නැවත යටත් වීම සහ පාලකයන්ගේ හෙළුව

සර් මට කාලය හරහා යන්න පුළුවන් නම් මම ගිහිල්ල ඔය අපේ රට සුද්දන්ගෙන් බේර ගන්න දිවි පරදුවට තියපු ජාතික වීරයොන්ට කියනවා, අපරාදෙ ඔය වැඩේ කරන්න එපා. උඹල ජීවිතය නැති කරගෙන මේ රට බේරල දෙන්න හදන්නෙ පර සුද්දොන්ට වඩා දහස් ගුණයක් නරක, අශ්ශීල, කුපාඩි අමන රැලකට බව. සුද්දො අපේ කෙල්ලො දූෂණය කළා ඇත්ත. උන් අපේ සම්පත් කොල්ල කෑව ඇත්ත…..

ඉතිං අපේ කකියන ලේ ඇති ඈයො උන්ව එලවන්න කඩුව අරන් තුවක්කුව එක්ක හැප්පුනේ ගොං කමට නෙමෙයි. උන් එළවලා අපි ආයෙත් බාර දුන්නෙත් උන්ට අන්ත නරි රැලකටනෙ. “
මේ මට අද දරුවෙක් එවපු චිට් එකක්. පාලකයිනි තොපි ලැජ්ජා විය යුතු ය. උඹලාගේ කෙරුවාව ප්රත්යක්ෂ ය. දරුවන් නැවත සුද්දාට යටත් වීමට කැමැත්තෙන් සිටිති. උන්ට බොරු ස්වෛරීභාවයක් අවශ්ය නැත. ඒකීය භාවයක් ස්වාධීනත්වයක් අවශ්ය නැත. උන්ට ඒවා උන්ගේ අම්මලා අප්පලා ඇන්දවීමට භාවිත වූ සුන්දර වචන පමණි. උන්වම පැය ගානක් අවුවේ තබා මුහුදට වෙඩි පත්තුකර පරණ යුධ ටැංකි ටිකක් පෙන්වා උන්ගේ ආච්චිලා ඇන්දවිය හැකිය. ඉතිං උන් බෝට්ටුවෙන්  හෝ ඕස්ට්රේලියාවට යෑමට මාන බලති. උන් උන්ගේ අම්මලා අප්පලාට වඩා සබුද්ධික ය. ලණු කන්නෙ නැත. උන් අන්තර්ජාලය හරහා ෆින්ලන්තයේ අධ්යාපන ක්රමය ගැන දැනගෙන තිබේ.
ඩෙන්මාර්කයේ තරුණ සුබසාධනය ගැන දැනගෙන තිබේ. සිංගප්පූරුවේ ප්රවාහන ක්රමය ගැන දැනගෙන තිබේ. උන්ගේ අම්මලා අප්පලා මෙන් උන්ව ලැට් පෝච්චියකින් ටකරං කොළේකින් ඇන්දවිය නොහැක. පාර්ලිමේන්තුක් ඇත්තේ ව්යවස්ථා සම්පාදනයට බව උන් දනිති. මේ මජර ක්රමයෙන් තමාට සෙතක් නැති බව උන් මේ පුංචි වයසට තේරුම් ගෙන තිබේ. නමුත් ඒ අහිංසයන්ගේ අම්මලා අප්පලා ආච්චිලා සීයලා උන්ට යහපත කරන්න යැයි තෝරා පාර්ලිමේන්තු යැවුවේ උන්ව නසන්න කුඩු විකුණන එවුන් ය. උන්ට විශ්ව විද්යාල සෑදීමට ඇති බදු සල්ලිවලින් ලක්ෂ හාරසිය ගණන්වල වාහන පදින මන්ත්රීලා ය. ලක්ෂ 2500ක වාහන පදින අගමැතිලා ය. උන්ට හුස්ම ගන්න තියෙන ගස් ටික කපන ඇමතිලා ය. ආරුඩයෙන් උන්වම දූෂණය කරන මන්ත්රීලා ය.
එංගලන්තයේ උගත්ම දැරිය වූ, ලාංකික දෙමාපිය යුවලකට දාව උපන් නිශී ගැන පසුගියදා අපි කතා වුණෙමු. ඇයට සුබ පැතුවෙමු. “ලාංකික දරුවෙක්, ආඩම්බරනම් සෙයා කොරන්න යාලුවනේ” කියා පෝස්ට් දැම්මෙමු. නමුත් 2001 දී ඇගේ දෙමාපියන් එංගලන්තයට සංක්රමණය නොවන්නට ඇය මේ 18වන සියවසේ සුද්දා හැදූ අධ්යාපන ක්රමයේ ම තවත් හොටු, කඳුලු පෙරාගෙන කට පාඩම් කරන දැරියක් පමණි. එසේනම් අපි ඇය ගැන කතා වෙන්නේ නැත. මේ දූපතේ තවත් නිශීලා ඕන තරම් ඇතුවාට සැක නැත.
අයින්ස්ටයින්, හොකින් ලා ඕන තරම් මේ සුන්දර දිවයිනේ සිටිනවාට සැක නැත. නමුත් උන්ගේ දෙමාපියන් උන්ගේ සුබසාධනය පිණිස තෝරා යැවුවේ උන් නසන, උන්ව පෙළන මෘග රැළක් ය.
මෙහෙවු රටකට කළ ව්යවසනයෙන් අද දවසේ දරුවාගේත්, උන්ගේ අනාගත නූපන් දරුවන්ගේ ත් සාපයෙන් උන්ගේ අම්මා අප්පා අච්චී සීයලාට කිසිදා ගැලවිය නොහැකි වනු ඇත.
උපුටා ගන්නා ලද්දකි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *