අනවශ්‍ය සියල්ල ගිල දමන පැංචෝ – වෛද්‍ය බෝධිනී සමරතුංග

නංගිගෙ නාහෙටත් කඩල් ඇට රිංගවා තමන්ගේ නාහෙටත් දමාගෙන උතුරු කොන රෝහලට ආ පැංචියි එයාගේ අයියයි මට තවමත් මතක, එදා හදිසි ඒකකය වෙත කතා කළ අප කාටත් උගුර කන නාසය සම්බන්ද අත්දැකීම් නොතිබුණු නිසා ය. උතුරු කොන රෝහලේ අප වැඩ කළ එකක වලට අමතරව අපට තිබෙන දැනුම සහ අත්දැකීම් මත හදිසි අවස්ථා වලදී උදව් කරන්නට ද සිදු වේ. හොඳ වෙලාවට “කෝකටත් තෛලය” බවට පත්වන ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙක් සිටින නිසා ඔහුගෙන් ඇසූ විට ඔහු ඒ සම්බන්ධයෙන් අත් දැකීම් ඇති බව කියා විගහින් එහි ඇවිත් උපකරණ කට්ටලය රැගෙන කඩල ඇට පෝලිම නාහයෙන් සහ කන් වලින් එළියට ගත්තේ අපි හැමගේම හිනා සහ ඒ දරුවන් වෙත එල්ලවූ අම්මගේ බැනුම්  මධ්‍යයේය. ඒ නිසාම මම ද මගේ දරුවා සම්බන්ධව සෑහෙන්න ඒ ගැන විමසිල්ලෙන් සිටියෙමි.

දීපවාලී දිනයක මගේ දුව ගේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ ටීචර් නළලත මොට්ටුවක් ඇලවූයෙන්
“මේක කටේ දමා ගනීවි” කියා මම ඊට විරුද්ධ වුවද ඇය කීවේ ඔවුන් එසේ නොවන්නට හොඳින් බලා ගන්නා බව ය.
හවස මොට්ටුව පෙනෙන්න නොතිබුණත් ගෙදර ඇවිත් මළ පහ දැමූ විට ඒ මොට්ටුව පැම්පර් එකේ මළ පහ සමග  ලස්සනට බැබලෙමින් තිබුණේ මට ටීචර්ව මතක් කරමිනි. ඒවගේම එක්වරක් රතු කහ වර්ණ චෝක් කැබලි මළපහ සමග දිදුලමින් තිබුණි.
තව දිනයක මගේ රාත්‍රී වැඩ කාලයේ පැමිණියේ කුඩා පැංචන් දෙදෙනෙකි. කන් වල වැලි පුරවන් තිබුණේ මුහුදු වෙරළේ නාන්න ගිහින් සිටියදී ය. එසැනින් ඔවුන් උගුර කණ නාසය ඒ කකය වෙත යොමු කලේ කනෙන් එකක් පිරවුණු මුහුදු වැලි සමග ය. තවත් දරුවෙක් ප්ලාස්ටික් බට කැබැල්ලක් කටේ දමා පිඹිමින් සිටියදී හුස්ම සමග එයා ස්වරාලයේ ඔස්සේ පෙනහල්ල දක්වා ගොස් තැන්පත් විය. එය ගැනීමට කඩිනමින් ළමා රෝහලේ ශල්‍ය වාට්ටුව වෙත ගෙන ගියා මතක ය.
එසේ යම් හානි අවම දෑ ගිල දමා පැමිණ  පසු ඒ දරුවන්ට මළපහ යන තුරු… “ගියාද ගියාද ” කියා අසමින් සිට එම ද්‍රව්‍ය මළපහ ඔස්සේ පිට වූ විට මව්වරුන් සමග අපි ද ජය ගෝෂා නගමින් සැනසුම සුසුම් හෙලුවෙමු.
ළමයි එසේමය. පරිස්සමින් බලා ගත යුතුය. පොඩි පමාවඇති ලොකු ලොකු අවුල් වෙන්නට.
කුඩා දරුවන් මෙලෙස අහුවෙන සියල්ල කටේ දැමීම සාමාන්‍ය වර්ධනයේ කොටසක් වුණා ට 1995/ සිට  2015 දක්වා රෝහල්ගත වීම් ගණනය කළ පර්යේෂකයන් ඔහායෝ රෝහලේ සංගණනය කදි සොයා ගෙන තිබෙනවා ඒ රෝහල්ගත වීම් 2015 වන විට දෙගුණයක් වි තිබෙන බව. එමෙන්ම 75%කම අවුරුදු 5 ට අඩු දරුවන් බව. ගිල දැමූ දෑ අතර… කාසි , සෙල්ලම් බඩු කෑලි, ස්වර්ණාභරණ , බොත්තම් බැටරි ලෙස හදුන්වන පැතලි බැටරි සහ බෝල්ට් ඇන ස්කුරුප්පු ඇන සඳහන් කර තිබෙනවා. ආභාරණ ගිල දැමීමට ගැහැණු දරුවන් අතර බහුල බවක් සඳහන් කරනවා.
ඇපල් කෑල්ල හිරවෙලා රෝහලට ගෙන එද්දිත්  මිය ගොස් සිටි දරුවෙක් ගැන මට මේ ලියන අවස්ථාවේ දී මතක් වේ. එමෙන්ම කටින් කැඩූ පොලිතීන් කෑල්ල,  ස්වරාලය අසල හිරවි හුස්ම ගැනීමට අපහසුවෙන් ඇඩමිට් කළ දරුවා ගේ කැස්ස සමග එය යන්තම් එළියට ආ හැටි මතක් වේ.
බොහෝ විට ඔවුන් ගිල දමන කෑලි බෑලි මළපහ සමඟ පිටවෙන නමුදු අපේ ආහාර ජීර්ණ පද්ධතියේ ඇති spincters හෙවත් වැහුම් ස්ථාන වලින් පිටවෙන්න ට නොහැකි වීම. චලනයේ අවුල් නිසා සිර වීම  සිදුවුවහොත් බඩවැල් තුළ යම් බාධකයක් හිර වීමක් ගොඩ නැගේ. එවිට දිරවු ආහාර ගුද මාර්ගය දෙසට තල්ලු වීම නැවතී බඩ ඇතුලේ obstruction හෙවත් සිර වීමක් දක්නට ලැබේ.
උදරය අසාමාන්‍ය ලෙස පිම්බීම නෙරා එම, උදරයේ දැඩි කැක්කුම ඇති වීම,  වමනය යෑම වැනි දෑ ලක්ෂණ ලෙස පෙනේ.
කාසි ගිල , විවිධ ඇටවර්ග ගල්කැට ගිල පැමිණෙන ළමයි ඕනෑ තරම්.
බඩවැල් සිරවීමක් දක්නට ලැබෙන්නේ නැත්නම්, දරුවා සාමාන්‍ය ලෙස සිටිනවානම් අප  කරන්නේ මළපහ දමන තුරු දරුවා දැඩි නිරික්ෂණය යටතේ තබා ගැනීමයි. ගිල දැමූ දෙය අනුව එක්ස්රේ ගෙන බැලීම ultra sound මගින් පරීක්ෂ කර බඩවැල් සිරාවීමක් දක්නට ලැබේ දැයි පරීක්ෂා කරන හැක. එනමුදු බොහෝ දෑ ඉබේම මළ පහ සමග පිටවෙන් නමුදු දරුවාගේ වයස සහ ගිල් දැමූ එම දෙයෙහි ස්වභාවය මත මෙය තීරණය කරන්නේ වෛද්‍යවරුන් ය. එනිසා එවන් යමක් සිදුවූ වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න.
බොත්තම් බැටරි හෝ කුඩා බැටරි හරිම භයානකයි.
ඒවා දරුවන්ට හවුවෙන්න තියන්නම් එපා. මේ බැටරි ආම්ලික යුෂ සමඟ ප්‍රතික්‍රියා කර බඩ තුළ පුපුරා යා හැකියි. එසේ වූ දරුවන් ගැන කථා අනන්තවත් දකින්න ලැබෙනවා. එනිසා හැමදේම කටේ දමා ගන්නා වයසේ දරුවන් ඉන්නා  දෙමාපියන් මේ ගැන බොහෝ කල්පනා වෙන් ඉන්නා ලෙස මම නැවත වරක් ඉල්ලමි.
විශේෂයෙන් දරුවන්ට දෙන සෙල්ලම් බඩු වල බැටරි කොටස ආරක්ෂිතව ඇනයකින් සම්බන්ද කර වසා ඇති බව දකින්න ලැබුණත් එසේ නොමැති සෙල්ලම් බඩූ ගැන විමසිලිමත් වෙන්න. එවන් අනාරක්ෂිත බැටරි උපකරණ  දෙන්න එපා.
ඔබේ දරුවාට අහු වෙන්න ඉයර් බඩ්ස් ලෙස හඳුන්වන දුරකථන මෙවලම අහුවෙන්න තියන්න එපා. ඒවායේ කානට සම්බන්ද කරන රබර් කෑලි…ඇතැම් දරුවන් හරි ආසාවෙන් කටේ දමන බව දැන් දැන් ඇසේ.
මගේ වෛද්‍ය මිතුරියක පැවසූවේ පුටුවේ දමා ඇති කුෂන් කෑලි කෑ දරුවෙක් අධික බඩ බුරුල් වී යෑ මක් සහිතව රෝහල් ගත කළ අයුරුය.
කපුරු බෝල හරිම විෂ සහිතය.
කපුරු බෝල ඔබ නිවසේ තිබෙනවා නම් වහා ඉවත් කරන්න. මුත්‍රා සමග ලේ පිටවීම එක්ක එසේ රෝහල් ගත කළ දරුවා දැඩි සත්කාර ඒකකයේ දී අවසන් ගමන් ගිය හැටි මතක් වේ.
මේ විවිධ මෙවලම් ඇසුරුම් සියල්ල හදන්නේ රසායනික අමුද්‍රව්‍ය යොදාගෙන ය ඒවා දරුවන්ට විෂ සහිත විය හැක.
එනිසා වැඩියෙන් ප්‍රවේශම් වෙන්න. ශ්වසනාලයට ඇතුල් වුවහොත් පෙනහළු වලට හුස්ම ගන්නා වාතය ගෙන යන් කුඩා නාලයක් පහසුවෙන් මේ නිසා වැසී යා හැකියි. එවිට කින්නින් ඒ දේවල් එළියට නොගතහොත් පෙනහළුවලට හානි පැමිනේ. ඔක්සිජන් නිසි ලෙස නොලැබීමත් සමග ජීවිත හානි පාවා ඇතිවිය හැක.
මෙන්න ඔබට කළ හැකි දේ
මෙසේ ගිල ගන්නා බොහෝ දේ කරදරයක් නොමැතිව ශරීරය හරහා ගමන් කරයි, නමුත් සමහරක්  ගැටළු ඇති කළ හැකිය.  නියපොතු සහ ඇණ යන විට ඒවා නිසා ආහාර මාර්ගයේ බිත්ති සීරීමට ලක් විය හැක, නමුත් වඩාත් ගැටළු මතුකරන  වස්තූන් වන්නේ බැටරි සහ චුම්බක ය.  බැටරි මගින් ආමාශ බඩවැල් පුළුස්සා දැමිය හැකි අම්ලයක් නිකුත් කරයි.  චුම්බක හෙවත් කාන්දම් නම් ඊටත් වඩා භයානක යි. හදිසියේ වත් දරුවා ඔය පොඩි පෙති ලෙස ඇති කාන්දම් එකකට වඩා,ගිලලා නම් ඒවා එකිනෙක ආමාශය හෝ බඩවැල් තුළ ඇලෙනවිට බඩවැල් එකිනෙකඅතර සිරවිය හැක. මා ඉහත සඳහන් කළ අධ්‍යයනයේදී එම රෝහලට කාන්දම් ගිල ආ ලමුන්ගෙන් 13.3%කම එක්කට වඩා ගිල දමා තිබුණා.  ඒ එක්කම එහෙම ගිලපු ළමයින්ගෙන් 71%ක් ම රෝහල්ගත කරන්නත් වෙලා .
අපි කියන්නේ prevention is better than cure කියලානේ . හොඳම ප්‍රතිකාරය වන්නේ වැළැක්වීමයි.
ඉතින් වැඩිහිටියන්ට දරුවන්ට සෙල්ලම් බදු දීමේදී ඒවායේ ගහලා තියෙන 2+, 3+ කියා සඳහන් වයස් නිර්දේශය කෙරෙහි අවධානය යොමු කරන්න පුළුවන්.  එහෙම සඳහන් වෙන්නේ හේතුවක් ඇතුවයි.
ළමයාට අත් පෙවිය හැකි මානෙන් කටේ දමා ගිලිය හැකි අනතුරු සහිත කුඩා දේවල් කිසිවක් තියන්න එපා.  මෙය පැවසීමට හරි පහසු බව මම දන්නවා , මටත් එහෙම කාලයක් ගත වුණු නිසා ඒත් ළමයා වෙනුවෙන් ඒ දේ කළ යුතුයි.
  කාසි, බෙහෙත් වර්ග , බැටරි, ආභරණ ආරක්ෂිතව ගබඩා කිරීමට පුරුදු වෙන්න.  ආ ඒ එක්කම ම මතක තියා ගන්න  ඖෂධ වර්ග සහ රසායනික පිරිසිදු කිරීමේ ද්‍රාවණ හෝ ද්‍රව්‍ය ළමයින්ට අල්ලන්න බැරි තැන්වල තියන්න.
ඒ වගේම තේරෙන වයසක නම් හුස්ම හිරවෙන්න හැකි ද්‍රව්‍ය අපට අහිතකර ද්‍රව්‍ය කටේ දමන එකේ අහිතකර බව සහ හානිය දරුවාට වටහා දෙන්න.
ඔබේ දරුවා යමක් ගිල දමා ඇතැයි ඔබ සිතන්නේ නම්, වහාම ඔබේ වෛද්‍යයවරයා අමතන්න.  ඔවුන්, කපුරු බෝල,  බැටරියක් හෝ චුම්බකයක් වැනි හානි දායක රසායන අඩංගු දෑ ගිල දැමූ බව ඔබ සිතන්නේ නම්, වහාම හදිසි ප්‍රතිකාර ඒකකයට ගෙන යන්න.
හැම විටම වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
කුඩා දරුවන් මොකක් හෝ කටේ දමා ගන්න ඇහැ පිය හෙලන ප්‍රමාදය ඇති !
– වෛද්‍ය බෝධිනි සමරතුංග
 වැඩිදුර මා සඳහන් කළ අධ්‍යන කියවන්නට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *