“සිනා පිපෙනා මේ වසන්තය.  නෙලා දෝතින් මලක් සේ – කඳු මුදුනක සිට ලියමි – සංජීවනී අමුණුගම

කඨෝර දවසක අවසානය සනිටුහන් කරාම විවේකී මොහොතකවත් සුවයක් නෑ , දෑස් පියවුනා වුනත් සුවදායක නින්දක් නෑ , හිනා තිබුණ හීනෙකදි වුනත් කෙවෙනි අගට ගලන හීන් කඳුල නින්ද වුනත් දුරකට අරන් යනවා..

සමහර දවස් තියනවා මගහැර යන්න තිබුණා නම් කියා හිතෙන තරමට අමිහිරිම සිද්දි එක්ක ගෙවා දමපු.. ඒ වගේමයි සමහර දවස් වල සමහර තත්පර පවා නොගෙවී තිබුණා නම් යෙහෙකැයි කියා සිතෙන තරමට වින්දනීයවම ගෙවා දමපු.මේ තමයි හුඟක් ජීවත වල සාමාන්‍ය හැසිරීම.

හැබැයි අපිට පුලුවන් ඔය දෙකම සමසිතින් විඳගෙන හෙටට ශක්තිමත්ව මුහුන දෙන්න. දන්නවද ,ලෝකයේ දින්නේ මොනම අසීරු අවස්ථාවන් වලදි උනත් හීනෙනුත් තම ජයග්‍රහණය සමරපු උදවිය. වැටුනු තැන් වලදි කලින්ටත් වැඩිය ශක්තියකින් නැගිටපු උදවිය.

ඉතින්..,”වෛරස්” ජීවිතේ එක එක කාල වලදි ඒවි, එහෙමයි කියලා අපි වෛරස් එක ඔඩුදුවනකම් බලන් ඉන්නවද..අසීරුම දවසුත් ඉදිරියට ඒවී,සමහරවිට මීටත් වඩා අමාරුම දවස්.. “අනේ මට බෑනේ”, ,”අනේ මම කොහොමද ඒක කරන්නෙ” ,

“මට හරි බයක් දැනෙනවනේ”..
ඇයි මෙහෙම පසුගාමි අදහස්…

නිකමට ඔය වගන්ති ටිකට , “නෑ ,මට පුලුවන්” , “කොහොමහරි මම මේ කාලෙ සාර්ථකව ගෙවනවා” , ” මොන දේ ආවත් , මේ වැඩේ ඉවර කරලා තමයි පස්ස බලන්නේ” , වගේ අදහස් ටිකක් ආදේශ කරලා බලමු.ඔබ නිසැකවම සාර්ථක වේවි.

සොබාදහම ජීවිතයට එක එක පරීක්ෂණ දෙනවා,, ඉතින් ඒකෙන් සමත් වෙනවද ,අසමත් වෙනවද කියන තීරණයත් තියෙන්නෙ ඔබේ අතමයි..කොහොමද හිතන්නෙ , ඒ පරීක්ෂණ වලට සුදුසු සුන්දර වටපිටාවක් අපිට ලැබෙයි කියලා, එහෙම සුදුසු පරිසරයක් නොතිබුණොත් ඔබ ප්‍රශ්නෙ අතාරිනවද?
,ඒකෙන් පැනලා යනවද, සමහරවිට ඒ අනිවාර්යය ප්‍රශ්නයක් නම්..? පිළිතුරු සපයන්නම වෙනවා,,සුබවාදී හෙටක් වෙනුවෙන්…..!
එකම සෘතුව අවුරුදු පුරාම තියෙන්නෙ නෑ. මල් පිපෙන ,දළුලන වගේම , කොළ හැලෙන ,ගස් මැරෙන සෘතු එනවා.. ඇවිත් යනවා.ඒ වගෙම වසන්තයෙ වගේම ගිම්හානෙත් සුන්දරම තැන් තියනවා, ඉතින් ඒ සෘතු වල අහුමුළු පීරලා සතුට සුවය ඇති තැන් හොයමු! අඳුරු අහුමුළු මගඅරිමු..!

මතක් කරලා බලන්න, දිනපු දවස් , වින්දනීය දවස් අතීතෙ තිබිලා නැද්ද..ඒ දවසක තිබුණ සතුට කොයිතරම් ද. “හෙට” එහෙම දවසක් වෙන්න බැරිද,, ඔව් හෙට එහෙම දවසක්…
අනිවාර්යයෙන්ම ඔබට හෙට තෘප්තිමත් දවසක් වේවි! මුවග සිනාවක් රැඳේවි..!

හැබැයි කවුරුත් ඒ හිනාව ,බන්දේසියක තියලා නුඹට තෑගි කරන්නෙ නැති නිසාම ඒ හිනාව නෙලාගන්න ඕනත් නුඹමයි..!

“සිනා පිපෙනා මේ වසන්තය
නෙලා දෝතින් මලක් සේ ……..”

ඔබේ ලොව වෙත ඔබම ලබාගන්න !!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *