හුස්ම විනිවිද දකින්න – මාධ්‍ය වේදිනී ඉන්දිරා පෙරේරා

ජීවිතය හිස් අතින් අරන් එන මම ඔබ අපි සියළු දෙනා වෙනුවෙන්ම ඉන්න එකම අතිජාත මිත්‍රයා හෙවනැල්ල. හුදෙක් ආදරය , විරහව, ආනන්දය එකට කැටිවූ අනේක විද හැගුම් පොදි තනිව දරාගත් ඔබ සිත මා සිත තනිව ජයගත් මේ ජීවිතය හරි දුර්ලබයි.. එවන් වූ අතිශය උතුම් වූ ආත්මයට සාදාරණයක් ඉශ්ඨ කරමු..

ඔබ ඔබ සමග සිනහවෙන, ඔබ ඔබට ආදරය කරන , ඔබ ඔබේ හදවත පිරිමදින ඔබේම ඉසිවරයා වන්න. ජීවිතය දෝතින් ගෙන මලක් සේ පුබුදුවන්නට පැන් පොදක් ඉසින්න. තම ජීවිතය නම් වූ මල් පොකුරෙහි අලුත් කැකුළු පිබිදෙන්නට ඉඩ හරින්න..
තනිය දිවියේ නොතනිය කරගන්න..

හුස්මක විනිවිද දකින්න…
හුස්මක විනිවිද විදින්න…

-ජායාරූපය-

පියපත් නොමැත නිල් අහසේ ඉගිලෙන්න
කවි හිත ඇතිය හිත් අහසේ පායන්න
සද දුර වැඩිය තරු අතරින් බැස යන්න
මල් පෙති නොපාගා දහදිය නික්මෙන්න

අකුරට දෙකට පොත අරගෙන කියවන්න
නැහැ බැහැ නොකියා තේ හදනවා හැම රෑක
තනි නොතනියට මග බැලුවට ඔබ නැද්ද
විගහින් ගිහින් එනවද මට තනි නැද්ද

සද දිය පොවා මල් නටුවක එල්ලීලා
හිත කිති කවා මව් සෙනෙහෙන් පේවීලා
කිරි මව් සුවද හද රහසේ එක්වීලා
මැවු මවු මවාගෙන නටමී තනිවීලා..

ඉන්දිරා පෙරේරා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *