හැමදාමත් පීලි පනින රටක් .. – හුස්ම විනිවිද – 04 – මාධ්‍යවේදිනී ඉන්දිරා පෙරේරා

අවාසනාවකට ඉපදුන දවසෙ ඉදන් අද වෙනකන් සංවර්ධනය වෙමින් පවතින රටක ඉන්න අපි එක්කො බලන්නේ වෙන රටකට පැනගන්න. නැත්නම් මොකක් හෝ ගේමක් ගහලා ඉහළට යන්න.

අපි ඉස්සරහට ‍යනවා කියලා හිත හිත යන්න යන්න අපිම දන්නේ නැතුව නැවත් එක්කම ගිලිලා. ආසාවකට ගහක වහලා ඉන්න සැළළිහිනිණියෙක් දකින්න බැරි අපිට අඩුම තරමේ දරුවෙක්ට වත් මේ ඉන්නේ මේ කුරුල්ලා, මේ ඉන්නේ බත් කූරෙක් කියලා පෙන්නගන්න විදිහක් නැතුව හැමදේම අන්තර්ජාලයෙන් හොයාගෙන බාගත කරන යුගයක ඉන්න අපි දියුණුයි ලු. කජු පුහුලමක් දැකලා නැති ළමයි කොච්චර නම් ඉන්නවද.. කාලෙකට විතරක් අපේ රටට සංචාරයෙ එන සිවුරු හොරා, සුදු රෙදි හොරා දැක්ක කාලයක් මතක නෑ. අද කාලේ ළමයෙක් ගෙන් ඇහුවොත් හිතයි ඇත්තටම ඒ හොරු කියලා. ඇත්තටම හොරු අපිම නේද..

කොහෙන් ආපු නැවක් කොහොම කාගෙ වරදින් හෝ කුමන හේතුවක් නිසා හෝ ගිනි ගත්තත් මේ පින්තූරය දකිද්දි මහ දරුණු වේදනාවක් හිතට එනවා. මේ දිනවල මේ හා සමාන පින්තූර බොහොමයක් සමාජ මාද්‍යයේ එහා මෙහා මාරු වෙනවා. ලංකාව කියන්නේ පුදුමාකාර ලස්සන දූපතක්. කොරල් පර, මත්ස්‍ය සම්පත එක්ව දායාද වුන මේ නිල්වන් මුහුදු තීරය රට වටකර තියෙන නිදානයක්. එක පැත්තකින් මුහුද, එක පැත්තකින් කදු, වැසි වනාන්තර මේ හැම සම්පතක්ම එකම රටකට ලැබෙන්නේ නෑ. මුලු ලෝකෙටම තේ, පොල් , රබර් දුන්න ‍රටටයි මෙහෙම වෙන්නේ. නිකන් හිතුවොත් මේ කැස්බෑ අම්මා වෙනුවට මේ මහ සාගරය පුරා මිනිස් අම්මලා මැරිලා ඉන්නවා. අත දරුවෝ වෙරලෙ අම්මලව හොයනවා.නිකමට හිතලා බලන්න..

කොහොම දරුණු වේදනාවක් දැනෙනවද ?

රටේ අස්සක් මුල්ලක් නෑර තියෙන ලස්සනම තැන් හොයලා හෝටල් ඉදි කරලා.ඒවා හොයන් මිනිස්සු ගිහින් ඉදලා එන්නේ පරිසටයත් තව කොච්චර නරක දේවල් එකතු කරලාද.. යන යන තැන මුහුණු පොත්වල ස්ටේටස් දාන මිනිස්සුන්ගේ ජීවිත වල ස්ටේටස් දකින්න පුලුවන් එදා ලංකාවයි අද ලංකාවයි දිහා බැලුවම.

ඉස්සර අම්මලා බත් එක ලිපේ තියලා ඒකට වදිනවා. එකක් බත සපයපු ගොවියට පින්සිද්ද වෙන්න. අනික බත කියන්නේ සිංහල අපේ ප්‍රධාන ආහාරය. ඉස්සර බතට ලුණු දාන්නෙත් නෑ පව් කියලා. එච්චර ගරු කිරීමක් අපේ බතට තිබුනා. අද ගොවියා කොතනද? ගොවිතැන් කරන්නේ කිව්වම ඔබ අපි ඔය කියන ස්ටේටස් කොහෙද..

වන සතුන්ට අයිති ප්‍රදේශ අපි අයිති කරන් ඒ සත්තු එයාලගෙ දේශ සීමාවෙ සැරි සරද්දී අපි වැටවල් ගහලා එලවනවා. පස්සේ කියනවා අලි ගැහුවා කියලා. අදිවේගී මාර්ග වල කොච්චර නම් පාර මාරු වෙන සත්තු හැප්පිලා ඉන්නවද? මාර්ග හැදෙන්න ඕන සියලු සත්තවයින්ට ජීවත් වෙන්න මාර්ගයකුත් එක්ක නේද? වනාන්තර එළි වෙද්දී රටට ආවේනික සතුන් බොහොමයක් වද වෙද්දී අපි දන්නෙම නැතුව අපේ වටිනම අලි සම්පතත් අපිට නැති වෙනවා. අපේ අති උතුම් දළදා වහන්සේ වඩම්මන්නත්, කවදා හෝ කොරෝනා අවසන් වූ කාලෙක නුවර දළදා පෙරහර පවත්වන්නත් ඔක්කොම අලි පිටරටින් ආනයනය කරන්නද වෙන්නේ?

හත්දවසක් මිනිය දෙපැත්‍තේ ඇත් දල දෙක තියලා ඇත්තට හෝ බොරුවට වික්සෝප උන යුගය ඉවර වෙන්න වසංගතයක්ම එන්න ඕන වුනා. මනසින් උසස් මිනිසාමයි සියලු දේ විනාස කරන්නේ. මනස උසස් වෙනවා කියන්නේ සියලු දේ තම වාසිය වෙනුවෙන්ම පිහිටවා ගන්න එකද කියන එක ලොකු ප්‍රශ්නයක්. මගේ, මගෙ පවුල කියන තැනින් එහාට ගිහින් මිනිසාට හිතන්නම බැරිද?..

මේ පින්තූරය අනුව මෙතන කැස්බෑව මැරුණට වඩා ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒක මහා සාගරයට, දීවර කර්මාන්තයට විතරක් නෙමේ අපේ කියන මේ මුලු රටට පොලොවටම ලොකු ප්‍රශ්නයක්. අර පක්ෂය මේ පක්ෂය කරන කන් බලන් ඉන්න, ඒ පක්ශෙ අය මේ පකශෙට බනින, අපිම තමා හොදටම කරේ කියන, ඒ ඔක්කොම බලන් හුරේ දාන අපි දන්නෙම නැතුව අගාදෙට යන්නේ අපේ දරුවන්ට හෙටක් නැති කරගෙන. අදටත් ඩේටා එක්ක මුල් ළමාවිය සංවර්ධනය පීළිපනින යුගයක ඉන්න අපි අපේ දරුවන්ටත් මුලු මහත් සත්වයාටත් මේ රට අහිමි කරලා.

මේ සියල්‍ල අයිති සියලු සත්ත්වයින්ට. කූඹි ගුලක ඉන්න කූඹියෙක්ට පවා මේ පොළොවට මේ රටට අයිතියක් තියෙනවා.

මේ පොළොව උඩ සතුටින් ඉන්න ඕන මම විතරක් වත් ඔබ විතරක් වත් නෙමේ.
මා ඔබ ඇතුලු සියළු සත්ත්වයින්!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *