ඇය – හුස්ම විනිවිද 05 – මාධ්‍යවේදිනී ඉන්දිරා පෙරේරා

ඇය ඔබගේ කවුරුන් හෝ වන්නට පුලුවන්. ඒත් ඇය කියන වචනය කිව්ව ගමන් ඔබට මැවෙන්නේ කවුරුන් හෝ කාන්තාවක්. සියුමැලි ඔබ ප්‍රිය කරන ලස්සන රූපසොබාවෙන් යුත් කාන්තා චරිතයක්. එහෙම දෙයක් මැවෙන්න එහෙම සිතුවමකට අපේ හිත් ආස කරනවා. ආදරය, ජීවිතය, සියල්ලක මූලාරම්භයක් සපයන්නට ඇය දෙන ප්‍රේමයත් එක්ක මිනිස් සිතක ඇය කියන රූපය අපි කැමති ලස්සනට දකින්න.

ඉතින් ඒක නිසාම ඒ සංකල්පයත් එක්ක ගැහැණිය උත්සාහ කරනවා ලස්සනට ඉන්න. ලස්සනට අදින්න. ශරීරය ලස්සන කරගන්න. තරුණ කම රැකගෙන වයසට නොයා ඉන්න. මෙය කොයි තරම් නම් වෙහෙසකරද කියලත් ඔබට වෙලාවකට හිතෙන්නට පුලුවන්. මිල අදික රූපලාවණ්‍ය නිශ්පාදන, මිල අදික ඇදුම් පැළදුම් (අපි කියන්නේ බ්‍රෑන්ඩඩ් කියලා), වගේ දේවල් වලින් අමතර වටිනාකමක් අපි එක්කරගන්න උත්සාහ කරනවා. මේ භෞතික වටිනාකමට අමතරව දිගුකාලීන වටිනාකමක් , අධ්‍යාත්මික වටිනාකමක් අපට එක්කරගන්න බැරිද?..
කෙනෙක්ව ඇය හෝ ඔහු, කවුරුන් හෝ අපිට ලස්සනට පේන්නගන්නේ මුලින්ම ඔහුගේ හෝ ඇයගේ පිටත පෙනුමෙන්. එහෙත් කාලයත් එක්ක ඒ වටිනාකම ඒ ලස්සන අඩු වෙන්න පටන් ගන්නවා. හේතුව නම් ඒ කෙනාගේ ක්‍රියාකලාපය, කතා කරන විලාසය, මිනිසුන් හා ගණුදෙනු කරන ආකාරය එක්ක අපිට ඒ පුද්ගලයා තව දුරටත් වටිනා කෙනෙක් නොවන්නට ඉඩකඩ තියෙනවා.
කාරුණික වචන හදවතින්ම කතා කරන කෙනෙක්ට ආකර්ෂණීය නාදළු වන් දෙතොල් උරුම වෙනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවාද..
අපි ගොඩක් මිනිස්සුන්ගේ වැරදි කතා කරන්න හරි ආසයි නේ.. ගොඩක් වෙලාවට කෙනෙක්ට හිනා වෙන්න. අඩු පාඩු තියෙන තැනම උලුප්පලා පෙන්නන්න. කෙනෙක්ගේ හොද පැත්ත විතරක් ඔබට දකින්න පුලුවන් නම් ඔබටත් මටත් ආදරණීය පෙනුමක් ලබා ගන්න පුලුවන් කියන දේ ඔබ විශ්වාස කරනවාද..
අපි ජීවත් වෙන මේ මහපොලොව උඩ අපිට සොබාදහමින් අම්මාගෙන් තාත්තා ගෙන් ලැබිලා තියෙන්නේ අපිට ලැබෙන්න තියෙන උතුම්ම උපරිම සම්පත. තව කෙනෙක් ව අගය කිරීම තුලින් ඔබට නැති වෙන දෙයක් නෑ නේද.. ඒහෙත් ඔබ අපහාස කලොත් , ඇයව හෝ ඔහුව අපහසුතාවට පත් කලොත් ඔබට ලැබෙන්නේ අපැහැදීම පමණයි. මෙතෙක් ඔබව ලස්සනට දුටු හැමෝම ඔබව පිළිකුල් කරන්නට පුලුවන්.
මිනිසුන්ගේ හොදපැත්ත දකින්න, ඒ හොද එක්ක ගණුදෙණු කරන්න ඔබට ඔබේ මනස පුහුණු කරගන්න පුලුවන් නම් ඔබ ඉතාමත් සුන්දර චරිතයක්.
කෙට්ටු ශරීරය අද සමාජයේ රැල්ලක් වෙලා. ඔබට වැඩිපුර තියෙන දේ නෙමේ ඔබට තියෙන දේ තව කෙනෙක් එක්ක බෙදාගන්න. කුසගින්නෙන් සිටින අය එක්ක ආහාර බෙදාගන්න. ඔබට ඔබ ආදරය කරන ශරීරය ලැබෙයි. ඔබට එය විශ්වාසද..
කාන්තාවකට කේශකල්‍යාණිය කියන්නේ බොහොම වටින දෙයක්. ආදරණීය දෙමාපියන්ගේ ජාන බලපෑමත් එක්ක ලැබෙන හිසකෙස් කැරැලි සහිත අය කෙලින් කරගන්නත් , කෙලින් හිසකෙස් ඇති අය කැරැලි කරගන්නත් අනේක විද රසායනික ද්‍රවය කොන්ඩෙට එකතු කරගන්නවා. මේවා මොනතරම් ශරීරයට විසද කියලා ඔබ නිකමටවත් හිතුවද? ඒ හැමදේම කෙටිකාලීන ලස්සනකට වැහිලා ගිහින්. ඔබ ඔබේ හිසකෙස් ඒ ආකාරයෙන් පිළිගන්න. එයට සාත්තු කරන්න. එය ඔබට ලස්සන ගෙනදෙයි.
ලස්සන සමබරතාවයක් ඇති කර ගැන්න. ඔබ කිසි විටෙකත් තනි වී නැති බව දැනගෙන ඇවිදින්න, මන්ද ඔබට ආදරය කරන හා ආදරය කළ අය ඔබ සමඟ එක්ව එන නිසා. ඔවුන් ආදරය කරන්නේ ඔබට නිසා. ඔබ ඔබම වෙන්න. සුන්දරව ඔබ වෙන්න.
මිනිසුන්, වස්තූන් වලට වඩා සවිමත් විය යුතුයි..පිබිදිය යුතුයි .. අවශ්‍යයයි සහ ඔබ, ඔබ වටා සිටින අය වෙනුවෙන් ඉතිරි විය යුතුයි..
කිසිවෙකු කිසිවිටෙකත් අත් නොහරින්න…..
මතක තබා ගන්න, ඔබට කවදා හෝ අතක් අවශ්‍ය නම්, ඔබේ අත් දෙකේම අවසානයේ ඒවා සොයාගත හැකි..
ඔබ ඉපැයූ මිනිසත් කම සුන්දරව ඔබ වෙතට ගලා එයි.
සොබාමව තෑගි දුන් අත්දෙක එකක් ඔබට උදව් කිරීමට සහ දෙවැන්න අන් අයට උපකාර කිරීමටයි.
කාන්තාවකගේ සුන්දරත්වය ඇය පැළඳ සිටින ඇඳුම්වල, මුහුණේ හෝ කොණ්ඩය සවි කරන ආකාරයෙන් නොවේ. කාන්තාවකගේ සුන්දරත්වය ඇගේ දෑස් තුළ දැකිය හැකිය, මන්ද එය ඇගේ හදවතට විවෘත වූ දොරටුව වන අතර ඇගේ ප්‍රේමයේ උල්පත එයයි….
කාන්තාවකගේ සුන්දරත්වය ඇගේ වේශ නිරූපණය තුළ නොපවතින නමුත් කාන්තාවකගේ සැබෑ සුන්දරත්වය ඇගේ ආත්මය තුළ පිළිබිඹු වේ.
ආදරය ලබා දෙන මුදු මොළොක් බව, එය ප්‍රකාශ කරන තෘෂ්ණාවයි…
කාන්තාවකගේ සුන්දරත්වය ඇයගේ මුළු ජීවිත කාලය පුරාම පවතී.
ඉදින් ආදරය දෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *