ලංකා හමුදාවෙන් ඩ්‍රෝන රෙජිමේන්තුවක්

ශ්‍රී ලංකා යුද හමුදා ඉතිහාසයේ පළමු වරට නියමුවන් රහිත ගුවන් යානා රෙජිමේන්තුවක් (ඩ්‍රෝන) ස්ථාපනය කිරීමට පියවර ගෙන තිබේ.

නියමුවන් රහිත ගුවන් යානා රෙජිමේන්තුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) ශ්‍රී ජයවර්ධනපුර යුද හමුදා මූලස්ථානයේ දී ස්ථාපිත කෙරුණු අතර, එය පහළොස්වන නියමුවන් රහිත ගුවන්යානා රෙජිමේන්තුව ලෙස හැඳින්වේ. මෙම රෙජිමේන්තුව මඟින් භූමියේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා පියවර ගැනෙන අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සහ නාවික හමුදාවට මෙමඟින් සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකා යුද හමුදාව සඳහන් කළේය. යුද්ධයක් අවසන් කළ රටක් වශයෙන් රට තුළ ඇතිවන ආපදා කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ඉදිරියේදී මාතෘභූමියේ ආරක්ෂාව වෙනුවෙන් මෙම රෙජිමේන්තුවේ සහය ලබා ගැනීමට හැකියාව ලැබෙන බව ද හෙතෙම සඳහන් කරයි. යුද හමුදාව සෑම අතකින්ම ශක්තිමත් කළ යුතු බවත් එම කටයුතු මේ වන විට ආරම්භ කොට ඇති බවත් යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *