නාහිමියන්ගේ උපන් දිනයට ගෙයක් පිළිසකර කර දෙයි

රාජගිරිය බුත්ගමුව පාරේ ධර්මාශ්‍රමය, පල්ලේගම ඛෙත්තාරාම විහාරය, ඌරුබොක්ක නාගාරාමය, පට්ටිගල සුධර්මාරාමය හා කීරිපිටිය බෝධිරාජාරාමය යන විහාරස්ථානයන්හි විහාරාධිපති පූජ්‍ය පාද ආචාර්ය පල්ලේගම ආයුපාල නාහිමියන්ගේ 90 වැනි ජන්ම දිනය නිමිති කරගෙන නිවසක් පිළිසකර කර අසරණ පවුලක් වෙත ලබාදීමේ කටයුත්තක් සිදු කෙරෙන බව පල්ලේගම අස්සජි හිමියන් lankatarget.com වෙත පැවසීය.
වර්තමානයේ හිමිවරුන්ද සාමාන්‍ය පිරිස් මෙන් කේක් කපා පාටි දමා උපන් දින සාද පවත්වමින් සමාජයට විහිළු සපයන යුගයක තමන්ව පෝෂණය කරන දායකයින් සදහා මෙවැනි උපකාරයන් කිරීම පැවසිය යුතු කරුණකි.
ආචාර්ය පල්ලේගම ආයුපාල නාහිමියන් සාසනයට හා රටට මහගු මෙහෙවරක් කළ හිමි නමක් වන අතර උන් වහන්සේ කාලයක් දැයේ දරුවන්ගේ අධ්‍යාපනය සදහා විශාල සේවාවක් ගුරු වෘත්තියේ යෙදෙමින් සිදු කළ අතර පසුව සාසනය වෙනුවෙන් ශිෂ්‍ය පරම්පරාවක් ගොඩ නගා උන් වහන්සේලා රටට ලෝකයට සේවාවන් සිදුකිරීම සදහා ගුරුවරයෙකු ලෙස අනගි මග පෙන්වීමක් ද සිදුකරනු ලැබීය.
90 වැනි ජන්ම දිනය සමරමින් උන් වහන්සේ විසින් දෙනියාය පල්ලේගම පතවල නාඩකන්දේ  නිහාල් මහතාගේ නිවස මෙසේ පිලිසකර කර දීමට කටයුතු යෙදූ අතර මේ සදහා කොටපොල ප්‍රා දේශීය සභාවේද විශාල අනුග්‍රහයක් ලැබුනු බව අස්සජි හිමියෝ වැඩිදුරටත් සදහන් කොට සිටියහ.
සාසනය හා සමාජය ආලෝකමත් කිරීම සදහා ආචාර්ය පල්ලේගම ආයුපාල නාහිමියන්ට තව තවත් නිරෝගී තාවය ලැබේවායි අප ප්‍රාර්ථනා කර සිටිමු.No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *