නීරෝධායන නීති කඩ කරමින් පාසල් වල උත්සව පවත්වන බවට චෝදනා.

 

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් මහනුවර කෙන්ගල්ල මහා විද්‍යාලයේ ඊයේ (12) පැවැති වැඩසටහනක් පිළිබඳව ලංකා ගුරු සංගමය අද (12) අනාවරණය කළේය.

මාධ්‍ය හමුවක් අමතමින් ශ්‍රී ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා අවධාරණය කරමින් පැවසුවේ මෙවැනි ක්‍රියාවන් නැවැත්වීමට අදාළ බලධාරින් වහාම කටයුතු කළ යුතු බවය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ “ඊයේ දවසේ මහනුවර කෙන්ගල්ල විද්‍යාලයේ, ජනමාධ්‍ය ඇමතිවරයා පාසල් ළමුල් ගෙනැල්ලා විශාල උත්සවයක් පවත්වනවා. ඒ ඉස්කෝලේ ඒ උත්සවය පවත්වනකොටත් ළමයි 4දෙනෙක් කොවිඩ් ආසාදිත බවට පත්වෙලා තියෙනවා. එක ගුරුවරියක් තවමත් පැනිදෙණියේ කොවිඩ් මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ගනිමින් ඉන්නේ. නිලධාරින්ට කොන්දක් නෑ මේ වගේ තත්ත්වයක් නතර කරන්න. ඇමතිවරු වගකීම් විරහිතව කටයුතු කරන එක බරපතළ ප්‍රශ්නයක්. අපි කියනවා අධ්‍යාපන බලධාරින්ට රජයට මේ වගේ ක්‍රියාමාර්ග වහාම නවත්වන්න කියලා.” යනුවේනි.

මේ අතර, නාවලපිටිය වෙස්ට්හෝල් දමිළ මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුන් 6දෙනෙකුට සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් 6දෙනෙකුටත් වෛරසය ආසාදනය වී තිබේ.

මේ බව තහවුරු වී ඇත්තේ එම පාසලෙන් මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්ට සිදුකළ PCR පරික්ෂාවේදීය.

එමෙන්ම, ඇහැළියගොඩ ප්‍රදේශයෙන් තවත් ආසාදිතයින් 23 දෙනෙකු හඳුනාගත්තේ PCR පරික්ෂණවල ප්‍රතිඵල අද (13) නිකුත්වීමත් සමගය.

මොවුන් සියලුදෙනා සීතාවක කර්මාන්ත පුරයේ සේවකයින්ගේ ආශ්‍රිතයින් බව හඳුනාගෙන ඇත.

එම ආසාදිතයින් අද දිනයේම කහවත්ත සහ ඇඹිලිපිටිය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවරගත් බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

මේ අතර, වෛරස් වසංගත තත්ත්වය යටතේ වුවත් ගෞතම ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීම සඳහා විශාල වන්දනාකරුවන් පිරිසක් ඊයේ මෙන්ම අදත් හැටන් මාර්ගය ඔස්සේ පැමිණ තිබේ.

නිරෝධායන උපදෙස්වලට අනුකූලව සහ අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිසි අනුමැතිය ලබාගෙන අදාළ පිරිස් කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වන උඩරට මැණිකේ සහ පොඩි මැණිකේ දුම්රියවලින් හැටන් දුම්රිය ස්ථානය වෙත පැමිණි බව “අද දෙරණ” වාර්තාකරු සඳහන්

 

 

 


 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *