මං ගේම අතහැරියේ නෑ මචං – Y වර්ණ – නිරොක්ෂි ජෑන්ස් ලියයි

ලංකාවේ මිනිස්සු කවදාවත් තව එක්කෙක්ට ඉස්සරහට යන්න අත හිත දෙන්නේ නැ. පුළුවන් තරම් අපහාස කරලා, විවේචනය කරලා, හිතින් මනසින් වට්ටලා කකුලෙන්ම ඇදලා අම්බානෙට හිනා වෙනවා.

ඒක තමයි ලංකාවේ කුහක මිනිසුන්ගේ ගතිය. ඒක ගැන කොයි තරම් කවිකතා ලිව්වත් හැදෙන උන් ලංකාවේ ඇතුලේ නැ. බණ කියපු තරම⁣ට රට හැදුනා නම් මේක බුදුන් තෙවරක් වැඩිය ධර්මදීපයක් කියලා වචනෙට පමණක් සීමා වෙන්නෙත් නැ.

ඒක තමයි ඇත්ත.
නමුත් දවසින් දවස සිද්ද වෙන්නේ එකම දෙයක් විතරයි. කවුරැ හරි මනුස්සයෙක් මාර කට්⁣ටක් කාලා නමක් හදා ගත්තාම, ඒ නම ඇතුලේ පුංචි හරි වැරැද්දක් වුනාම කියන්න පුළුවන් සේරම දේවල් කියන උන්, හොයලා බලන්නේ නෑ ඒ මනුස්සයා කොයි තරම් දේවල් සමාජෙට කරලා තියෙනවා කියලා.

පුළුවන් විදියට උදව් කරලා තියෙනවා නේද කියලා. ඒවා දැන ගත්තත්, එක වැරැද්දක් වුන ගමන් ඒ වැරැද්ද පතුරැ ගහන්න සමාජ මාධ්‍ය පවා එකතු වෙලා හිටියත් ඒ කරපු හොද දේවල් මතක් කරන්න, ඒවායේ ගුණ කියන්න කවුරුත් එකතු වෙන්නේ නැ. ඇත්තටම ඒකද මනුස්සකම.

මේ ලෝකේ හැම මනුස්සයෙක්ටම වැරැද්දක් වෙන්න පුළුවන්. නමුත් ඒ වැරැද්ද හදාගන්නවත් ඉඩක් මේ සමාජෙන් වෙන් කරනවද..

නෑ..

කවදාවත් නැ. එකම වැරැද්ද පතුරු ගහලා, ඒ මනුස්සයාගේ නම විකුණලා, මනසින් පුළුවන් තරම් වට්⁣ටලා මැරෙන තැනටම වැඩ කරනවා.. හිනා වෙනවා, ආතල් ගන්නවා,මඩ ගහනවා.. ඉතිං කළගුණ දන්න ජාතිය – සිංහල ජාතිය කියලා කියන්නේ අමුලික බොරැවක් නෙමේද? උඹට මට ද සියල්ලටම මේ දේ පොදුයි. කවදාවත් අපිට බෑ කාවවත් විනිශ්චය කරන්න . මනුස්සයෙක්ට මඩ ගහලා , නම කැත කරන්න. එහෙම කරන්න පුළුවන් , උඹ වගේම මමත් ජිවිතේ එකම එක පාරක් හරි වැරැද්දක්වත් නොකරපු කෙනෙක් නම් පමණයි..
උඹ වැරැද්දක් කරත්, එතැනින් එ් වැරැද්ද හදාගෙන ගොඩ යන ට්‍රයි කරන එකෙක් නම්,වැටෙන්න වැටෙන්න නැගිටින්න තරම් ශක්තිමත් හිතක් තියෙනවා නම්, පට්ට චාටර් කරපු සමාජේ ඉස්සරහට ඇවිත් මං ගේම අතහැරියේ නෑ මචං කියලා හිනා වෙලා කියන්න පුළුවන් නම්, අනිවාර්යයෙන් උඹට පුළුවන් ආයෙමත් උඹේ ජිවිත ගමන පටන් අරගෙන ඉස්සරහටම යන්න..
කුලප්පු වෙලා, හූ කියලා ගල් ගහපු මිනිස්සු පවා එදාට අත්පොඩියක් දීලා උඹව පිළිගනී..

ඉතිං උඹට ජය !

-නිරොක්ෂි ජෑන්ස්-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *