Petra of Saudi Arabia – සවුදියෙත් පේත්රා – Nik Glynn
පහුගිය සතියේ ගිය ගමනේ කොටස් කීපයක් පලකරන්නට මම පොරොන්ඳු වූවා සේ පලමු කෙටස මෙසේ පල කරමි.
ජෝර්දානයේ පේත්රා (Petra) ඉතා ප්‍රසිද්ධය, ලෝකයේ බොහෝ දෙනෙක් සමහර විට එය දැක නැතුවත් ඒ ගැන අසා ඇත. එහෙත් සෞදි අරාබියේ පේත්රා ගැන කිසිවෙකු අසාවත් නැති තරම්ය. හේතුව නම් ඔවුන් ඈත අතීතයේ තම රට ලෝකයෙන් සඟවා තබාගන්නට උත්සහ කල සෙයකි. ඔවුන් විදේශිකයින්ට දොර ඇරියේ නැත. එයට හේතු ඇතත් මෙතන්ට ඒවා අවැසි නැත. කේසේ හෝ මේ වෙද්දී ඔවුන් මේවායේ වටිනාකම් තේරුම් ගෙන හා විදේශ විනිමය උපයා ගැනීමේ මාර්ගයක් වශයෙන් මෙම ඉතා පැරණි තෛහාසික වටිනාකමක් ඇති සියළුම දේ සංරක්ෂනය කර, ඉතා ප්‍රසන්න අයුරින් පිළියෙල කර රටට පැමිණෙන්නට විදේශිකයින්ට ආරාධනා කරමින් සිටී.
අද මම පෙන්වන්නේ සෞදි අරාබියේ පේත්රාවයි. ඒවා කිසිම බිද වැටීමමකින් තොරව ඉතා සුරක්ෂිතව නැවුම්ව ඇත. මෙම වර්ෂ 2000 ක් පැරණි සොහොන් මේ අයුරින් දකින්ට ලැබීමම වාසනාවකි.
දෝර්දානයේ ප්රේත්රා කරපු මිනිසුන් විසින්මයි සෞදියේ පේත්රාවන් කර ඇත්තේත්. (සෞදියෙ මෙම ප්‍රදේශයේ සිට ජෝර්දානයට යා හැක) හෙග්රා (Hegra, a Ancient Greek) මාදින් සාලෙහ් (Madain Salih, Arabic term) මෙම නගරවල අල් උලා (Al Ula) ප්‍රදේශයේ ඈත කාන්තාරයේ මෙම සොහොන් පිහිටා ඇත.
ඒවා විවිධ පුද්ගලයන් වෙනුවෙන් විවිධාකාරයෙන් නිමා කර ඇත. එදා ශ්ෂ්ඨාචාරයේ සිටි උසස් පුද්ගලයන් හා සාමාන්‍ය ජනතාවගේ සොහොන් වෙන් වෙන්ව හඳුනා ගත හැක. හෙග්රාහි තනා ඇති සොහොන් සියල්ලම උසස් පුද්ගලයින්ග් බව පැහැදිලිය. ඒවා විශාලය, දෙපැත්තට කණු දෙකක් සිටින සේ මේ කැටයම් කපා ඇත. නමුත් එහි ඇති විශාලම සොහොන කණු හතරකින් සමන්විතය, එය ඉතාම විශේෂ පුදගලයෙක් හෝ පවුලක් වෙනුවෙන් පටන්නෙ ඇත බව පෙනේ නමුත් සම්පූර්ණ කර නැති අතර පාවිච්චි කරදනැත. එතැනදී එම සොහොන අවු. 2000ක් පැරණි අළුත්ම සොහොනකි.
මෙම සොහොන ඉතා රෝස පැහැති වැලි ගලක තනා ඇත. මෙම සොහොන් කපා ඇත්තේ ඉහල සිට පහලටය. මෙහි පලවන පිංතූරවලින් ඒවයේ වෙනස් කම් දැක ගත හැකිය. එක් සෙඩමෙන්ට්රි ගලක් වටාම මෙම සොහොන් තනා තිබූ අතර එය ස්පූර්ණයෙනම ගැහැණු අයට වෙන්වූවක් බව අපට පැහැදිලි කරන ලදී. එක් සොහොනක මදූසාගේ මුහුණ ඇත. පොදුවේ ගත්.කල මෙහි ඇති බොහෝ ගල්කුළු වල සොහොන් කොටා තිබුණි. අවසනාවකට මෙම සොහොන් වල ඉස්සරහින්ම තනා තිබූ රාජාලින්ගේ හිස් නැත. මෙම කුරුල්ලා අද මෙන්ම එදත් මෙම කාන්තාරයේ ජීවත් වී ඇත. පැරණි මිනිසා රජාලියාව හැම සොහොනකම දොරටුවේ මැද ඉතාමක් ලස්සනට තනා තිබුණද අවාසනාවකට පසුගිය කාලයක එකතරා මිනිසුන් කොටසක් විසින් කුරුල්ලාගේ හිස් බිඳ දමා ඇත. මෙහිදි ඒ ඈත අතීතයේ තිබී නැතිවී ගිය ශිෂ්ඨාචාරය ගැන මොනවට පැහැදිලි වේ. (There was a great, but lost civilisation)
සෙඩමෙන්ට්රි ගල් යනු වැලි ගල්ය. වසර මිලියන ගනනකට 6කට එහා, පෙර ජලයෙන් යටවී තිබියදී මඩ තට්ටු වශයෙන් තැනපත් වීමෙන් මෙම ගල් සෑදී ඇත. ජල හා සුළඟේ කාදනය මගින් ඒවාට විවිධාකාර හැඩ ලැබී ඇත. මෙහි යකඩ හා වෙනත් මිනරාල් වර්ග බොහෝ සෙයින් ඇති බැවින් එම වැලිගල් වලට පැහැයන් ලැබී ඇත.