ජපනුන්ගේ Haiku බටහිර දී Poiku වුනේ කොහොමද ? – හෝමර්ගේ අඩවිය – ආශිර්දානි භාග්‍ය ලියයි

ඈත පෙරදිගින් ජපානයෙන් එළිබට හයිකු haiku කවියේ පැතිරීම බටහිර ලෝකය පුරා සිදුවන්නේ 19වන සියවසේ දී පමණය. ඒ ඉංග්‍රිසි කවීන් ජපන් හයිකුව ඉංග්‍රිසියට පරිවර්තනය කිරීමෙන් අනතුරැවයි.
බටහිර කවි සාහිත්‍යයේ නව විලාසිතාවක් ලෙස haiku සංකල්පනා අපූරුවට ලියූ හැටි බොහෝ බටහිර හයිකු කවි තුළින් පිළිබිඹු වේ. 

සම්ප්‍රදායික හයිකු කවිය පද පේලි 17න් නිමා වන්නේ ස්වභාව ධර්මයේ යමක් සහ ජීවිතයේ යම් සිදුවීමක් එකට එක් කරමින් ලියවෙන සියුම් අදහසක් සමගයි.

පද පේලි 17 පේලි 5 -7 -5 බැගින් ලියන Haiku කවියේ නිශ්චිත රිදමයක් හෝ තාලයක් නැත. එසේම එකම ශබ්දයෙන් නිමවන පද වලින් නිමාවන කවි රටාවක් ද ඇතුලත් නොවේ.

ඒ නිසා කවියේ ලයින්විත බවක් නැති මුත් රසවිදිය හැකි අර්ථයක් ව්‍යාංගාර්ථයෙන් ඉදිරිපත් කරයි.
ජපන් හයිකුව බටහිර දී පේලි 7න් ඉවතට පනින අතර බොහෝ කොට පේලි 5 හෝ 3 කුඩා හයිකුවක් බවට පත් වේ.
සෑම විටම කවියේ දෙවෙනි කවි පේලිය අනිත් ඒවාට වඩා දීර්ඝව ලියවේ. 

සාමාන්‍යයෙන් ඇස ගැටෙන පරිසරයේ යමක් හා බැදුනු මානව අත්දැකීම හයිකුවකින් රසව්දන්නට ලැබේ.
බටහිර දී හයිකු කවි ජනප්‍රිය වන්නේ රොබට් ෆ්රොස්ට් වැනි සුපුසිද්ධ කවින් අතින් පබැදුනු සුන්දර හයිකු නිසාමයි. **
පරිසරය සෑම විටම හයිකු කවියාට සුන්දර කවි ප්‍රස්තුත මවන අතරම, නිමිති පහල කරනු ලබයි. ඒ අතර මනස්කාන්ත ශීත, ගිම්හාන,සරත් හා සෘතු සතර , ගහ කොල මල් වැනි අලංකාර පරිසර සාධක සමග ජීවිතයේ යමක් ගලපා හයිකු කවි පබදින්නට මෙවැනි කවින් යොමු වු අතර ඒවා බටහිර කවි ලෝලින්ට කදිමට රස විදිමට ද හැකිවිය.

Jack harouac ඉංග්‍රිසි හයිකු වෙන් කදිමට හරඹ පාමින් පාඨකයන් අතර ජනපුිය වූවෙකි. ඔහුගේ හයිකු කවි අතිශය ජනප්‍රිය වූ අතර, ඔහුගේ “Rain” හයිකුව කියවන විට මේ දැක්වු බටහිර හයිකුවේ සියලු සාධක මැනවින් අපට හමුවේ.

බටහිර හයිකු කවි ඇතැම්විට කෙටි පනිවිඩ වැනි යැයි කියවේ. එනම් එකල භාවිත කල telegram ශෛලියට ලියවුන බව ට ඇතැමුන් අදහස් දක්වති. ඒ හයිකු කවිය යමක් ඉතා කෙටියෙන් අදහස් දැක්වීම නිසාමය.
එහෙත් මෙවායින් ලැබෙන ආශ්වාදය මිහිරිය. නොසිතන ආකාරයේ යම් අදහසක් සැමවිටම කවියෙන් කියවේ. එතෙක් පැවති බටහිර කාව්‍ය සම්ප්‍රදායෙන් මිදුනු හයිකු ශෛලිය ඇති කල වෙනස ජනප්‍රිය කලාව හා බැදෙන්නට ඉඩ හසර අැති කළ නිසා එය ජනප්‍රිය කලාව හා වැඩී යන්නට විය. Pop සහ හයිකු දෙකේ සම්මිශ්‍රනය නිසා poiku නමින් එය හදුන්වන්නට ද පටන් ගැනිනි. හයිකුවන් සරල රසවින්දනයක් නිබදව ලැබේ. කොයි දේශ සීමාන්තරයේ සිටියද එයින් ලැබෙන රසය කෙදිනකවත් නොඅඩුවන්නකි.

– ආශිර්දානි භාග්‍යා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *