රන්ජන් සිව් වසරකට සිරගෙට

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට බරපතළ වැඩ සහිත සිව් අවුරුදු සිර දඬුවමක් නියම කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නඩු තීන්දුව අද පෙරවරුවේ ලබා දුන්නේ අධිකරණයට අපහාස කලේ යයි චෝදනා කරමින් එල්ලවූ නඩුවක තීන්දුව ලබා දෙමිනි.

ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීන්දුව ලබා දුන් නිසා අභියාචනය කිරීමේ කිසිදු අවස්ථාවක් නැත.

ඒ අනුව මන්ත‍්‍රීවරයා සිර දඬුවම සදහා යොමු කිරීමට ප‍්‍රථම නිරෝධායනය සදහා පල්ලන්සේන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *