ලංකාව කියන්නේ දැන් සාධාරණත්වය ජෝක් වුණ රටක් – නිරූපා සේරසිංහ

ගම දකුණේ කිව්වම මාර අභිමානයක් එනවා නේද ?May be a black-and-white image of 1 person and outdoors

ගම දකුණෙ කිව්වම ගැම්මක් එනවා කියන එක මම හිතන්නේ පැනඩෝල් බිව්වම ඔළුවෙ කැක්කුම සනීප වෙනවා කියනවා වගේ මාර්කටිං ලයින් එකක් කියල මට හිතෙන්නේ. 1971 පිහිටවපු බංගලාදේශයටත් ණය වෙලා ඉන්න රටක දකුණෙ ඉපදුණා කියලා ගැම්මක් එනවා නම් ඉතින් ඒක පිස්සුවක්. දකුණට බලපාපු ලොකුම ස්වභාවික විපත සුනාමිය. ඒ වෙලාවේ හැදුණ හෙල්පිං හම්බන්තොට ගිණුම ගිල්ලා කියන්නෙත් දකුණෙ පුතෙක් නේ? ලංකාවේ ඉඩම් කුණුකොල්ලෙට චීනෙයට විකුණනන්නේ කවුද? එතකොට දකුණ ගැම්ම තියෙනවා කියන අයගෙන් මම අහන්නේ දැන් සැපද කියල. මම දකුණෙ සංස්කෘතියට ආදරෙයි. ඒ ජීවන රටාවට ආදරෙයි. ඒ මුහුදු හුළං එක්ක හැදී වැඩුන සුන්දර අතීතයට ආදරෙයි.

දේශසීමා , ඡන්ද කොට්ඨාශ, දිස්ත්රික් මායිම් කොහොමද මුනිස් ජීවිතේ ගුණයකට බලපාන්නේ ?

මැතිවරණ පවත්වාගෙන යන්න ඒ දේවල් අවශ්‍යයි. වෙනත් පරිපාලන කටයුතු පවත්වාගෙන යන්න ඒ දේවල් අවශ්‍යයයි. නමුත් ඒ දේවල් මත පදනම් වෙලා ඇති වෙන ගැටලුකාරී තත්ත්වයන් නම් විකාර. රජයෙන් ලබා දෙන සහනාධාර වගේ දේවල් ඔය කියන බෙදුම් රේඛාව මත පදනම් වෙන අවස්ථා අපි දකිනවා. තමන්ගේ පලාතට බලවත් ඇමති කෙනෙක් සටත් එහා ගියොත්මතන්ගේ පලාතෙන් ජනාධිපති කෙනෙක් බිහිවුනොත් ඒ පලාතට සංවර්ධන ව්‍යාපෘති එනවා . ඒත් හැබැයි ඒ පළාතෙ මිනිස්සුන්ට යන්න වැසිකිලි පහසුකම් නැති වෙනනත් පුළුවන් බවට උදාහරන අපි පහුගිය කාලේ දැක්කා ඒ වගේම තවත් උදාහරණයක් තමයි මේ දවස්වල දරුවන්ට ලැබෙන ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය පෙන්නනනවා කොහොමද දහ ඔබ කිව් බෙදීම් බලපාන්නේ කියලා . හැබැයි තවත් එකක කොළඹ කියන පරිපාලන දිස්ත්‍රික්කය ගත්තොත් රටේ මිනිස්සුන්ගේ උප විනඥාණයේ තියෙනවා කොළඹ මාරයි කියලා. ඒත් ඒක එහෙම නැහැ කියලත් අපි දන්නවා නෙ.

 ලෝයර් කියන්නේ අහු වුනු තැන ගහගෙන කන සෙට් එකක් කියල කතාව ගැන සිරාම අදහස මොකද්ද?May be an image of Nirupa Serasingha

ලංකාව කියන්නේ දැන් සාධාරණත්වය ජෝක් වුණ රටක්. පිටරටක ජනාධිපති කෙනෙක්ට අගමැති කෙනෙක්ට විරුද්ධය නීතිය ක්‍රියාත්මක වෙනවා දැක්කම අපේ රටේ මිනිස්සු හිතනවා ඒ රටවල ඉන්නේ පිස්සො කියලා. හාමුදුරුවෝ කෙනෙක්ව වුණත් බණකට ආරාධනා කරද්දි බලන්නේ ඒ හාමුදුරුවෝ ටීවී එකේ බණ කියනවද කියල. විශාල දැනුමක් තියෙන මනුස්සයෙක් වුණත් බස් එකේ යනව නම් ඒ මනුස්සයගේ දැනුම කාටවත් වැඩක් නැහැ. මොකක්ද මේ පිළිඹිබු වෙන්නේ? අපි ගරු කරන්නේ සන්දර්භයට නෙවෙයි ආටෝපයට කියල. හරි ඒත් කමක් නැහැ කියමුකො ආටෝපේට ජීවත් වෙන්න ඉඩ දෙන රටක් නම් මේක. සෝබනේට කෙසේ වෙතත් නොතෙමි යන්න පුළුවන් සාමාන්‍ය වාහනයකටත් ආණ්ඩු 300% විතර බදු ගහනවා. ආටෝපේ තියෙන්නත් ඕන ඒක ගන්න විදියකුත් නැහැ. ඉතින් හාමුදුරුවෝ අටපිරිකර විකුණලා හරි බෙන්ස් එකක් ගන්න හිතනවා. අමාරුම නම් දේශපාලන පක්ෂයක් තෝරන් පොලිටිකල් බණ කියනවා. ගුරුවරු 1 වසරේ ඉඳන් ළමයිට ටියුෂන් කරනවා. මේ ක්‍රමයෙන් කාටවත් බැහැ පැනලා යන්න. නීතිඥවරු ඔතන හයිලයිට් වෙන්නේ ලංකාවේ මිනිස්සුන්ට නීතිඥ සහය අවශ්‍ය වුණාම විකල්ප නැති නිසා. අපේ රටේ මිනිස්සුන්ට ලෙඩක් හැදුනම මොකක්ද කරන්නේ යාලුවෙක් කියන බෙහෙතක් ගන්නවා. ඒක සෙට් වුණෙ නැත්නම් ෆාමසියෙන් ලෙඩේ කියල බෙහෙතක් ගන්නවා. ඊට පස්සෙත් හරි ගියේ නැත්නම් තමයි දොස්තර කෙනෙක්ගෙන් දොස්තර කෙනෙක් ලගට ගිහින් බෙහෙත් ගන්නේ. හැමදේටම ඔහොමයි. නීතියට ඕක බැහැ. ඉතින් අපි ඉදිරි පෙළ බැනුම් අසන්නෝ. වෙන දෙයක් නැහැ.

ඇත්තට ඇත්ත කියන්න ලංකාවේ නීතියක් තියෙනවද ? ඒක හැදුවේ කවුද ? ඒක උදව් වෙන්නේ කාටද ?May be an image of 1 person and text that says 'ජාතිත ජන தேசிய மக்க'

නීතියක් තියෙනවා පොත්වල. නීතිය එදා කාලේ පටන්ම හැදුවේ තමන් නීතියට උඩින් ඉන්නේ කියල මාන්නයෙන් ඉන්න පිරිසක්. රජ කාලේ ඉඳන් එහෙමයි. ඒකනේ අර එළාර රජ්ජුරුවන්ගේ සිද්ධිය අපි පට්ට ගහන්නේ. වෙන උදාහරණ නැහැ දෙන්න ඕන නැහැ. සුද්දෝ නීති හැදුවා. ඒත් ඔවුන් ඒ කාලේ අපේ රටේ ඉද්දි දැන් ඔවුන්ගේ රටවල ඉන්න තරම් ශීෂ්ඨ විදියට අපේ රටේ හිටියා කියල මම විශ්වාස කරන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් නීති හැදුවේ කවුද කියල අපි හැමෝම දන්නවා නෙ. ඒක උදව් කරන්නේ කාටද කියල අපි දන්නවා නෙ. යකාට ගිය රටක චොකාට ගිය නීතියක අපි ඉතින් හැමදාම උදේට උසාවි යනවා.

ලංකාවේ පොලිටිකල් ගැන දරණ අදහස මොකද්ද?

මට ලංකාවේ පොලිටික්ස් කියන්නේ වේදිකා නාට්‍යයක්. වේදිකාවට පාත්‍ර වර්ගයා ගොඩ වෙන්නෙම මුල මැද අග දැනන්. ප්‍රේක්ෂකයා ඉතින් විසිල් ගහනවා. අත්පුඩි ගහනවා. බය වෙනවා. දුක් වෙනවා ගෙදර ගිහිල්ලා විචාර ලියනවා. හම්මේ ඉතින් අධ්‍යක්ෂක සහ න`එ නිළි පිරිස ලාබේ බෙදාගෙන ගෙදර යනවා. එකම වෙනස සමහර වේදිකා නාට්‍ය ප්‍රොෆිට් උපයන්නේ නැහැ. ලංකාවේ දේශපාලනය නම් වේදිකා නාට්‍ය සදා ප්‍රොෆිට්

පොලිටිකල් කරන්නේම හුදු ආත්ම ලාබයක් නැත්නම් ඉන්න තැනින් එසවීමක් හදා ගැනීමටම නේද ?

මේ ලෝකේ හැමෝම පොලිටික්ස් තමයි කරන්නේ. ඉස්කෝලේ පන්තියේ දක්ෂම ළමයාගේ පොත් නැති වෙන්නේ, ළඟපාත පන්සලක දක්ෂ ධර්මය නිසි ලෙස උගත් භික්ෂූන්වහන්සේ කෙනෙක් වැඩ ඉද්දි වටේම පන්සල්වලින් ඒ පන්සලට නානාප්‍රකාර චෝදනා එන්නේ, දක්ෂ වෛද්‍යවරුන් කොච්චර හිටියත් වෛද්‍ය සභාවේ සභාපති වෙනස් නොවෙන්නේ ඉතින් පොලිටික්ස් නැතුව වෙන මොකක්ද? ඔය අහන්නේ දේශපාලනයට නම් මට කියන්න තියෙන්නේ ඔය කාරණා දෙකම මම අත්පත් කරගෙන මගේ පෞද්ගලික ජීවිතය මට අවශ්‍ය තැනට හදා ගත්තට පස්සේ තමයි දේශපාලනය කරන්න තීරණය කළෙ ඉතින් මට තිබ්බේ වෙන අරමුණක්. ඒක මේ සමාජය දශමයකින් හෝ ඉස්සරහට තල්ලු කරන්න ඕන කියන අවංක ඇගේ අමාරුව මිසක් වෙන කිසිම පෞද්ගලික හේතුවක් නෙමෙයි

ජනතා සේවය කරන්න පාර්ලිමෙන්ට් යන්නම ඕනද

පාර්ලිමේන්තු ගිහින් ඉන්න පිරිස ජනතාවට කරන සේවය දැක්කම එයාලා එතැනින් එළවලා ඇත්තටම ජනතාවට සේවාවක් කරන්න නම් පාර්ලිමේන්තු කාර්්‍ය භාරය තේරුම් ගත් පිරිසක් ඒ කියන්නේ ජනතාව වෙනුවෙන් නීති සම්පාදනය කරන්න රටේ මුදල් නිසි විදියට කලමනාකරණය කරන්න සුදුසු පිරිසක් පාර්ලිමේන්තු යන්නම ඕන.

ලංකාවේ පවතින ධනේෂ්වර ආකෘතිය ලෝකයේ ඔය කියන තරම්ම දියුණු එකක්ද ?

ඔබ කියන ආකෘතියක් නම් මට පේනනෙ නෑ කොහොමටත්. ලංකාවේ තියෙන්නේ එදා වේල දුවන ආකෘතියක්. ගොම බාල්දියකට ෆෘට් සැලඞ් දැම්මට ඒක ෆෘට් සැලඞ් බාල්දියක් වෙන්නේ නැහැ. ලංකාවට එන ඕන එකකට වෙන්නේ ඔය ටික. ධනේෂ්වර ක‍්‍රමය දියුණු නිසානේ අපි ඉතින් ධනේෂ්වර රටවලින් ණය ගන්නේ? සරලයි නෙ

නැත්නම් වමක් විදියට මේ පවතින ධනේෂ්වරයට පැරණි වාමාංෂික ආයුධවලින්ම පහර දී සමාජවාදය ඇති කළ හැකියි කියා ඔබ හිතනවද ?

මම වාමාංශික නැහැ. අන්ත ධනවාදීත් නැහැ. ඒ නිසා මට සමාජවාදී රටක්වත් ධනේෂ්වර රටක්වත් නෙවෙයි ඕන. හො`ද රටක්. කොළඹ හතේ ඉන්න මනුස්සයට වගේම හද්ද වන්නියේ ඉන්න මනුස්සයටත් ගරුත්වයෙන් ජීවත් විය හැකි රටක්. සමාජ සාධාරණත්වය තියන රටක්. ඒ් අරමුණෙනුයි දේශපාලනය කළෙ

කාන්තා අයිතිය සහ පුරුෂාධිපත්‍යය කියන එක අපේ සමාජයේ කවර පදනමින්ද කියවා ගත හැක්කේ….?

කෙටිම උත්තරය රාජ්‍ය නොවන සංවිධානවලට ආදායම් ඉපයීමේ මාතෘකා දෙකක් විදියට. නැත්නම් ඔය වචන දෙක කතා කරපු සහ කරන තරමට මේ රටේ කාන්තාවට මේ වෙන කොට කිසිදු ප‍්‍රශ්නයක් තියෙන්න විදියක් නෑ.

සිරාවටම ගෑණු ආසම සාම්ප්‍රදායික ගෑණි වෙන්නම නේද ?

ලෝකේ ගෑණු හිතන පතන විදිය මම දන්නේ නැහැ. සමාජ ආශ‍්‍රය හරහා ඇති වූ නිගමන කිහිපයක් තියෙනවා. ඒවා විද්‍යාත්මක නැති නිසා මත පළ කරන්න බැහැ සහ මේ සමාජය හරි ආසයි නේද ගෑනු සාම්ප‍්‍රදායික වෙනවට. සාම්ප‍්‍රදායික නොවන ගෑනියෙක් දැක්ක ගමන් සමාජය දෙන ප‍්‍රතිචාර දැක්කම මට පේන්නේ එහෙම

ගෑණු බොන එක මාර අවුල්ද?

අවුල් කියල හිතන අයට අවුල්ල අවුල් නැහැ කියල හිතන අයට අවුල් නැහැ ගෑනු පිරිමි කියන එක පැත්තකින් තියලා ඔය දේ කතා කලා නම් හරි පහසුයි ඇයි ඔය ගෑනු කියලා විශේෂ කරලා ප‍්‍රශ්ණ අහන්නේ . උඹත් සාම්ප‍්‍රදායික ගැහැනියක් දකින්න කැමති පිරිමියෙක් නිසා. ගැහැණියකට ගැහැණියක් වීම ජීවිතේ විදින්න බාදාවක් වෙන්න බෑ. අරක්කු ද සිගරට් ද ජොයින්ට් ද එහෙම නැත්නම් සෙක්ස් ද කියන එක ගැහැනු පිරිමි අනුව බෙදෙන්නේ මේ වගේ ගෝත‍්‍රික මත දරණ සමාජයක විතරයි.

ආදරය කියල අර්ථ දක්වන්නේ සෙක්ස්ද නැත්තනම් සෙක්ස් ආදරේ පාට් එකක් ද ?May be an image of 2 people, including Nirupa Serasingha and people smiling

ආදරේ නැතුව සෙක්ස් කරන්න පු`එවන් නිසානේ ලෝකේ ගණිකා වෘත්තිය කියලම එකක් තියෙන්නේ. හැබැයි
ගණිකාවන් පවා ආදරේ කරනවා නේ. ඔය තරම් ගැඹුරු මිනිස් සංකල්ප මම වටහා ගන්නවත් උත්සහ කරන්නේ නැහැ. මට තේරෙන ටිකෙන් මම සතුටින් . ඕවා විශ්ලේෂණය කරන්න ඔය සිග්මන්ඞ් ෆ්‍රොයිඞ්, සත්ගුරු වගේ මිනිස්සු හිටියා සහ අදටත් එය කරන අය ඉන්නේ.

ගැහැණු ගැහැණු අතර වන බැදීම් හා පිරිමි පිරිමි අතර වන බැදීම් සම්බන්ධයෙන් දරණ අදහස ?

ඒවා බැ`දීම්.ඒවාත් හැගීම්. ලෝකෙ ලස්සන වෙන්නේ වර්ණවත් වෙන්නේ විවිධත්වය එක්ක. මිනිස් හැගීම්වලට අපි ගරු කරන්න ඕන

නිරූපා කියන්නේ කවුද ?

මගේ දිහා බලන කෙනෙක්ට පේන කෙනාම තමයි නිරූපා. නිරූපාව කියවගන්න හරිම පහසුයි.

 පවුලේ වට පිටාව සහ ඉගෙන ගත් පාසල් ජීවිතය

අම්මා තාත්තා මගේ සහෝදර සහෝදරියො නෑදෑයෝ යාළුවෝ වගේම මම ඉගෙනගත් පාසැල් මගේ ජීවිතේ සුන්දර මතක වගේම මගේ ජීවිතයේ අත්තිවාරම. මගේ තාත්තා සාම්ප‍්‍රදායික පිරිමියෙක් නොවුන නිසාම මමත් සාම්ප‍්‍රදායික ගැහැනියක් වුනේ නෑ. ඒ නිසාම මගේ ජීවිතයට ආ පිරිමියාත් සාම්ප‍්‍රදායික කෙනෙක් නෙමෙයි. ඒ නිසා මගේ දරුවොත් මගෙන් සාම්ප‍්‍රදායික අම්මෙක් බලාපොරොත්තු වෙන්නෑ.

මොනවද පහුකරගෙන ආ කඩඉම් ?

නිදහසේ පුටුවක වාඩි වෙලා කල්පනා කළොත් ජීවිතේ හැම දවසක්ම මට කඩඉමක්. හැබැහි ඒ හැම දවසක්ම සුන්දරයි. ගත කරපු අසීරු දවසක් වුනත් සුන්දරව මතක් කරලා විදින්න තරම් මම සුබවාදියි.

ජීවිතේ ලබපු ජයග්‍රහණ සහ පරාජයන් තියෙනවද ?

ජීවීතේ මම ලබපු ජයග‍්‍රහණ කියල මම හිතන්නේ දරුවන් තුන්දෙනා මගේ කුසේ පිළිසි`දගෙන ඔවුන් නිරෝ්ගි දරුවන් ලෙස මේ ලෝකෙට බිහි කරන්න පු`එවන් වීම. කිසි බාහිර දේකින් ඒ දේ කරන්න මට බැහැ ජීව විද්‍යාත්මකව මම ඒ දේට සුදුසු නැත්නම්. අනික් මම ලබපු මගේ ජයග‍්‍රහණ කියල ලෝකේ පිළිගන්න දේවල් මම කැමති නිසා අත්පත් කරගත් දේවල් මිසක් ජයග‍්‍රහණ නෙවෙයි. ලෝකය විසින් පරාජයන් විදියට ලේබල් කරන දේවල් මට කියන්න තියෙන පරාජය මැතිවරණය පරාජය වීම තමයි

අම්ම කෙනෙක් විදියට දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද ? ඇත්තටම වයසට ගියාම සලකයි කියන කෑල්ලක් හිතේ තියාගෙන නේද දරුවන් පෝෂණය කරන්නේ ?May be an image of 1 person and standing

මම දරුවන්ගෙන් කිසිම දෙයක් පෞද්ලිකව බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම ආසයි මගේ දරුවො තමන්ගේ දෙපයින් නැගිටින්න සහ සමාජය කෙරේ සන්වේදී වෙන්න හැකි විදියට ගොඩනැගෙනවා දකින්න. ඒක මගේ දරුවන්ට මගේ ගේ ඇතුලේ පේන්න තියන නිසා එයාලා ඒ විදියට ගොඩනැගෙයි කියන එක් ගැන මට සැකයක් නෑ
වගකීමෙන් කියනවා අනාගතේ සලකයි කියන කෑල්ල කොහෙත්ම නැහැ.මගේ වයෝවෘද්ධ ජීවිතේ ගැන මම විශ්වාස කරන්නේ මගේ පෞද්ගලික බැංකු ගිණුම මත පදනම් වෙලා.

අම්මට තාත්තට දක්වන ආදරේ අස්සේ අම්ම තාත්තා යූස් කිරීමක් තියෙනව කියල හිතනවද ?

මම කොයිම විදියකටවත් එහෙම දෙයක් අත්වි`දලා නැහැ පෞද්ගලිකව සහ මගේ දෙමාපියන්ට කවදාවත් මම එහෙම කරලා නැහැ දේපල වෙනුවෙන් හෝ මගේ ගෙදර වැඩ වෙනුවෙන් හෝ මගේ ළමයි බලා ගැනීම වෙනුවෙන් මම මගේ දෙමාපියන් හෝ මහත්තයගේ දෙමාපියන් පාවිච්චි කරලා නෑ. මගේ දරුවො තුන්දෙනා මගේ බඩට ආ දවසෙ ඉදන් ඔවුන් මේ ලෝකෙට ඇවිත් අද වෙනකම් හැම දෙයක්ම තනිකරම අපි දෙන්න කර ගත්තේ . ඒත් දෙමාපිය ¥ දරු ගැටුම් ගැන කතා නම් උසාවියේ එමටයි.

චරිතයක් විදියට ඉස්සුනොත් සමාජයේ කරගෙන යන ජොබ් එකට චාන්ස් එකක් තියේවි කියන අදහසින් වැඩ කරනවද ?

සමාජයේ චරිත විදියට ඉස්සෙන්න අවශ්‍ය නෑ බාර ගන්න හැම නඩුවක්ම අවසානයේ මගේ සේවාදායකයාට සාදාරණයක් වෙනන් ඕන කියල හිතල වැඩ කරාම ඇති. ඒක තමයි අපිට ලැබෙන හොදම අවස්ථාව අපේ ජොබි එකට චාන්ස් ගන්න. නැතුව අපිට ටීවි එකේ ඇඞ් දාලා ඉස්සෙන්න බැහැ නෙ.

සියල්ල අහිමි වන තැන සහ සියල්ල අතහැර දැමූ තැන ඉන්න නිරූපා දැන් ඉන්න නිරූපා එක්ක කෙසේ ගැලපේද ?

සියල්ල අත්හරිනවා කියල එකක් නැහැ මට අනුව නම්. සියල්ල අතහැරලා පැවිදි වුණත් ඒ මොහොතේ ඉ`දන් පැවිදි දිවියට අදළා දේ අල්ල ගන්න වෙනවා නෙ මට? එකක් අත් අරිනව කියන්නේම තව එකක් අල්ල ගැනීම. අහිමි වන තැනක් ආවොත් එදාට එතැන ඉදලා අයෙත් පටන් ගන්නවා.

අනාගත බලාපොරොත්තුත් කියල වැඩේ ඉවර කරමුද

මගේ දරුවො තුන්දෙනා හරි පාරට දාන එක පළවෙනි අරමුණ. මගේ දරුවන්ට වගේම අනිත් හැම දරුවෙක්ටම මේ රටේ ඉන්න හැකි මටට්මට මේ ජරාජීර්ණ රට කෙස් ගහක් තරමට හරි හරිගස්සන්න කරන්න පු`එවන් ඕනම වැඩක් කරන එකයි අනික් අරමුණ.

ජීවිතේ මේ ප්‍රශ්න කිරීම චරිතයේ කැඩපතක් වෙනවා නම් මොනවද කියන්න බැරි වුනු තැන්..?

පෞද්ගලික කතාවක් නෑ කියන්න පොදු කතාවක් මිස. මේක දකින කියවන හැමෝටම ආරාධනා කරනවා මේ රට මේ තියෙන ආගාධයෙන් අඩියක් හරි උඩට ගන්න දැන්වත් නුවණ යොදවන්න කියලා. දැනටමත් අපි ගොඩාක් ප‍්‍රමාදයි.

 

සාකච්ඡා කලේ 

තුසිත පතිරණ 

One thought on “ලංකාව කියන්නේ දැන් සාධාරණත්වය ජෝක් වුණ රටක් – නිරූපා සේරසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *