හිටි හැටියේ දේශපාලනයේ කරනම් ගසන මියන්මාරය -තරණය -හසිනි දෙනිපිටිය

මියන්මාරය අද පෙරවරුයේ නැවත වරක් හමුදා පාලනය යටතට ගැනිණි. ඒ මැතිවරණයෙන් පසු ප්‍රථම වරට අද දිනයේ පාර්ලිමේන්තුව රැස්වීමට තිබු පසුබිමකයි.

අඩසියවසකට වඩා කාලයක් පැවති හමුදා පාලනයෙන් අනතුරුව ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් ලෙස ඉකුත් නොවැම්බරයේ පැවති මැතිවරණයෙන් අවුන් සාන් සූචීගේ ජාතික ලීගය ආණ්ඩු පිහිටු වීමට සමත් විය. ඒ 80% ත් වඩා බහුතර බලයක් අතැතිවයි. කෙසේනමුත් හමුදාව චෝදනා කරන්නෙ වංචනික ලෙස මැතිවරණය පවත්වා ඇති බවයි. මේ නිසා හමුදා කුමන්ත්‍රණයකින් අනතුරුව බලය අල්ලා ගනිමින් අවුන් සාන් සූචී ඇතුළු ඉහළ පෙළ නිළධාරීන් පිරිසක් හමුදාව විසින් මේ වනවිට අත් අඩංගුවට ගෙන තිබේ.

අවුන් සාන් සූචී ඇතුළු පිරිස අත් අඩංගුවට ගැනීමේන් පසු මියන්මාර හමුදාව මාධ්‍යයට නිවේදනය කලේ මියන්මාර පාලනය හමුදාව යටතට ගත් බව හා වසරක කාලයක් සඳහා හදිසි නිතීය පනවා ඇති බවයි. අනතුරුව මියන්මාරයේ පළමු උප ජනාධිපතිවරයෙක් මෙන්ම හමුදා ප්‍රධානියෙක් වූ මයින්ට් ස්වී තාවකාලික ජනාධිපතිවරයා ලෙස නම් කෙරුණී. ඔහු විසින් වසරක කාලයක් සඳහා සේනාධිනායක මින් අවුන්ග් හේලින්ග් වෙත බලය පවරා දී තිබේ.

ඉන්පසුව මියන්මාර රාජ්‍ය රූපවාහිනි ඔස්සේ මිලිටරී ප්‍රචාරණ සිදු වු බව විදෙස් මාධ්‍ය පවසයි. එසේම මියන්මාරවැසියන් විදීවලට රැස්ව අත්‍යවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීමට කටයුතු කරන බව විදෙස් මාධ්‍ය අනාවරණය කෙරිණි. මේ වනවිටත් මියන්මාරයේ ප්‍රධාන නගරවල දුරකතන හා අන්තර්ජාල සේවා තාවකාලිකව නතර කර තිබේ.

අද පෙරවරුවේ සිදු සිදු වු මෙම කුමන්ත්‍රණයෙන් පසුව ලෝක ජන නායකයින් සිය විරෝධය පල කර තිබිණි. ඒ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ තර්ජනයක් ලෙස දක්වමිනි. එසේම ජන නායකයින් මෙලෙස සිරගත කිරීම ද නිතී විරෝධී බව ජන නායකයින් පවසයි. අමෙරිකාවේ ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ජන්පති ජෝ බයිඩ්න්ගේ අවධානය මේ සඳහා යොමු වී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *