විශාලවක මැද ජෝගී නටන මෝදි – තරණය – හසිනි දෙනිපිටිය

මුළු මහත් ඉන්දියාව ම විසාලාවක් බවට පත් වී දින ගණනාවක් ගොස් හමාරයි. තවමත් තත්ත්වය එලෙසමයි. දිනෙන් දින අඳුරට යන ඉන්දියාව තුළ ප්‍රශ්න ගණනාවකි.

මේ වනවිට දෛනිකව වැඩි වන මරණ අනුපාතය දරා ගැනීමට දිල්ලියේ පවතින අදානාගාරවලට නොහැකි තත්ත්වයකට පත් වී තිබේ. මේ නිසා දිල්ලි බලධාරීන් පවසන්නේ විකල්ප ස්ථාන ආදානාගාර කටයුතු සඳහා යොදා ගන්නා ලෙසයි. දිල්ලි පොළිස් නිළධාරීයෙක් විදෙස් මාධ්‍යට අනාවරණය කර තිබුණේ මේ වනවිට කෝවිඩ්-19 මරණ සඳහා වෙන්කර නොමැති අදානාගාරවල පවා අදාහන කටයුතු සිදු කෙරෙන බවයි.

මේ අතර ඉන්දීය සෞඛ්‍ය ආමාත්‍ය හර්ෂ් වර්ධන් ප්‍රකාශ කරන්නෙ එරට මරණ අනුපාතය ලෝක මරණ අනුපාතය සමඟ සැසඳීමේ දී අවම අගයක් ගන්නා බවත්, ඔක්සිජන් සැපයුම ප්‍රමාණවත් බවයි.

කෙසේනමුත් නවදිල්ලි අගනුවර රෝහලක ඔක්සිජන් නැතිකමින් රෝගීන් පිරිසක් ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

ඔක්සිජන්, අත්‍යවශ්‍ය ඖෂධ, රෝහල් ඇඳන් හිඟය තවදුරටත් ඉන්දියාව තුළ පවතින ප්‍රධාන ම ගැටලු වී තිබේ. මේ වනවිට රෝගීන් බොහෝ දෙනා නිවාස තුළ සිටිමින් ප්‍රතිකාර ගැනීම සිදුවන අතර ආසාධ්‍ය වී නිවසේ ම මියයන පිරිස් ද සිටිති. මෙම තත්ත්වය මත සැබෑ දත්ත ප්‍රමාණය ඉතා ඉහළ අගයක් ගනු ඇතැයි වෛද්‍යවරු පවසති. එසේම තම ආදරණීයන්ට අවශ්‍ය ඖෂධ ආදීය ලබා ගැනීම සඳහා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ උපකාර අයැදින පිරිස් ද මේ වනවිට ඉන්දියාව පුරා ම සිටිති.

මේ අතර කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල ගිනි ගැනීම් ද වාර්තා වී තිබේ. බටහිර ගුජරාටයෙන් එවන් අනතුරක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබුණි.

සෞඛ්‍ය අංශවලට දරා ගැනීමට නොහැකි ත්ත්ත්වයක් උදා වී ඇති බැවින් අමතර සේවාවන් ලබා දෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශයෙන් සහය ඉල්ලා පැතිමට එරට සෞඛ්‍ය අංශ තීරණය කර තිබේ. මේ වනවිට ඉන්දීය හමුදාව සතු ඔක්සිජන් සිලින්ඩර රෝහල් කරා රැගෙන යන අතර ම විශ්‍රාමික හමුදා වෛද්‍යවරුන්ට ද නැවත සේවයට කැඳවා තිබේ. එසේම ඔක්සිජන් සහිත රෝගීන් 10 000කට පමණ ප්‍රතිකාර කළ හැකි සායන සහ අධි සත්කාර ඒකක දහසක් පමණ ඉන්දීයාවේ හමුදාවේ සහය ඇතිව දිල්ලිය පුරා පවත්වා ගෙන යාමට කටයුතු කර ඇති බව බලධාරී පවසති.

කෝවිඩ් වෛරසය පාලනය කිරීමට නම් එන්නත්කරණය කඩිනමින් කළ යුතු බව වෛද්‍ය මතය යි. මේ වනවිට වයස අවුරුදු 18 ඉක්ම වු සියල්ලට ම කෝවිඩ්-19 එන්නත ලබාදීමට ඉන්දීය රජය අනුමැතිය ලබා දී තිබේ. නමුත්
ඉන්දියාව තුළ දැඩි එන්නත් හිඟයක් පවතින අතර තවත් මාස ගණනාවක් යනතුරු පැවතිය හැකි බව ලොව දැවැන්තම එන්නත් නිෂ්පාදන ආයතනය වන Serum ආයතනයේ ප්‍රධාන විධායක අදාර් පූනවල්ලා අනතුරු අඟවයි. මේ වනවිට ඉන්දීයානු ජනගහනයෙන් කෝවිඩ් එන්නතයෙහි මාත්‍රා දෙකම ලබා දී ඇත්තේ ඉන්දීය ජනගහනයෙන් 2% කට පමණි. පළමු එන්නත්කරණය සම්පූර්ණ කර ඇත්තේ ද සමස්ත ඉන්දීය ජනගහනයෙන් 10% කට පමණි.

දරුණු ලෙස ව්‍යාප්ත වෙමින් පවතින කෝවිඩ් වෛරසය නොසලකා හරිමින් එක්‍තරා ආගමික නායකුගේ උපන්දිනයක් අම්රිත්සාර් නගරයේ දේවාලයක දී පුද්ගලයින් රැසකගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුණි. එම උත්සවය ම පැවැත් වු සික් දේවාලයේ ආගමික වතාවත් ඉටු කිරීම සඳහා අගමැති නරේන්ද්‍ර මෝදි සහභාගී වු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. මෙවන් තත්ත්වයක් තුළ රටේ දෙවන පුරවැසියාගෙ මෙම හැසිරීම ප්‍රශ්නාර්ථයකි. කෙසේනමුත් විරෝධතා හමුවේ වුවද බටහිර බෙංගාල මැතිවරණය ද ඉන්දීය රජය විසින් පසුගියදා පවත්වා තිබූ අතර මැතිවරණය සඳහා විශාල ඡන්දදායකයන් පිරිසක් සහභාගී වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *