රාත්‍රිය  -නිරෝ

ගහක් පාමුල වැටුණු කොළයක්
රවන අහසට දුක කියන්නේ
සිඳුණු වැව මැද උන්නු කෙකණිය
හුස්ම ඉල්ලා කෑ ගසන්නේ
ඉරුණු පොළොවේ පතොක් මල්වල
සුවඳ අරගෙන සුළඟ යන්නේ
පාන් පැල ළඟ උන්නු දෙවියෙනි
කිමද හොරැහින් හිනාවෙන්නේ …….

කඩා වැටෙනා පුංචි තරුවක්
කැලේ තුත්තිරි මලක බැඳුණේ
අතට අරගෙන කලුම රෙද්දක්
හීන් සීරුවෙ වටේ එතුවේ
කදෝකිමියන් ටිකෙන් ටික විත්
රිදුනු අත්තටු හොරෙන් මැද්දේ
පාර වැරදුණු සමනලියකුත්
අතරමග හිද හති අරින්නෙ ……

දැවෙන මිනිසුන් හිස තියාගෙන
හීන ළමැදට මිනිස් කුලයේ
අවුස්සාගෙන මතක හිරකර
හුස්ම අල්ලයි කඳුළු වැස්සේ
හොරෙන් වැටෙනා පුංචි පිනිකැට
ටිකෙන් ටික ගිනි අරන් දැවුනේ
හිතක් අස්සේ නඩුත් අසනා
උසාවිය විනිසුරන් නැත්තේ …….

නිරෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *