ ස්ථානයේ රැදෙනුයේ ජෝ බයින්ඩන් වේ. එසේම දේශපාලන ප්‍රවාහයේ යෙදුණු බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තුවත් ජෝ බයින්ඩන් වේ.

මැතිවරණයට දින 14 ක් තිබිය දී අවසන් මාධ්‍ය හමුව එලෙස උණුසුම්කාරී ලෙස නිමා විය. නොවැම්බර් 03 වන දින අමෙරිකානු ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු සිදු කරමින් පවතී. එදිනට අමෙරිකාවේ නව ජනාධිපතිවරයකු පත් වේ.

හසිනි දෙනිපිටිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *