වසංගතය මඩින එන්නත් කරලියට – තරණය – හසිනි දෙනිපිටිය

චීනයේ වූහාන් ප්‍රාන්තයෙන් ඇරඹී වසරකට ආසන්න කාලයක් තුළ ලෝකය පුරා ම පැතිරී විසිරී ගොස් ලක්ෂ ගණනින් මිනිස් ජිවිත බිලිගත් කෝවිඩ්-19 වසංගතයට එරෙහිව එන්නතක් සොයා ගැනීමට අමෙරිකානු ආයතන කිහිපයක් මේ වන විට සමත් වී තිබේ. අමෙරිකාවේ Pfizer සමාගම සහ එහි හවුල්කාර සමාගම් වන BioNTech සමාගම් 90% ට වඩා ප්‍රතිඵලදායී එන්නතක් සොයාගෙන තිබේ. මේ වනවිට ලෝකයේ ම අවධානය දිනා ගනිමින් සිටින මෙම එන්නත දෙසැම්බර් 11 වන දින පමණ පළමුවෙන් ම කෝවිඩ්-19 අසාධිත අමෙරිකානුවන් පිරිසකට එන්නත් කිරීමට බලාපොරොත්තු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මීට අමතරව 95% ට වඩා සාර්ථකත්වයක් පෙන්වා ඇති Moderna සමාගම නිෂ්පාදනය කළ තවත් කෝවිඩ්-19 වෛරසයට එරෙහි එන්නතක් ද මේ වනවිට අමෙරිකාව සොයා ගෙන තිබේ.The Exciting Journey from Flu Virus to Vaccine- Surveillance activities –  IFPMA

කෙසේනමුත් Pfizer සමාගම නිෂ්පාදිත කෝවිඩ්-19 එන්නත සඳහා අවසර ලබා ගැනීමට දැනටමත් කටයුතු සූදානම් කර ඇත. ඒ අනුව දෙසැම්බර් 10 පමණ වනවිට එන්නත අනුමත කිරීමේ සාකච්ඡා සිදු විය හැකිය. ඒ අමෙරිකානු ආහාර හා ඖෂධ ආයතනයේ එන්නත් උපදේශක කමිටු සාමාජිකයින් සමඟයි.Moderna and Pfizer's Covid-19 vaccines add more encouraging data | Business  | Chemistry World

එක්සත් ජනපදයේ කෝවිඩ්-19 වෛරස් වැළැක්වීමේ වැඩසටහනේ ප්‍රධාන වෛද්‍ය ස්ලූයි පවසන්නේ එන්නත අනුමත වී පැය 24 ඇතුළත එය බේදා හැරීමේ කටයුතු සිදු කළ හැකි බවත්, අනුමැතිය ලැබී දෙවන දිනය වනවිට කෝවිඩ්-19 වෛරසය ආසාදිතයින්ට එන්නත ලබා දීමට හැකි බවත් ඔහු පවසයි. මෙම එන්නත පළමුවෙන් ම සෞඛ්‍ය අංශයේ සේවකයන්ට, අවදානම් පාර්ශවයන්ට හා වැඩිහිටියන්ට ලබා දීමට අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් පවසා සිටියි.

වසර අවසානය වනවිට එන්නත් මාත්‍රා මිලියන 50 ක් නිෂ්පාදනය කිරීමට Pfizer සමාගම බලාපොරොත්තු වේ. එසේම Moderna සමාගම එන්නත සඳහා ද අනුමැතිය ලබා ගැනීමට ඉදිරි සතිවල දී එම සමාගම ද කටයුතු කරන බව ඔවුන් පවසයි.

ලොව පුරා ම කෝවිඩ්-19 වසංගතයෙන් පීඩා විඳින රටවල් සියල්ලට ම පාහේ මෙය මහත් සහනයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *