පලස්සො වැක්කියෝ -රෝමයට ලඟ පාර – 13 – පියුමි ජයකලණි ලියයි
පලස්සො වැක්කියෝ

මෙම ගොඩනැගිල්ල වර්ෂ 1299 දී ‘අර්නෝල්ෆො දි කාම්බියෝ’ විසින් ඉදි කරන ලදී. මෙහි තිබූ පළමු බලකොටුව ‘මෙඩිචි’ පරම්පරාව යටතේ සුඛෝපභෝගී වාසස්ථාන ඇතුළත් කර වෙනස් මුහුණුවරකට පරිවර්තනය කළ ‘අර්නෝල්ෆො’ මෙහි පෞරාණික ‘ජම්බෙල්ලීනි’ කුළුණ ද ගොඩ නැගුවේය. දහසය වැනි ශතවර්ෂයේ ‘මෙඩිචි’ පරම්පරාවෙන් පැවත එන ‘කෝසිමෝ’ නම් වංශාධිපති වරයාගේ අනුග්‍රහයෙන් නව වාසස්ථාන ඇතුළත් ‘පලස්සො පිත්ති’ හෙවත් ‘පලස්සො නුවෝවො (New palace) කරවන ලදී.
එබැවින් “පලස්සො ප්රියෝරි,පලස්සො දෙල් පෝපොලෝ, පලස්සො දුකාලෙ” යන නම් වලින් හැඳින්වෙන ඉහත ගොඩනැගිල්ල ‘පලස්සො වැක්කියො’ (old palace) බවට පත් විය.
මෙහි පළමු පෙනුම දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කරන රළු බවක් පෙන්නුම් කරන ලදී. මෙය විශිෂ්ට ‘ෆියොරෙන්තීය’ ගෘහ නිර්මාණ ශිල්පය යොදා නිර්මාණය කර තිබූ නමුදු අක්‍රමවත් හා අසමමිතික බවක් ද දිස්වේ. මෙහි ප්‍රධාන දොරටුව මාලිගය මධ්‍යස්ථය ට නොවීමත් එක් පැතිකඩක ජනෙල් කවුළු දෙක බැගින් හා අනෙක් පැතිකඩෙහි ජනෙල් කවුළු තුන බැගින් වීම මෙම අසමමිතික බවේ ලක්ෂණ වේ.
මෙහි බිමට අල්ලා ඇති කිරිගරුඬ පතුරු ඉතා ලා පැහැ ගැනීම ද ජනෙල් කවුළු ස්වාභාවික ආකාරයට සිරස් අතට පොළු යොදා සකසා තිබීමද 18 වන ශතවර්ෂයේදී සාදන ලද වහල ද ඉහත යුගවලදී ඇල්ලූ ඉපැරැණි ගල් තවමත් ප්‍රතිසංස්කරණය කරමින් තබා ගැනීමද නිසා අද වන විට මෙම ගොඩනැගිල්ලට ඉතාම අලංකාර හා රාජකීය භාවයක් එක් වී ඇත. එමෙන්ම මෙහි ඇති අගනා ‘ජම්බෙල්ලීනි’ කුළුණ ‘ෆිරෙන්සෙ’ නගරයේ හාත්පස ට ඉතාමත් ගාම්භීර ලෙස දර්ශනය වේ.
විවිධ යුගවල සිට බොහෝ දක්ෂ කලාකරුවන් විසින් කළ නිර්මාණ රැසක් ‘පලස්සො වැක්කියො’ හි අදට ද දක්නට ඇත. ‘ කෝසිමෝ මෙඩිචි’ ගේ අදහස පරිදි ‘මිකෙලොස්සො’ විසින් වර්ෂ 1453 දී මෙහි ප්‍රධාන දොරටුව නිර්මාණය කරන ලදී. වර්ෂ 1565 දී ‘1 කෝසිමෝ’ ගේ පුත් ‘1ෆ්රන්චේස්කො දෙ මෙඩිචි’ , පාලකයෙකු වූ ‘2 මස්සිමිලියානො’ ගේ සහෝදරිය වන ‘ජොවාන්නා අවුස්ත්රියා’ සමග විවාහ වීමේ උත්සවය සඳහා මෙය ප්‍රබෝධමත් අන්දමින් සරසා නිර්මාණය කරන ලදී. මේ සඳහා නිර්මාණ කටයුතු කරන ලද්දේ ‘ජෝර්ජො වාසරි’ ය.
16 ශතවර්ෂයේදී ‘වැරොක්කියො’ විසින් නිර්මාණය කරන ලද දේවදූත ප්‍රතිමාව සහිත වතුර මල මෙතුළ මධ්‍යස්ථය ට වන්නට ඇත. (මෙතුල ඇති මෙම ප්‍රතිමාව “Winged putto” හි මුල් ප්‍රතිමා ආකෘතිය වේ.) මෙම වතුර මල අවට ඇති තීරු සහිත කණු ‘stucco work’ යන නිර්මාණ ශෛලිය ගෙන අලංකාරවත් ලෙස නිර්මාණය කර ඇත්තේද බිත්ති නිර්මාණයන්හි වර්ණාලේපිත කරන ලද්දේ ද ‘ කෝසිමෝ’ ගේ පුත් ‘ෆ්රන්චේස්කො’ හා ඔහුගේ බිරිඳ වන ‘ ජොවාන්නි අවුස්ත්රියා’ ගේ දැක්ම අනුව ය.
මෙහි දෙවැනි මහලේ ඇති “සාලා චින්කුවෙ චෙන්තො හෙවත් Great hall of the five hundred”, ‘පලස්සො වැක්කියො’ හි හදවත කීවොත් නිවැරදිය. මෙම ‘සාලා චින්කුවෙ චෙන්තො’ ඉදිකරන ලද්දේ ‘ෆියොරෙන්තීය’ මහා පාලක සභාවේ රාජ්‍ය නීති අඩංගු රැස්වීම් පැවැත්වීම සඳහාය. මෙහි ඉදිකිරීම් වර්ෂ 1494 – 1496 අතර කාලය තුළ සම්පූර්ණ කර ඇත. ‘කෝසිමෝ’ නම් ප්‍රධාන වංශාධිපති වරයා ‘මෙඩිචි’ පරම්පරාවෙහි බලපරාක්‍රමය ප්‍රේක්ෂකයන්ට පෙන්වීම උදෙසා මෙම ශාලාවෙහි අලංකාර නිර්මාණ කරවන ලදී. ශාලාව දෙපසට වන්නට ඇති බිතුසිතුවම් දෙකක් වන, “ලෙයොනාර්දො දාවිංචි” ගේ “BATTLE OF ANGHIARI” හා ” මයිකල් ආන්ජලෝ” ගේ ” “BATTLE OF CASEINA” යන සිතුවම් ‘මෙඩිචි’ පරම්පරාවේ සදාකාලික ජීවමාන සිතුවම් වශයෙන් හැඳින්විය හැක. මෙම ‘සාලා චින්කුවෙ චෙන්තො’ හි දිග 54m ද පළල 23m ද උස 18m ද වේ. මෙය ඉතාලිය තුළ වූ නාගරික බල ප්‍රදේශයක ඇති විශාලතම ශාලාව වේ. එමෙන්ම ඉතාමත් කලාත්මක හා ඓතිහාසික වටිනාකමක් ඇති ශාලාවකි. වර්ෂ 1865 සිට 1870 දක්වා ‘ෆිරෙන්සෙ’ නගරය ඉතාලියේ අගනගරය වී තිබුණි. එම කාලයේ දී මෙම ශාලාව රාජ්‍ය සභා මණ්ඩල නියෝජනය කරන ස්ථානයක් විය.
විවිධ වූ අදහස් වලින් පිරිපුන් ‘ කෝසිමෝ මෙඩිචි’ ගේ පුත් ‘ෆ්රන්චේස්කො’ තම පියාගේ දේශපාලන හා හමුදාමය දැක්මට අකමැති විය. ඔහු මෙම ශාලාව හුදෙකලා හා නව නිර්මාණ වලින් පිරිපුන් කරන ලදී.
මෙම ගොඩනැගිල්ලේ දෙවන මහලෙහි ශ්‍රේෂ්ඨ ගණයේ නිර්මාණ හා ඉතාමත් විශාල කුටි ඇත. මෙහි ඇති වැදගත්ම නිර්මාණ වන
* QUARTERS OF THE ELEMENTS
* ROOM OF CYBELE
* ROOM OF THE SABINES
යන කුටිවල කරන ලද නිර්මාණ, ‘වාසරි සහ බ්රොන්සීනො’ යන අය විසින් තෙත බදාමයයන්හි අඳින ලද විවිධ වූ බිතු සිතුවම්ය. නමුදු,
* ELEONORA’S BED ROOM
* ROOM OF JUSTICE
* THE OLD CHANCELLERY
* THE WARDROBE ROOM
හි නිර්මාණ කරන ලද්දේ කවුරුන් දැයි අවිනිශ්චිතය.

ගින්නෙන් පිච්චී මරණයට පත් වූ ‘සවනරෝලා’ නම් පූජකවරයා මෙම ස්ථානයෙහි ජීවමානව සිටිනවා යැයි විශ්වාසයක් වේ. මෙහි සීලිම පිරිසුදු රත්තරනින් ස්වර්ණාලේපිත කරන ලද්දේ ‘බෙනෙදෙත්තො දා මයියානො’ විසිනි. මෙහි ඇති තෙත බදාමයන්හි කරන ලද බිතුසිතුවම් ඉතාමත් සාම්ප්‍රදායික අයුරින් නිර්මාණය කරන ලද්දේ ‘ ෆ්රන්චේස්කො සල්වියාති’ ය. “THE WARDROBE ROOM හෙවත් ලා කබීනා අර්මාදියෝ” නම් කුටියට “ROOM OF MAP හෙවත් සාලා දෙල්ලා මාප්පෙ” යනුවෙන් ද හඳුන්වනු ලබයි. මක්නිසාද යත් ‘ෆියොරෙන්තීය’ ප්‍රවීණ තාරකා විද්‍යාඥයකු වන ‘ඉග්නාසියො දාන්ති’ විසින් ඉතා අගනා භූගෝලීය සිතියම් 53 අලංකාර අන්දමින් වර්ණාලේපිත කර ඇති බැවිනි. මෙහි මැද අති විශාලතම ගෝලාකාර කොටස ඉදි කරන ලද්දේ වර්ෂ 1565 දී ය.

WHOLE OF TWO HUNDRED, HALL OF EIGHT, RED HALL යන ශාලාවන් රාජ්‍යමය වශයෙන් ඉතාමත් වැදගත් ශාලාවන් වේ. අද වන විට මෙයින් “RED HALL හෙවත් සාලා රෝස්සා” හි විවාහ ගිවිස ගැනීමේ කටයුතු හා පුරවැසිභාවය සඳහා දිවුරුම් දීම වැනි කටයුතු සිදුකරනු ලබයි. මෙම ශාලාව බිත්ති වල සිට ආසන දක්වාම රතුපැහැති බැවින් මෙය “සාලා රෝස්සා හෙවත් RED HALL යනුවෙන් හඳුන්වනු ලබයි.
එමෙන්ම වර්ෂ (1457 – 1464) ‘දොනතෙල්ලො’ විසින් කරන ලද ලෝකඩ ප්‍රතිමාවක් වන “GUDITH KILLING HOLOFERNES” ප්රතිමාවෙහි මූලික ආකෘතිය ‘පලස්සො වැක්කියො’ තුළ ඇත.
‘මයික් ආන්ජෙලෝ’ ගේ “දාවිද්” ප්‍රතිමාවේ මූලික ආකෘති තුනෙන් එකක් ද මෙහි ඉදිරි පසට වන්නට ඇත. ( ‘දාවිද්’ ප්‍රතිමාවේ අනෙකුත් මූලික ආකෘතිය )