ලොව සුන්දරම හරිත දේශයේ සිට ලියමි ( අංක 05 ) – ඉරූ කොස්ගොඩ

යුරෝපයට සරත් ඍතුව නිමා වී ගෙන යනවා. ස්වභාව ධර්මයාගේ චමත්කාරයේ ප්‍රතිඵලයක් ලෙස අයර්ලන්තයට මේ දිනවල කඩින් කඩ ශීත සුළං සහිත වර්ෂා කාලයක් උදා වෙලා. සියලුම තුරුලතා කොළ පැහැයෙන් තද කහ පැහැය සහ රතු පැහැ ගැන්විලා. මේක හරිම අපූරු චිත්‍රයක් වගේ.

සීතල දෙසැම්බර් මාසය ලංවෙන කොට මේ ගස් වල සියලුම කොල හැලිලා අතු රිකිලි පමණක් ඉතුරු වෙනවා. ඊට පස්සේ ශීත සෘතුව මාස හතරක් නිම වුණු පසුව නැවත ගහකොළ දළු මල් ඵල ගන්වමින් අලුතින් ජීවිතය ආරම්භ කරනවා. ඒක තමයි ස්වභාධර්මයාගේ විශිෂ්ට නිර්මාණය.

ඉතින් එන්න මාත් එක්ක අපි ගියවර නතර කරපු තැනින් පටන් ගෙන ඇවිදිමු.. අයර්ලන්තයේ සුන්දරවත්වය විදිගන්න.

මතකද ගිය වර කතා කළා white friar street වයිට්ෆුයර් විදියේ දෙවස්ථානයේ තොරුතුරු ඔව් අද ඒ දේවස්ථානයේ ඇතුලත පිහිටි තවත් මනරම් පින්තාරු වීදුරු ජනේල පිළිබඳව (Stained Glass Windows ) තමයි මේ කතාව. එහි නිමැවුම් අපි මෙහෙම පැහැදිලි කර ගමු.

Stained Glass Windows
පින්තාරු වීදුරු ජනේල

වයිට් ෆුයර් විදියේ දේවස්ථානයෙහි විවිධ ස්ථානවල ජනප්‍රියතාවය හේතුවෙන් (st.valentines & st Jude)බොහෝවිට නොසලකා හරින එක් අංගයක් වන්නේ පල්ලියේ ඇති විශාල පින්තාරු වීදුරු ජනේල එකතුවයි .

ඒවායින් සමහරක් වසර 140 ක ට ත් වඩා පැරණියි

මෙහි
1. කාම ලයිට් සාන්තුවරයන් (carmelite saints.

2. ශුද්ධ වූ පවුල (The Holy family )

3. අයිරිෂ් සාන්තුවරයන් (Irish saints)

4. නිර්මල පිලිසද ගැනීම
The Immaculate conception .

5. The Rosary windows යනාදී අතිශය අලංකාර සහ ඓතිහාසික වටිනාකමකින් යුතු පින්තාරු වීදුරු ඇතුළත් වෙයි

කාර්මලයිට් සාන්තුවරයයින් ප්‍රධාන වශයෙන් නව දෙනෙකි .

1. St. Terese of Avila – feast day- 15 October

2. St. Therese of Lisieux – feast day – 01 October

3. Saint Teresa benedicta of the cross-feast day 9 August

4. Saint Teresa of Jesus of Los Andes- feast day 13 July

5. Saint Elijah- feast day 20 July

6. Saint John of the cross priest & doctor of the universal church- feast day 14 December

7. Saint Simon Stock- feast day 16 May

8. Blessed Elizabeth of the Trinity – Memorial day 08 November

9.Blessed Mary of Jesus crucified – Memorial day 25 August

මෙහි තිබෙන The Immaculate conception නිර්මල පිළිසිදගැනීම සටහන් පින්තූරය වර්ෂ 1880දී පින්තාරු කරන ලද්දක් බවට මෙම දේවස්ථානයේ පොත්පත්වල සඳහන් වේ

The Holy family
ශුද්ධවූ පවුල (chid Jesus , The virgin Mary and St. Joseph )

බිළිඳු ජේසු තුමා , කන්‍යා මරිය තුමිය සහ ශාන්ත ජොසප් තුමා ගෙන් ශුද්ධවූ පවුල සමන්විත වෙ.

17 වන ශත වර්ෂයේ දි ශුද්ධවූ පවුලේ ගෞරවය විධිමත් ලෙස ආරම්භ කරන ලද්දෙ එවකට නව ප්‍රංශයේ සිටි පළමු කාදිනල් තුමා වන ෆන්සුවා දි ලවාල් (Bishop Francois de Laval) විසිනි .


Rosary windows -1930 දි අදින ලද චිත්‍රයකි.

the Pipe Organ of White friar Street church
වයිට් ෆුයර් විදීයේ දේවස්ථානයෙහි නළ ඕගනය

the Pipe Organ

1980 ගනන් වල මුල් භාගයේ දී එවකටව (whitefriar street church) හි ප්‍රධාන පුජක තුමා ලෙස කටයුතු කරන ලද කිුස්ටෝපර් කුුවුලි (Christopher Crowley) කාර්මලයිට් පුජාව(camelite community ) සමග සාකච්ඡා කර මෙම දේවස්ථානයේ නල ඔගනයක් (pipe organ ) ස්ථාපනය කිරිමට තීරණය කරන ලදි.

මෙ⁣ම දේවස්ථානය ඩබ්ලින් හි පිහිටි විශාලතම දේවස්ථාන වලින් එකක් වන අතර Pipe Organ 1983 දී ඉතා සුප්‍රසිද්ධ සිමීත කෙනත් ජොන් ඔගන් නිෂ්පාදකයින් ( Kenneth Jones Limited ) නිෂ්පාදනය කරනු ලැබු බවට මුලාශුුවල සදහන් වෙ.

මෙ⁣ම නල ඕගනය වර්තමානයේ දිද උසස් තත්වයෙන් යුක්ත වන අතර සියළු ම විශේෂ උත්සව අවස්ථාවලදී පළපුරැදු පුද්ගලයින් විසින් වාදනය කරනු ලබයි .

වර්තමානය වන විට මෙම උපකරණයෙ බොහෝ කොටස් අළුතින් එකතු කර ඇති නමුත් මෙහි නල පද්ධතිය (pipe work) දහ නව (19)වන ශතවර්ෂයේ සුප්‍රසිද්ධ අයර්ලන්ත ඕගන නිෂ්පාදක වරැන් වන ජෝන් වයිට් (John White) සහ විලියම් ටෙල්ෆොර්ඩ් ( william Telford) දක්ෂතා මනවට විදහා දක්වයි.

එ වගේම මෙම දේවස්ථානය විසින් සිදු කරනු ලබන අනෙකුත් සේවාවන් නම්
1. Car parking
2.Funeral
3. Opens for public
4. Wedding
5.The church shop
6. Community coffee shop
7. Community centre

මෙයට අමතරව පුුදේශයේ අඩු ආදායම් ලාභි පවුල් සදහා සෑම දිනකම අත්‍යවශ්‍ය ආහාර පාන නොමිලේ බෙදා දීමද මෙම දේවස්ථානය මගින් විශේෂ කුුමවේදයකට යටත්ව සිදු කරනු ලබන සුවිශේෂී කිුුයාවකි.

ඉතිං නැවත අළුත් ගමනාන්තයකින් හමුවෙන තුරැ අදට සමු ගන්නම්.

මම

ඉරූ කොස්ගොඩ 

 

One thought on “ලොව සුන්දරම හරිත දේශයේ සිට ලියමි ( අංක 05 ) – ඉරූ කොස්ගොඩ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *