අගමැති මහින්ද රාජපක්ෂට 75 යි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ 75 වන ජන්ම දිනය අද දින යෙදී තිබෙනවා. 1945 නොවැම්බර් 18 වන දින මෙලොව ඉපදුණු මහින්ද රාජපක්ෂ මහතා මෙරට දේශපාලනය ඉතිහාසය උඩු යටිකුරු කරමින් උදාර මහෙවරක් රට වෙනුවෙන් ඉටුකළ නායකයෙකි.30 අවුරුදු කුරුරූ යුද්ධය සිය පාලන සමයේදී තුරන් කර රට ත්‍රස්තවාදයෙන් මුදවාගත් රාජ්‍ය නායකයා ලෙස ඉතිහාස ගතවන ඔහු 1970 මහ මැතිවරණයෙන් බෙලිඅත්ත ආසනය ජය ගනිමින් පළමුවරට පාර්ලිමේන්තුවට පිවිසි ළාබාලතම මන්ත්‍රීවරයා ද වන්නේ ය.

පක්ෂ විපක්ෂ බේදයකින් තොරව ඔහුගේ ජන්ම දිනය වෙනුවෙන් මුහුණුපොත හරහා සුභපැතුම් දේශපාලඥයන් පවා එක් කර තිබෙනු දක්නට විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *