නීත්‍යාණුකූලව ගංජා වගාවට අවස්ථාව දෙමු – ඩයනා ගමගේ පාර්ලිමේන්තුවේදී කියයි

ලංකාවේ ආර්ථිකයේ බෝග විවිධාංගීකරණය යටතේ කංසා වගාව හෙවත් ගංජා වගාව නීත්‍යාණූකූලව වෛද්‍ය විද්‍යාත්මක අවශ්‍යතා සදහා වගා කොට අපනයනය කිරිම සදහා රාජ්‍ය මැදිහත්වීමක් සිදු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ අද (20) අය වැය දෙවන වර කියවීමේ විවාදයට එක් වෙමින් සදහන් කොට සිටියාය.
ඇය වැඩිදුරටත් සදහන් කොට සිටියේ .ලංකාව ඝර්ම කලාපීය රටක් වීම විසින් බොහෝ ඖෂධ වගාවන් නිසි පරිදි කොට ඒවා අපනයනයෙන් දේශීය ආර්ථිකය හා විදේශ විනිමය උපයා ගැනීමේ හැකියාවක් පවතී .
ඒ අතර ලංකාවේ මේ වන විට නීති විරෝධී තත්වයේ පවතින එහෙත් ඖෂධයක් ලෙස නීත්‍යාණුකූල බවක් සහිත කංසා හෙවත් ගංජා වගාව ඖෂධීය අපනයන වගාවක් ලෙස රාජ්‍ය මැදිහත්වීමකින් ශක්තිමත් කොට විදෙස් විනිමය උපයා ගැනීම සදහා වන මැදිහත්වීමක් සිදු කිරීමට යෝජනා කරන අතරම එක හෙළාම එය රාජ්‍ය මැදිහත්වීමක් හා වෛද්‍ය විද්‍යාත්මක භාවිතය සදහා අපනයන භාණ්ඩයක් ලෙස ආර්ථිකය ශක්තිමත් කිරීම සදහා වන යෝජනාවක් බව නැවත වරත් සභාව හමුවේ ප්‍රකාශ කර සිටිනවා.

රාජ්‍යයක් ලෙස අප ලෝක වෙළද පොළ වෙත මෙතෙක් අපනයනය කළ තේ පොල් රබර් වැනි ප්‍රධාන ආර්ථික භෝගයන් අතරට ඖෂධ වගාවන් එකතු කර ගැනීම වෙනත් ලෝකයේ රාජ්‍යයන් සමග සැසදීමේදී අවම අපනයනයක් වාර්තා කර සිටිනවා.
ලෝකයේ වෙනත් රාජ්‍යයන්හි නීත්‍යාණුකූල කංසා අපනයනයේ ලබන ආදායම අති විශාල එකක් වෙනවා.

යුරෝපියානු ආයෝජන බැංකුව අනුව ගෝලීය කංසා වෙළෙඳපොළ ඊළඟ දශකයේ දී 1000% කින් ඉහළ යන බවත් 2027 දී ඩොලර් බිලියන 140 ක්‌ බවත් පුරෝකථනය කර තිබේ. ඉන් ඩොලර් බිලියන 57 ක්‌ නීත්‍යනුකූල කංසා වලින් ලැබෙන බවත් ඉන් වැඩි කොටස උතුරු ඇමෙරිකාව හා යුරෝපයෙන් සැපයෙන බවත් සඳහන් ය. උතුරු ඇමෙරිකාවේ 2017 දී ඩොලර් බිලියන 9.2 ක්‌ වූ නීත්‍යනුකූල කංසා වෙළෙඳාම 2021 දී බිලියන 20.1 ක්‌ ද 2027 දී බිලියන 47.3 ක්‌ ද වනු ඇත. 2018 දී දකුණු අමෙරිකාවේ වෛද්‍යමය කංසා භාවිතය ඩොලර් මිලියන 125 ක්‌ වනු ඇති බවත් එය 2027 දී මිලියන 776 ක්‌ බවත් ගණන් බලා තිබේ. ඔස්‌ට්‍රේලියාවේ 2018 දී අපේක්‌ෂිත නීත්‍යනුකුල කංසා වගාව ඩොලර් මිලියන 52 ක්‌ ලෙසත් එය 2027 දී බිලියන 1.2 ක්‌ වන බවත් පෙන්වා දී තිබේ. ඕස්‌ටේ්‍රලියාව සැලසුම් කරන්නේ සිඩ්නි සරසවියේ වාර්තා අනුව ඔස්‌ට්‍රේලියාවේ නීත්‍යනුකූල කංසා කර්මාන්තය ඩොලර් මිලියන 78 ක්‌ වන අතර කැනඩාවේ එය බිලියන 3.19 කි. ලෝකයේ නීත්‍යනුකූල කංසා වෙළෙඳාමේ සිව් වැනි ස්‌ථානය ලබා ගැනීමට හා ගෝලීය වෙළෙඳපොළ තුළ සැලකිය යුතු කොටසක්‌ අත්පත් කරගැනීමටයි .
මේ අනුව ලෝකයේ මෙම වගාව නිසි පරිදි සිදු කොට ආර්ථිකය ශක්තිමත් කරනු ලබන අතර එය ලංකාව තුළද නිසි වැඩපිලිවෙලක් සහ ආරක්ෂිත වැඩපිළිවෙලක් සහිතව සිදු කරන්නේ නම් දළ දේශීය නිෂ්පාදනයට මෙහි එකතුවක් ද සිදුවීම අනිවාර්යයක් බව පැවසිය යුතුයි. යන්නයි .

ඩයනා ගමගේ මන්ත්‍රීවරිය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සම්පූර්ණ කතාව මාධ්‍ය වෙත නිකුත් කොට ඇති අතර එය පහතින් දැක්වේ .

2021 අය වැය යෝජනාවලිය රටක ජනතාවක් ලෙස ආර්ථික හා සාමාජීය සංවර්ධනයක් උදෙසා ගුණාත්මක පැතිකඩක් බව පෙන්වා දීමට මේ ගරු සභාවේ අවසර පතනවා.

ගරු කතානායක තුමනි

ලෝක පරිමාණයෙන් ලෝකයේම ජනතාව මහත් ව්‍යසනයකට මුහුණ පා ඇති  තත්වයක් තුළ රටක් ලෙස ශ්‍රී ලාංකික  ජනතාවගේ ජීවිතයේ සුරක්ෂිත තාවත් සෞභාග්‍යමත් දේශයක නිවහල් පුරවැසියන් ලෙස අත්පත් කර ගත යුතු ආර්ථික ගොඩ නැගීමත් සදහා වූ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යෙය්  ප්‍රතිපත්ති රාමුව තුළ ඉදිරිපත් කළ 2021 අය – වැය යෝජනාවන් ඉවහල් වන බව මූලිකව මේ සභාව හමුවේ ස්ථිර කොට සිටිමි.

පෞඪ ඉතිහාසයකට උරුමකන් කියන ජනතාවක් වෙසෙන ශ්‍රී ලාංකේය භූමිය තුළ අප සැමගේ පැතුම නිවහල් සෞභාග්‍යමත් මිනිස් ජීවන වටපිටාවක් ගොඩ නගා ගැනීමයි. ඒ සදහා මුඛ්‍යතම සම්පත වන්නේ මිනිස් හැකියාවන් සතු අගයන් රටක ආර්ථික සුරක්ෂිතතාව සදහා කොතරම් දායක කර ගන්නේද යන්න පිළිබද කිරා මැන බැලීමයි.

අප සැවොම පිළිගන්නා කාරණය වන්නේ මේ රට කෘෂිකර්මාන්තයෙන් ලෝකයේ වෙනත් රාජ්‍යයන් සමග සංසන්ධනය කර බලන විට ඉහල ස්වයංපෝෂිත ජීවන තත්වයක් අත්පත් කර ගත හැකි වගා ක්‍රමයන්ගෙන් පොහොසත් ඒ සදහා වන පාරිසරික හා භූගෝලීය තත්වයන් සපුරා ඇති රාජ්‍යයක් බවයි. කන්න දෙකකින් සරු වන වී අස්වැන්න මෙන්ම හේන් ගොවිතැන හා නිෂ්චිත විදිමත් වගා ක්‍රමයන් මගින් අනෙකුත් බෝග වර්ගයන් මගින් එදා වේල සරිකර ගැනීමට මෙන්ම අතිරික්තය අපනයනය දක්වා වර්ධනය කළ හා කළ හැකි කෘෂිකර්මාන්තයක් අප සතු වීම මොන තරම් භාග්‍යයක්ද ?

ගරු කතා නායක තුමනි.

මෙවැනි තත්වයක් තුළ කෘෂිකර්මාන්තය සදහා දක්වන රාජ්‍ය මැදිහත්වීම පසුගිය කාලයට අදාළව අතිශය ශෝක ජනක වන්නේම , අපේ ගොවියා ණය ගෙවා ගැනීමට නොහැකිව පොහොර ටික වගාවට යෙදීමට නොහැකිව වස පානය කොට මියෑදෙන තරම් අන්ත අසරණ තත්වයකට මේ කෘෂිකර්මාන්තය ඇද දැමීමේ අභාග්‍ය සම්පන්න තත්වයයි.

2015 ට පෙර ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ගොවීන් සදහා නිකුත් කළ පොහොර සහනාධාරය යහපාලනය නමින් මහා උජාරුවෙන් කර පින්නාගෙන සිටි රජය විසින් කපා දමා ගොවියාට යන එන මං නැති කළ තත්වයක් අපට මතකය. දේශීය ගොවියා එසේ වළ පල්ලට ඇඳ දමා පිට රටින් මුං ටික, කවුපි ටික පමණක් නොව ගම් මිරිස් ඇටයෙන් පවා අධික කොමිස් මුදල් ගසා කමින් ගොවීන් හා දේශීය යැපුම් ආර්ථිකය වළ පල්ලට යැවීමට ක්‍රියා කළ අයුරු ජනතාවට මතකය.  මෙවර මේ පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කළ අය වැයෙන් ගොවීන්ට නැවත ජීවිතය ලබා දීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ගරු ජනාධිපති තුමාට අගමැති තුමාට මුළු මහත් ජනතාවගේ ගෞරවය හිමි විය යුතුයි. මෙවර අය වැයෙන්  වී පොහොර නොමිලේ ලබා දීමටත් අනෙකුත් පොහොර කිලෝ ග්‍රෑම් 50ක් සදහා 1500ක සහන මිලක් සහතික කිරීමත් රටේ ගොවියාගේ සතුටට කරුණක් ලෙස සදහන් කළ යුතුමයි.

මේ අතරම අය වැය යෝජනාවලියට මෙන්ම මේ ගරු සභාවේ අවධානය සදහා මා ලංකාවේ අපනයන භෝග විවිධාංගීකරණ ක්‍රියාවලියක් මත විවිධ භෝග මෙන්ම ඖෂධීය වගාවන් අපනයනය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට කැමතියි.. ලංකාව ඝර්ම කලාපීය රටක් වීම විසින් බොහෝ ඖෂධ වගාවන් නිසි පරිදි කොට ඒවා අපනයනයෙන් දේශීය ආර්ථිකය හා විදේශ විනිමය උපයා ගැනීමේ හැකියාවක් පවතී .
ඒ අතර ලංකාවේ මේ වන විට නීති විරෝධී තත්වයේ පවතින එහෙත් ඖෂධයක් ලෙස නීත්‍යාණුකූල බවක් සහිත කංසා හෙවත් ගංජා වගාව ඖෂධීය අපනයන වගාවක් ලෙස රාජ්‍ය මැදිහත්වීමකින් ශක්තිමත් කොට විදෙස් විනිමය උපයා ගැනීම සදහා වන මැදිහත්වීමක් සිදු කිරීමට යෝජනා කරන අතරම එක හෙළාම එය රාජ්‍ය මැදිහත්වීමක් හා වෛද්‍ය විද්‍යාත්මක භාවිතය සදහා අපනයන භාණ්ඩයක් ලෙස ආර්ථිකය ශක්තිමත් කිරීම සදහා වන යෝජනාවක් බව නැවත වරත් සභාව හමුවේ ප්‍රකාශ කර සිටිනවා.

රාජ්‍යයක් ලෙස අප ලෝක වෙළද පොළ වෙත මෙතෙක් අපනයනය කළ තේ පොල්  රබර් වැනි ප්‍රධාන ආර්ථික භෝගයන් අතරට ඖෂධ වගාවන් එකතු  කර ගැනීම වෙනත් ලෝකයේ රාජ්‍යයන් සමග සැසදීමේදී අවම අපනයනයක් වාර්තා කර සිටිනවා.
ලෝකයේ වෙනත් රාජ්‍යයන්හි නීත්‍යාණුකූල කංසා අපනයනයේ ලබන ආදායම අති විශාල එකක් වෙනවා.

යුරෝපියානු ආයෝජන බැංකුව අනුව ගෝලීය කංසා වෙළෙඳපොළ ඊළඟ දශකයේ දී 1000% කින් ඉහළ යන බවත් 2027 දී ඩොලර් බිලියන 140 ක්‌ බවත් පුරෝකථනය කර තිබේ. ඉන් ඩොලර් බිලියන 57 ක්‌ නීත්‍යනුකූල කංසා වලින් ලැබෙන බවත් ඉන් වැඩි කොටස උතුරු ඇමෙරිකාව හා යුරෝපයෙන් සැපයෙන බවත් සඳහන් ය. උතුරු ඇමෙරිකාවේ 2017 දී ඩොලර් බිලියන 9.2 ක්‌ වූ නීත්‍යනුකූල කංසා වෙළෙඳාම 2021 දී බිලියන 20.1 ක්‌ ද 2027 දී බිලියන 47.3 ක්‌ ද වනු ඇත. 2018 දී දකුණු අමෙරිකාවේ වෛද්‍යමය කංසා භාවිතය ඩොලර් මිලියන 125 ක්‌ වනු ඇති බවත් එය 2027 දී මිලියන 776 ක්‌ බවත් ගණන් බලා තිබේ. ඔස්‌ට්‍රේලියාවේ  2018 දී අපේක්‌ෂිත නීත්‍යනුකුල කංසා වගාව ඩොලර් මිලියන 52 ක්‌ ලෙසත් එය 2027 දී බිලියන 1.2 ක්‌ වන බවත් පෙන්වා දී තිබේ. ඕස්‌ටේ්‍රලියාව සැලසුම් කරන්නේ සිඩ්නි සරසවියේ වාර්තා අනුව ඔස්‌ට්‍රේලියාවේ නීත්‍යනුකූල කංසා කර්මාන්තය ඩොලර් මිලියන 78 ක්‌ වන අතර කැනඩාවේ එය බිලියන 3.19 කි. ලෝකයේ නීත්‍යනුකූල කංසා වෙළෙඳාමේ සිව් වැනි ස්‌ථානය ලබා ගැනීමට හා ගෝලීය වෙළෙඳපොළ තුළ සැලකිය යුතු කොටසක්‌ අත්පත් කරගැනීමටයි .
මේ අනුව ලෝකයේ මෙම වගාව නිසි පරිදි සිදු කොට ආර්ථිකය ශක්තිමත් කරනු ලබන අතර එය ලංකාව තුළද නිසි වැඩපිලිවෙලක් සහ ආරක්ෂිත වැඩපිළිවෙලක් සහිතව සිදු කරන්නේ නම් දළ දේශීය නිෂ්පාදනයට මෙහි එකතුවක් ද සිදුවීම අනිවාර්යයක් බව පැවසිය යුතුයි

ගරු කතානායක තුමනි,

රටක භෞතික සම්පත් සේම මානව සම්පත් වෙත අදාළ රාජ්‍යය විසින් කවර නම් ප්‍රතිපත්ති අනුගමනය කරන්නේද යන්න මත ඒ රටේ ජීවත් වෙන පුරවැසියාගේ ආත්මාභිමානය හා සුරක්ෂිත තාවය වර්ධනය වීම අනිවාර්යක්. මෙහිලා කාන්තාව තම කුටුම්බය තුළ සේම විවිධ ක්ෂේත්‍ර ගතව  ඉටු කරන සේවාව අතිශය ප්‍රසංසනීයය. රාජ්‍ය සේවයේ වේවා පෞද්ගලික අංශයේ වේවා ඇය මවගේ කාර්යය භාර්ය සේම සේවකයෙකුගේ කාර්යය භාර්යත් ඉටු කිරීමට වරප්‍රසාද හිමිවිය යුතුමයි. මෙවර ඇය වැය යෝජනාවන්ගේ මා අතිශය සතුටට පත්වන යෝජනාවක් වන්නේ ගරු ජනාධිපති තුමා ඇතුළු ආණ්ඩුව විසින් කාන්තාවගේ විශ්‍රාම වයස් සීමාව සදහා පිරිමි වයස් සීමාවට සමාන කොට වසර 60 කදි විශ්‍රාම ගැන්වීම මගින් ඇයගේ ජීවිත සුරක්ෂිතතාවයන් තහවුරු කිරීමට ගෙන ඇති යෝජනාවයි.

එසේම මෙවර අය වැයේ සදහන් සුවිශේෂී යෝජනාවක් වන ළදරු හා ගැබිනි මව්වරන්ගේ පෝෂණ තත්වය නංවාලීම සදහා රුපියල් මිලියන 1500 ක මුදලක් වෙන් කොට තිබීම අතිශය වැදගත් කරුණක් ලෙස මා මේ සභාව හමුවේ ප්‍රකාශ කොට සිටීමට කැමතිය. ශ‍්‍රී ලාංකික ළමයින් තුන් දෙනෙකුගෙන් එක් අයෙක් සහ රට තුළ වෙසෙන වැඩිහිටියන් හතර දෙනෙකුගෙන් එක් අයෙක් යකඩ ඌනතාවයෙන් පෙළෙනවා. රක්තහීනතාවයෙන් පෙළෙන මව්වරුන් (ගර්භිණී මව්වරුන්ගෙන් 16%ක්) විසින් බිහිකරනු ලබන දරුවන් බොහෝවිට අඩු බරින් යුක්ත වනවා. එසේම  ළමා වියේ දී මිය යාමේ වඩා ඉහළ අවදානමකට මුහුණ දීමක් පසුගිය වර්ෂ ගණනාවක සිට මේ සමාජයේ මව්වරුන් මෙන්ම දරුවන් මුහුණ පෑ පෝෂණීය ගැටලුවක් මේ සදහා වු යෝජනාව අතිශය සුවිශේෂී වනවා.

ගරු කතානායක තුමනි,

ලංකාවේ පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසු හෝ අදාළ විභාග අසමත්වීමෙන් පසු රැකියාවක් නොමැතිව හෝ වැඩිදුර අධ්‍යාපනයක් නොමැතිව නිවාස තුළට කොටු වන විරැකියා සහිත දරුවන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරනවා. එය රටක් ලෙස අප මෙතෙක් මුහුණ දුන් අතිශය මානවීය ගැටළුවක් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ දැක්ම අනුව උපාධිධාරීන්ට රැකියා 50 000ක් ලබාදීම හා සාමාන්‍ය පෙළ අසමත් සිසුන් ලක්ෂයක් වෙත රැකියා අවස්ථා උදාකිරීම රටක ආර්ථිකයට මෙන්ම සමාජීය ගැටළු සදහාද අතිශය දූර දර්ශී තිරණයක් වෙනවා. මෙයට සමගාමීව තවත් බොහෝ පිරිසක් වෘත්තීය පුහුණුවක් නොමැති වීම හේතුවෙන් රැකියා විරහිතව පෙළෙනවා. මෙයින් එම පිරිස මුදවාගැනීමට අත්‍යවශ්‍ය කරුණක් වන්නේ වෘත්තීය අධ්‍යාපනය නංවාලීමයි ඒ නිසාම මෙවර ඇය වැයෙන් වෘත්තීය අධ්‍යාපනය සදහා බදවා ගන්නා සිසුන් ලක්ෂයකින් වැඩි කිරීම හා ඔවුන් සදහා රුපියල් 4000ක ශිෂ්‍යාධාරයක් පිිරි නැමීමට අතිශය වැදගත් කරුණක් වනවා.
පාලන බලයේ සිටි දේශපාලනඥයන් පුද්ගලයෙකුගේ උස හා මිටි කම් සලකා දේශපාලන රැකියා පත්වීම් ලබාදීම වෙනුවට අධ්‍යාපනයක් හා වෘත්තීය භාවයන්ට ගරුත්වය සලසන පරිදි මෙවැනි වැඩපිළිවෙලක් සදහා මෙවර අය වැයේ වටිනා ඉඩක් වෙන් කිරිම විශේෂත්වයක් ලෙස මා දකිනවා

ගරු කතානානයක තුමනි,

ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය සේවයෙහි නියැලෙන රාජ්‍ය සේවකයාට ආයතනික සංග්‍රහයෙන් පනවා ඇති විධි විධානයන්ට අනුව රාජ්‍ය සේවයෙන් තොරව වෙනත් රැකියාවක් කිරිම සදහා වන ඉඩ ප්‍රස්ථා ඇහිරීම හේතුවෙන් බොහෝ තලවල රාජ්‍ය සේවකයන් අතිශය දුෂ්කර ආර්ථික කොන්දේසි යටතේ තම රාජකාරී කටයුතු සිදු කිරීමට සිදුව තිබෙනවා. මේ නිසාම රාජ්‍ය සේවය නමට තනතුතරට පමණක් සීමා වුවත් ඉන් ලැබෙන ආර්ථිකමය තත්වයන් ජීවන තත්වයන් සපුරාලීමට නොහැකිවීම පිළිබද මෙවර අය වැය යෝජනාවලිය තුළින් අවධානය යොමු කොට තිබීම අතිශය වැදගත් කරුණක් ඒ අනුව මාණ්ඩලික නොවන රාජ්‍ය සේවකයන් සදහා රැකියා වෙලාවෙන් පසුව වෙනත් රැකියාවක නිතර වීම සදහා ඉඩ සලසාදීම පෙර කී ආර්ථික දුෂ්කර තාවයෙන් ඔවුන් මුදා ගැනීමට සිදුකළ මහගු යෝජනාවක් ලෙස මා දකිනවා එසේම මේ සභාවේ හා කැබිනට් මණ්ඩයේ අවධානය යොමු විය යුතු කරුණක් මෙහිලා සදහන් කිරීමට කැමතියි.  මෙම යෝජනාවට සමගාමීව ඔවුන්ට ආයතනික සංග්‍රහයෙන් පනතක් ලෙස සම්මත කොට ඇති  රාජකාරීමය අත්දැකිම් මත වෙනත් ආයතනයකින් උපයන මුදලින් කොටසක් රාජ්‍ය පරිපාලන ලේකම්වරයාගේ  තීරණය අනුව ඒකාබද්ධ අරමුදලට බැර කළ යුතුය යන කරුණු සශෝධනය කිරීමට පියවර ගන්නේ නම් අදාළ යෝජනාවේ සාර්ථකත්වය අදාළ සේවකයාට නියමිත පරිදි ලැබිමට ඉවහල් වනු ඇති .

ගරු කතානායක තුමනි.

ශ්‍රී ලංකාව මේ වන විටත් ගෝලීය තරගකාරිත්වය ඉදිරියේ පසුබැස තිබෙන රටක් ලෙස හදුන්වා දීමට හැකියි . 2016/17 ගෝලීය තරගකාරිත්වය දර්ශකයට අනුව රටවල් 138 කින් ශ්‍රී ලංකාව 71 වැනි තැනට ශ්‍රේණිගත කර තිබේ. 2015/16 දර්ශකයට සාපේක්ෂව එය ස්ථාන 3 ක පහත වැටීමකි. ශ්‍රී ලංකාව අපේක්ෂා කරන ආර්ථික විවිධාංගිකරණ මට්ටමට ළඟා වීමට හා ඉහළ මැදි ආදායම් රටක් ලෙස ලෝකයා ඉදිරියේ කැපී පෙනෙන රටක් වීමට නම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සෞභාග්‍යෙය් දැක්ම තුළ ඉදිරිපත් වූ මෙවර අය වැය තුළින් ආර්ථික හා සාමාජීය තත්වයන් මුදුන් පමුණුවා ගැනීම සදහා ජාතියක් ලෙස එක්ව කටයුතු කළ යුතු බව  මේ සභාව හමුවේ තබමින් මගේ කතාව අවසන් කිරීමට කැමතියි .

ඩයනා ගමගේ
පාර්ලිමේන්තු මන්ත්‍රී.
2021 . 11. 20

Leave a Reply

Your email address will not be published. Required fields are marked *