බි‍්‍රතාන්‍යයේ නව කොරෝනා වෛරසය ලංකාවටත්.

බි‍්‍රතාන්‍යයේ ව්‍යාප්ත වූ නව කොරෝනා ප‍්‍රභේදය මෙරට ප‍්‍රදේශ කිහිපයකින් හඳුනාගත් කොරෝනා ආසාදිතයන්ගේ ජෛව සාම්පල්වල තිබී සොයාගෙන ඇත.

ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා මේ බව සඳහන් කරයි.

කොළඹ, අවිස්සාවේල්ල, බියගම, මතුගම, වත්තල, වව්නියාව සහ බිංගිරිය යන ප‍්‍රදේශවලින් මෙම නව කොරෝනා ප‍්‍රභේදය සහිත ආසාදිතයන් හඳුනාගෙන තිබේ.

පවතින ප‍්‍රභේදයට වඩා සියයට 50 ට වැඩි වේගයකින් ව්‍යාප්තිය සිදු වන මෙම නව කොරෝනා ප‍්‍රභේදය ඉකුත් ජනවාරි මැද භාගයේ සිට පෙබරවාරි දක්වා ජෛව සාම්පල 92 ක් පරීක්‍ෂාවට ලක් කිරීමේදී හ`දුනා ගැනීමට පරීක්‍ෂණ කණ්ඩායම් සමත්ව ඇත.

මේ අතර ඉකුත් 04 වැනිදා කොළඹ නිදහස් චතුරස‍්‍රයේදී පැවති නිදහස් දින උත්සවයට සහභාගි වූ සිවිල් ආරක්‍ෂක බළකායේ තවත් භටයන්් 30 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව සෞඛ්‍ය අංශ අනාවරණය කරගෙන ඇත.

කන්දකුලිය සිවිල් ආරක්‍ෂක බළකා ක`දවුරේ නිලධාරීන් පිරිසකට මෙසේ වෛරසය ආසාදනය වී ඇති අතර එම නිලධාරීන් 30 දෙනාත් සම`ග මේ වන විට නිදහස් දින උළෙලට සහභාගි වූ සිවිල් ආරක්‍ෂක බළකායේ භටයන් 62 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

නිදහස් දින උළෙලින් අනතුරුව ක`දවුරු වෙත පැමිණි ඔවුන්ට සිදු කළ රැුපිඞ් ඇන්ටිජන් පරීක්‍ෂණ මගින් මෙම ආසාදිතයන් පිරිස හ`දුනාගෙන තිබේ.

කන්දකුලිය කඳවුරෙන් හඳුනාගත් තිස් දෙනා ප‍්‍රතිකාර ස`දහා දංකොටුව කොරෝනා ප‍්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කිරීමට එම දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

තවත් කොරෝනා ආසාදිතයන් 942 දෙනකු පෙරේදා දිනයේදී ද මෙරටින් වාර්තා වී තිබුණු අතර ඒ අනුව අඛණ්ඩව දින තුනක් තිස්සේ නවසියය ඉක්මවූ ආසාදිතයන් පිරිසක් වාර්තා වීම ද විශේෂත්වයකි.

එසේම පෙරේදා දිනයේ කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවූ තවත් මරණ තුනක් වාර්තා වී තිබුණු අතර එම මරණ තුනත් සම`ග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 379 ක් දක්වා ඉහළ ගියේය.

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයන් 773 දෙනකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව ඊයේ පස්වරු 6.00 වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය ස`දහන් කළේය.

එම පිරිසත් සම`ග කොරෝනා ආසාදනය වී රෝහල්ගතව ප‍්‍රතිකාර ලැබීමෙන් පසු පූර්ණ සුවය ලැබූ මෙරට සමස්ත ආසාදිතයන් ගණන 67000 සීමාවට ආසන්න වෙමින් 66984 ක් දක්වා ඉහළ ගියේය.

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයන් 528 දෙනකු අලූතින් හ`දුනාගත් බව ඊයේ පස්වරු 6.30 වන විට ජාතික කොරෝනා මර්දන කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේය. එම ආසාදිතයන් පිරිසත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 73644 දක්වා ඉහළ ගියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *