ප්‍රේමය – සම්පත් සෙනෙවිරත්න

තෙරක් නොමැති සසර මඟ හමුවෙලා
රුවක් ලඟ රන්,,ස්නෙහයේ මල් පීදිලා
රැයක් දිලෙන පුන් සඳ වගේ බැබලිලා
එළිය කලේ දිවි අඹරම නුඹයි පේවිලා

වාරුව දුබල වී දිවියක අවසන් ගමන
දෑසින් දකිනවා අනියත ලොව යනෙන
රූපන චාරිකාවක නිමවන විට ලකුණ
දෙනෙතින් දුටුවෙත් නුඹයි සිත තුටින

හසරැල් සලා හිනැහෙන විටදි පිංබර
දෙව්ලිය වගෙමයි තාමත් නුඹ සුන්දර
පෙරුමන් පුරනවා හැමදාමත් පෙම්බර
උපදින හැම භවයම දෙන්න හිමිකර

ජාති ජාතිත් පූදින්නට සෙනෙහස් මල්
පේවි පේවි රකිනවා නුඹව හැම කල්
රැකගෙන ගුණ නිවනට යන තුරු සිල්
ඉන්නම් ලඟින් සඳ මා මියැදෙන කල්

“”නොදනිමි ප්‍රේමයක තතු
ලියවුනත් පන්හිඳට නතු
බොඳ වුනත් දවසක පැතු
සිහිනයත් ප්‍රේමයක් මතු””

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *