මාධ්‍යවේදී ලක්මාල් රණබාහුට පහරදුන් චණ්ඩියාට ඇප

පරිසරය වෙනුවෙන් හඬක් නැගූ මාධ්‍ය වේදී ලක්මාල් රණබාහුට අමානුෂික ප්‍රහාරයන් දියත් කළ කලවාන ප්‍රා දේශීය ලේකම්වරියගේ සැමියාට පොලිස් ඇප ලැබී ඇත.
මේ වන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ලක්මාල් රණබාහු පසුගිය කාලයේ දිගින් දිගටම සිංහරාජය රැක ගැනීම වෙනුවෙන් තම හඬ අවදිකරනු ලැබීය. මීට උරණ වූ පාර්ශවයන් විසින් ලක්මාල් රණබාහුට පසුගියදා අමානුෂීය ලෙස පහරදී තුවාල සිදුකොට තිබූ අතර ඒයට සම්බන්ධ වූ බවට සාක්ෂි සහිතව අත්අඩංගුවට ගත් ප්‍රා දේශීය ලේකම්වරියගේ සැමියා අද පොලිස් ඇප මත නිදහස් කර ඇත.

සිංහරාජයේ කුඩව මාර්ගය ඉදිකිරීමට විරුද්ධව විශාල හඩක් නැගූ පරිසර හිතකාමියකු වන ලක්මාල් රණබාහුට පහරදීම දැඩිව හෙළා දකින බවයි පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පවසන්නේ.

පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක රවීන්ද්‍ර කාරියවසම් පෙන්වා දෙන පරිදි ලෝක උරුම සිංහරාජය අවට සිදුවන ඉඩම් මංකොල්ලය සම්බන්ධයෙන් ලක්මාල් රණබාහු විසින් දිගින් දිගටම රජයට බලපෑම් කර තිබේ.

කලවාන ප්‍රාදේශීය ලේකම්වරියගේත් සම්බන්ධයක් ඇතුව සිදුවන පරිසර විනාශයක් සම්බන්ධයෙන් විමසීම හේතුවෙන් ප්‍රාදේශිය ලේකම්වරියගේ ස්වාමිපුරුෂයා සහ කලවාන ප්‍රදේශයේ ඇයගේ හිතවතුන් පිරිසක් ජනවාරි 24 ඉරිදා මෙම පහරදීම සිදු කර ඇති බවට පරිසරවේදියා චෝදනා කරයි.

පහර කෑමට ලක් වු ලක්මාල් රණබාහු සැත්කමකට යොමු කර තිබෙන බව සමාජ මාධ්‍ය ඔස්සේ දැනුම් දෙන පරිසරවේදියා වැඩි දුරටත් චෝදනා කරන්නේ කලවාන ප්‍රාදේශීය ලේකම්වරිය දේශපාලන බලය යොදා නීතිය නැමීමට සුදානම් වන බවයි.

ලක්මාල් රණබාහු කලක් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අනුබද්ධ ‘විවර’ වෙබ් අඩවියේ මාධ්‍යවේදියකු ලෙස ද the independent.lk වෙබ් අඩවියෙහි ප්‍රවෘත්ති කර්තෘ ලෙසද කටයුතු කළ අයෙකි.140172381 10225179356056806 4597601077684941157 n

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *