ප්ලාස්ටික් සහ මිනිසා – චතුරි මහේෂිකා

වර්තමානය වෙද්දි පරිසරයට අහිතකර බොහෝ දේවල් වලින් මිදිලා අපි පරිසරහිතකාමී දේවල් වලට විශාල වශයෙන් නැඹුරුවෙමින් පවතිනවා . ඒක එක පැත්තකින් ගත්තොත් ප්ලාස්ටික් පොලිතින් වගේ දේවල් භාවිතයෙන් අවම කරන්න ලොකුදායකත්වයක් දෙනවා වගේම අනිත් පැත්තෙන් නැවත පරිසර හානියක් වෙනවාදෝ කියලා හැඟීමක් ඇතිවෙනවා . හැබැයි මේ පැටලවිල්ල ලෙහාගන්න කලින් අපි බලන්න ඕනෙ ප්ලාස්ටික් කියන්නෙ මොනාද කියලා .

ප්ලාස්ටික් අතිශය කෘතිම ද්‍රව්‍යයක් වගේ පෙනුනට සෙලියුලෝස් , ගල් අඟුරු , ස්වාභාවික වායු , ලුණු සහ ඇත්ත වශයෙන්ම බොරතෙල් වැනි ස්වාභාවික අමුද්‍රව්‍ය යොදාගෙන තමයි ප්ලස්ටික් නිෂ්පාදනය වෙන්නෙ . මේ අමුද්‍රව්‍ය අපිට හුරුපුරුදු නිසා සෙලියුලෝස් කියන්නෙ මොනාද කියලා විතරක් අපි බලමු ,
සෙලියුලෝස් යනු කාබන්, හයිඩ්‍රජන් සහ ඔක්සිජන් පරමාණු සිය ගණනකින් සහ සමහර විට දහස් ගණනකින් සමන්විත අණුවක් , සෙලියුලෝස් යනු ශාක සෛලවල බිත්තිවල ඇති ප්‍රධාන ද්‍රව්‍යය වන අතර එය ශාක තදින් පිහිටීමට උපකාරී වනවා . ඉතින් අපිට දැන් පැහැදිලියි ප්ලාස්ටික් නිපදවීමටත් ස්වාභාවික සම්පත් විශාල ප්‍රමාණයක් අවශ්‍ය බව .

ප්ලාස්ටික් වලින් මිදී පරිසර හිතකාමි නිශ්පාදන වෙත යොමු වෙද්දිත් අපි පාරිසරික සම්පත්මයි යොදාගන්නෙ .. පොඩි උදාහරණයකට අපි ගමු පනාවක් ,
අපි උඩ කතා කරපු අමුද්‍රව්‍ය යොදාගෙන ප්ලාස්ටික් නිෂ්පාදනය කරලා ප්ලාස්ටික් පනාවක් නිපදෙව්වොත් එතනදිත් අපි ස්වාභාවික සම්පත් පරිහරණය කරලා තියෙනවා , ඒ පනාවම අපි ලීයකින් හැදුවොත් එතනදිත් අපි ස්වාභාවික සම්පත් පරිහරණය කරල තියෙනවා , කොතනින් ගියත් ගහක් මිහිතලයට අහිමි වීම වළක්වන්න බෑ .
අපිට පැහැදිලියි මොන නිෂ්පාදනයක් ආවත් පාරිසරික සම්පත් භාවිතය අපිට වළක්වන්න බෑ . හැබැයි මෙතනදි ප්ලාස්ටික් වගේ දේවල් දිරන්න කල් යෑම වගේ දේවල් නිසා පරිසරයට වෙන විශාල හානිය ගත්තම පරිසර හිතකාමි නිෂ්පාදන වලට අපි නැඹුරු වෙන්නම වෙනවා ..

අපිට පුලුවන් දැනට අපි පාවිච්චිකරන ප්ලාස්ටික් පොලිතින් භාවිතයේ ප්‍රතිශතයෙන් සීයට වැඩි ප්‍රතිශතයක් එම ද්‍රව්‍ය භාවිතයෙක් වැළකී පරිසර හිතකාමි නිෂ්පාදන වෙත යන්න .. හැබැයි කොහොම කලත් වර්තමානෙ අපි මුහුණ දෙන ගැටලුවක් තමයි සම්පත් අධික ලෙස පරිභෝජනය කිරීම . පාරිසරික සම්පත් සීමිතයි . ඇතැම් සම්පත් නැවත කිසි දිනක මේ මහ පොළවෙ දකින්න ලැබෙන්න නෑ වගේම සමහර සම්පත් නැවත ඇති වීමට බොහෝ කාළයක් ගත වෙනවා . හැබැයි අද පාරිභෝගිකයාව සතුටු කිරීම සහ අධික ලෙස මුදල් ඉපයීම කියන කාරණා මුල් කරගෙන ඉවක් බවක් නොමැතිව කෝටි ප්‍රකෝටි ගණනින් විවිධ නිෂ්පාදන බිහිවෙනවා . පරිසර හානිය අවම කිරීම සහ අධික ලෙස සම්පත් භාවිතය අවම කිරීම සඳහා අප කුමක් කළ යුතුද ? කළ හැකි එකම දේ අතිශය සරළ වීම පමණයි .. තව බොහෝ දේ එයට එකතුකරගමු ..
ඉදිරි ලිපියෙන් හමුවෙමු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *