“ශත වර්ෂයේ එන්නත”

ස්ව්ස්ටර්ලන්ත වැසියන්ට කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමේ එන්නත ලබාදීම ප්රාන්ත ආණ්ඩු විසින් මේ සතියේ ආරම්භ කෙරිණි.
ප්රථම ස්විස් ජාතික කාන්තාවට එන්නත ලබාදීම පසුගිය සතියේ ස්විට්සර්ලන්තයේ ලුට්ස්සර්න්(Luzern) පළාතේදී සිදු විය.
මුල් අදියරේ දී මහලු නිවාසයන්හි ජීවත්වන උදවියට, සාත්තු සේවක සේවිකාවන්ට හා වෛද්යවරුන්ට ,අවදානම් සහිත පුද්ගලයින්ට ලබාදීම ආරම්භ කෙරිණි .
මෙම එන්නත වයස අවුරුදු දාසයට වැඩි ඕනෑම කෙනෙකුට ලබාගත හැකිය. කෙසේ වුවද කුඩා ලමුන්ට එන්නත ලබාදීම පිළිබඳව දැනට කිසිදු සැලැස්මක් නොමැත .
අප ජීවත්වෙන ග්ලාරුස් පළාතේ කොරෝනා වෛරසයට එරෙහි එන්නත ලබාදීම නිල වශයෙන් ආරම්භ කෙරුණේ පසුගිය (5)වෙනිදාය .මෙලෙස එන්නත ලබා දෙනු ලැබුවේ අසුනම හැවිරිදි (89)ඊරීස් යවුමාන් නැමැති වැඩිහිටි කාන්තාවකටය.
ඇයට එන්නත ලබා දුන් වෛද්යවරයා ඉන් අනතුරුව පළාතේ දෙවැනි පුද්ගලයා ලෙස එන්නත ලබා ගත්තේය .
පළමු එන්නත ලබාගැනීමෙන් සති හයකට පසුව දෙවැනි එන්නත ලබා ගැනීම අනිවාර්ය වේ .කෙසේ වුවත් කොරෝනා වෛරසයට එරෙහි එන්නත සෙල්සියස් අංශක ඍණ 70වක උෂ්ණත්වයක ගබඩා කළ යුතු අතර සාමාන්ය ශීතකරණය බහාලා තබාගත හැක්කේ දින කිහිපයක් පමණි.
ස්විස් ජනතාවට ලබා දෙන එන්නත හදුන්වන්නේ Boten_RNA ලෙසය.  මෙම එන්නත සොයාගැනීම “මිනිසා සඳට පය තැබීම හා සමාන විප්ලවයක් බව” ස්විස් වෛද්ය ප්රියතෝ ල්අබාතේ( Pietro L’abate) පවසයි.

එන්නතේ පිරිවැය, ස්විට්සර්ලන්තයේ ජීවත් වන සෑම පුද්ගලයෙකුටම අනිවාර්යෙන්ම කලයුතු සෞඛ්ය ආරක්ෂණය මගින් ආවරණය කෙරේ. එහි අර්ථය නොමිලේ ලබා දෙන බවය

එන්නත ලබා ගැනීම අනිවාර්ය අංගයක් ලෙස නම් කොට නොමැත.. අවශ්ය ඕනෑම කෙනෙකුට එය ලබා ගැනීම හෝ ප්රතික්ෂේප කිරීමේ හැකියාව තිබේ .
එහෙත් එන්නත ලබා නොගත් පුද්ගලයින්ට ඉදිරියේ දී යම් යම් අපහසුතාවයන්ට මුහුණ දීමට සිදු වන බව පැවසේ .උදාහරණයක් ලෙස එවැනි පුද්ගලයින්ට රටින් පිටත් වීමට නොහැකි වන නීති සෞඛ්ය ආරක්ෂණ විධිවිධාන ගෙන ඒමට ඉඩ ඇති බව පැවසේ .කෙසේ වෙතත් ස්විට්සර්ලන්තයේ ජනගහනයෙන් සියයට හැත්තෑවක් (70%) මෙම එන්නත ලබා ගනු ඇතැයි අනුමාන කෙරේ.Image may contain: one or more people
No photo description available.
සුනේත්රා ඇතුගල්පුර
ඡායාරූප –  ශෂී සුබ්රමනියම්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *