අද වැඩිම කොරෝනා ආසාදිතයින් කොළඹින්.
කොවිඩ් 19 වෛරසය ආසාදිතවූවන් අද 369ක් වාර්තා විය.ඉන් 172ක් කොළඹ සහ 168ක් ගම්පහ දිස්ත්රික්ක දෙකෙහි පදිංචිකරුවෝය.ඉතිරි 29දෙනා වෙනත් ප්රදේශවල පදිංචිකරුවෝය. මෙම සියලු සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 76,797ක් තෙක් ඉහළ ගොස් ඇත.එසේම සුවවූ 747ක් අද රෝහල්වලින් පිටව ගියහ. මෙම පිරිසත් සමග සුවවූ පිරිස 71,176කි.මේ දක්වා වාර්තාවී ඇති මරණ ගණන 409කි.