ජාතිවාදයේ ගොදුරක් වීමට පෙර – රුවින් බුද්ධික

මේ මොහොතේ මුස්ලිම් සමාජය මෙන් ම සිංහල සමාජය ගොදුරු වී ගෙන යන්නේ කොවිඩ් වලට වඩා භයානක ජාතිවාදී වෛරසයකටය. දකුණේ සිංහල සමාජයට බිය ගන්වා පෙන්නන්නට සිටි දෙමළ ත්‍රස්තවාදය දැන් මතුපිටින් නැත. එය බිල්ලා කොට සිංහල සමාජය ජාතිවාදී ස්ථාවරයකට තල්ලු කරමින් අවස්ථාවාදය විසින් බලය හුවමාරු කරගත් ඉතිහාසයක් මෑත කාලීනව අප දුටු නිසා මේ මොහොතේ මේ මවන ජාතිකවාදි බිල්ලා ගැන අප මෙහිදී වඩාත් පුවේසම් සහගත විය යුතුය.

දෙමළ ජාතිවාදී බිල්ලා අභියෝගයක් ලෙස නොපෙනෙන මේ මොහොතේ ඒ වෙනුවට මුස්ලිම් ජාතිවාදි බිල්ලා නිර්මාණය කරමින් යලිත් බිය වද්දා සිංහල හා මුස්ලිම් වෛරී සහගත දේශපාලන පිල් බෙදීමකට ලක්කොට බල ලොභි දේශපාලනය නැවත නැවතක් සිංහල ඡන්ද වලට කෙලින්නට මාන බලන බවක් පැහැදිලිවම පෙනේ. මේ කරන්නට හදන්නේ ගිලිහී යන බලය රැක ගැනීමට කරනු ලබන දේශපාලන කූටෝපායක් බව තේරුම් නොගත හොත් අත් වන්නේ භයානක විපතකි.

සිංහල සමාජය නැවත වතාවක් කල්පනා කළ යුතු වැදගත් කාරණාවක් ඇත. එනම් සිංහල ජාතිය රැවටීමට ලක් කර ඇත්තේ හා ජාතියට වඩාත්ම අසාධාරණය කර ඇත්තේ මුස්ලිම් හෝ දෙමළ සමාජය විසින් නොවන බවයි. සිංහල සමාජය රැවටීමට හා අසාධාරණයට ලක්කර ඇත්ත සිංහල දේශපාලඥයා ම විසින්මය. සිංහල සමාජය විසින්ම බලය ලබා දුන්. දකුණේ සිංහල දේශපාලඥයින්ම සිංහලයා අමු මෝඩයා කොට ඇති බවය.. මුස්ලිම් ජාතිකත්වයට හා සිංහල ජාතකත්වය කුලප්පු කරමින් මේ සූදානම් වන්නේද නැවත වරක් සිංහල හා මුස්ලිම් ජාතිකත්වය හරහා බෙදා වෙන්කොට ගැටුමකට තුඩු දෙන කාරණාවල් ඉස්මතු කරමින් ඒ සදහා අරගලයන්ට ඉඩ හරිමින් සිංහල ජාතිවාදය ඉස්මතු කොට නැවත වරක් ගොනාට ඇන්දවීමටය…. තනි සිංහල බෞද්ධ ආණ්ඩුව යලි වරක්. ශක්තිමත් කළ යුතුය යන මතවාදය දකුණේ ස්ථාපනය කරවීමටය…

අප නැවත නැවතත් රැවටිය යුතු නැත.
ගෝල්පේස් එකේ සරුංගල් අරින්නාක් මෙන් දේශපාලනය ගැන ලිපි ලිවීමෙහි වාද විවාද කරගැනීමෙන් පලක් නැත. තනි රටක තනි නීතියක් තිබිය යුතුය. එය එක් එක් ආගම් ජාතීන් ගේ විශ්වාසයන්ට ඉඩ දිය යුතු අවස්ථා මෙන් ම බහුතරයගේ රැකවරණය වෙනුවෙන් ආගමික විශ්වාසයන්ට වඩා මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා. කිරීම රජයක වගකීම විය යුතුය. එය අසමත් වන්නේ නම් එවන් ආණ්ඩුවක් තව දුරටත් පැවතිය යුතුද යන්න සිතා බැලිය යුතුය.

මැදින් සිට බලා ඉන්නා අපට පෙනෙන්නේ ආණ්ඩුව මෙන් ම විපක්ෂයන් ද අදුරේ අතපත ගාන්නා සේය. හැම ආණ්ඩුවක්ම අණා ගත් නිසා බයියන්ටවත් ටොයියන්ටවත් පැහැදිලි විකල්පයක් නොමැති බවයි. කල යුත්තේ සම්ප්‍රදායික පක්ෂ අත්හැර රට ගොඩ නැගීමට අවංකවම අදහසක් ඇති පිරිස එකම ගොනුවකට එකතු වීමයි. නායකත්වය යනු අර්බුදය විසින් මතු කරදෙනු ඇත.

එතෙක් අප ජාතිවාදි අරගලයක අපව දක්කන්නට මැන බලන ආණඩුවේ මෙන් ම අනෙක් පක්ෂ වල ද ගොදුරු බවට පත් නොවී.මධ්‍යස්ථව මේ දෙස තව මොහොතක් බලා සිටිම වැදගත් ය. මක්නිසාද යත් සියලුම දේශපාලඥයින්.කරන්නේ බිස්නස් එකක් පමණි
මළ මිණි වලට වඩා හැම විටකම තව දුරටත් ජීවත්ව සිටින මිනිසුන්ගේ ජීවිත වටින්නේය.

– රුවින් බුද්ධික

Leave a Reply

Your email address will not be published. Required fields are marked *