කොවිඩ් මරණ 40,000ක් ආදාහනය කළ අන්සාර් කාන්ගේ හුස්ම….

තමන්ගේ පණ ටික ගැන නොහිතා තමන්ගේම වන අයගේත් තමන්ගේ ම වූ රටක සුවහසක් ජනතාව ද වෙනුවෙන් තම හුස්ම වැටෙන, ගිලන්‍ රථ රියදුරෙකුගේ කතාව..

අවුරුදු විසිපහක් තරම් වූ තම සුන්දර තාරුණය සතියේ දින හතේම දිනකට පැය දොළහක් පුරාවට ගිලන් රථයක් තුල පුද්ගලික ආරක්ෂක ඇදුම් , උපාංග සියල්ලගෙන් ආවරණව

හුස්ම නොගන්නා සහ හුස්ම ගන්නට වෙර ගන්නා ජීවිත දස දහස් ගණනින් එහා මෙහා ගෙන යන, ගෙන ගිය අන්සාර් කාන් ඉන්දියානු ජාතිකයෙක්. මාස ගණනක පුංචි දියණියක් සහ ආදරණීය බිරිදක් වන ඔහුගේ පවුල් සංස්ථාව දෙවනුවට තබමින් සෑම උදෑසනකම ඔහු සැරසෙන්නේ පෙ.ව 9.30 වන විට මෲතශරීරාගාරයට සහ සොහොන් බිම් කරා කොරෝනාව බිලිගත් හුස්ම හැරගිය ජීවිත ගෙන යන්නයි.

තම දියණිය අතට ගෙන සුරතල් කරන්නට, සෙනෙහෙන් නැළවෙන්නට කාලයක් සොයා ගන්නවා තියා ඒ ගැන සිතන්නටවත් කාලයක් සොයා ගන්නට නොහැකි වන්නේ ඉන්දියාවේ දැනට පවතින අතිශය කටුක, දුක්කිත සහ මාරාන්තික වසංගත තත්ත්වය නිසායි. මේ වනවිට කොවිඩ් මරණ 40,000ක් පමණ ආදාහනය කිරීම වෙනුවෙන් කැපවූ අන්සාර් කාන් ජීවිතය සහ හුස්ම වෙනුවෙන් තබා ඇත්තේ අවිශ්වාසයක්.

බැලූ බැලූ අත වසංගතය බිළිගත් ජීවිත, බලාපොරොත්තු සුන්වූ ජීවිත, තම දෑසින් වසන්කරගන්නට තිබුනා නම් කියා ඔහුට සිතුනු වාර අනන්තයි. මෙතෙක් ඉමහත් භක්තිමත්ව අවසන් ගමන් ගිය අනේක වූ ජීවිත වෙනුවට මේ වසංගතය හේතුවෙන් අහේතුකව තම පවුලේ අයවත් නොදැන ,නොදැක යන්නට ගිය අයවලුන් අනන්තයි අප්‍රමාණයි. එහෙව් ජීවිත හුස්ම යදින හැටි, ඒ ගන්නා වෑයමම පමණක් අන්සාර් ගේ නෙත් මානයේ දිස් වෙද්දී ඔහු සේවය අවසන් වී තම නිවෙස කරා ආපසු හැරෙන්නේ සිය දහසකගේ අවසන් ගමනට අවසාන වශයෙන් සහභාගි වීමෙන් අනතුරුවයි. පණ ඇති මිනිසෙක්ට කල හැකි අතිශය බැරෑරුම් කාර්‍යය නම් අනපේක්ෂිත සමුගැනීම් දහසකට එකවර මුහුණ දීමයි. එහෙත් මොහු රාජකාරිය අභිබවා තම ජීවිතයද සින්නකර සිය දහසකගේ අවසානයට එක්වූ හැමගේම සහෝදරයෙක්. ජාති, අගම්, කුල , බේද සියල්ලම එක අහසක් යට මිහිදන් වන, දැවෙන ලෝකෙක වසංගතයක් හමුවේ හුස්ම හයිය වූ හිත හොද මිනිසෙක්.. අන්සාර් ..

එකම හිර හද එළිය එකම අහසක් යටම
හුස්ම එක දෙක නොවී සියදහස් ගණනක්ම
ඔබ කොහිද මා කොහිද හැම එකම අළු විලස
සුළං රැලි පාවෙවී යයි සබද හුස්ම පොද

මල් කැකුල අඹු එක්ක මග බලා ඇති නිබද
සිත ගැහේ හඩ එක්ක අතට ගත්තා විලස
ගත විඩා වී නිතර හිත වඩා හෙම්බත්ය
හෙටත් ආ හැකි වුවොත් එය ජයකි මා ලැබුව

 

  • හුස්ම විනිවිද
  • ඉන්දිරා පෙරේරා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *