හිජාස් හිස්බුල්ලා උසාවි ගේන්න – නීතිපතිගෙන් පොලිස්පතිට නියෝග.

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර එල්ල කළ බෝම්බකරුවකු සමග සමීප සබඳතා පවත්වා එකී අපරාධ සඳහා ආධාර අනුබල දුන්නේ යැයි චෝදනා කරමින් සැකපිට අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාගේ ප‍්‍රකාශ සටහන් කර සැකකරුවකු ලෙස නම් කර අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා ඊයේ (17 දා) පස්වරුවේ පොලිස්පතිවරයාට ලිඛිත නියෝගයක් කළේය.

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වැරදි සිදුකිරීම හා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සුරැුකීමේ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ ගැනෙන පරිදි සිදුකිරීම යන චෝදනා යටතේ නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා එමගින් පොලිස්පතිවරයාට නියෝග කළ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ්්්් අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ඊයේ (17 දා) ‘දිවයින’ට ප‍්‍රකාශ කළාය.

නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය වසරේ අපේ‍්‍රල් 14 වැනිදා අත්අඩංගුවට ගෙන පුරා මාස දහයකට ආසන්න කාලයක් රැුඳවුම් නියෝග මත රඳවාගෙන ප‍්‍රශ්න කරමින් විමර්ශන සිදු කර තිබූ බවත් එකී විමර්ශන උද්ධෘත සලකා බැලූ නීතිපතිවරයා එකී නියෝගය ලබාදී ඇති බවත් රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය වැඩිදුරටත් ප‍්‍රකාශ කළාය.

එකී විමර්ශන අනුව එකී චෝදනා යටතේ සැකකරුවකු ලෙස නම් කිරීමට තරම් සාධාරණ සැකයක් ඇති බවට නිගමනය කළ නීතිපතිවරයා එම නියෝගය කර තිබිණි.

ඔහු රඳවා ගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කොට තිබූ මාස 9ක රැුඳවුම් කාලය පසුගිය ජනවාරි 11 වැනිදා අවසන් වී තිබූ අතර එදින සිට තවත් මාස තුනක කාලයක් සඳහා රැුඳවුම් නියෝග ලබාදීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *