ධම්මික පැනියට තවම අවසර නෑ – අයුර්වේද කොමසාරිස්

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හදුන්වා දී ඇති කොරෝනා මර්ධන ඖෂධය ආසාදිතයන්ට අතිරේක ආහාරයක් ලෙස ලබා දීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණවක් ගෙන නැතැයි ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරතුංග මහතා සදහන් කරයි.

ඒ සදහා එය සුදුසුදැයි තව දුරටත් සායනික පර්යේෂණ සිදු කරමින් ඇතැයිද ඒ මහතා පැවසීය.

එමෙන්ම ජනතාවට එය භාවිත කිරීම සදහා මෙතෙක් අනුමැතිය දී නැති බවද පැවසූ ඒ මහතා පර්යේෂණයේ ප‍්‍රථිපල ලැබෙන තෙක් නිශ්චිත අදහසක් පල කල නොහැකි බවද කියා සිටියේය.

සිරස රූපවාහිනිය සමග අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *