වවන්න පෙර පෙරලන්න. – වරුණ රාජපක්ෂ

මේ දවස් වල ජවිපෙ සාජිකයො share කරන post එකක්.
මේක හොද slogan එකක්.
හරිම catchy, හොදට rythem වෙනව. හොද insight එකකුත් තියනව.

Insight එක

වවන්න කලින් පස පෙරලන්න ඕනෙ. මේක කවුරුත් දන්න පිලිගන්න සත්‍යයක්, ඒ නිසා “වවන්න පෙර පෙරලන්න” කියපු ගමන් ඒක ඇත්තක් නැත්නම් කවුරුත් පිලිගන්න දෙයක් වෙනව. මේ පිලිගැනීම තමා slogan එකේ insight එක.

ඒක මරු නෑ මාරයි.

හැබැයි මෙතනදි මේ කියන්නෙ පස පෙරලීම ගැන නෙමේ , ආන්ඩු පෙරලීම ගැන , slogan එකේ insight එකේ තියන, පස පෙරලීම ගැන කවුරුත් පිලිගන්න , මතක, ඇත්‍තක් නිසා “ආන්ඩු පෙරලීමටත්” ඒ value එක එනව. ඉතින් advertising අර්ථයෙන් මේක මරු.Slogan එක මරු උනාට ඒකෙන් කියන පනිවිඩය නම් මරු නෑ, මාරයි.

ඒ පාස්කු සහ මේ පාස්කු

ඒකෙන් කියන්නෙ මේ ආන්ඩුව පන්නනකල් වවන්න එපා කියල, නැත්නම් අපි එනකන් වවන්න එපා කිය, දැන් කවුරුත් දන්නව මේ ගෝට ගත්ත ගොන් තීරනේ නිසා මුලු රටටම හාමතේ ඉන්න වෙන සීන් එකක් වෙලා තියෙන්නෙ කියල. ඒක ගැන ගෝට එක්ක බේරගන්න ගනුදෙනුවක් තියනව. ඒක දේශපාලන ගනුදෙනුවක්. ඒත් ඒ වෙනුවෙන් මුලු රටක් බඩගින්නෙ තියන්න campaign හදන එක කොච්චර ethical ද? පාස්කු ප්‍රහාරය යොදාගෙන බලල ලබා ගැනීමේ රාජපක්ෂලාගෙ උපක්‍රමයත් මේවගේම ගරිල්ලා මාර්කටින් එකක්, crisis එකකදි ඇතිවෙන බිය සතුරෙකු වෙත ඉලක්ක ගත කරල , ඒ සතුරගෙන් බේරගන්න වීරයව හදන එක තමා එතන තිබුන ප්‍රචාරන සැලසුම , ඒ සැලසුමේදි සමාජය බිය ගන්වන්න ජීවිත කීයක් ඕනෙද කියන එක ගරිල්ලා මාර්කටින් කාරයන්ට වැඩක් නෑ. දැන් ජවිපෙ මේ කරන campaign එකත් ඒ වගේ රටම සාගතේක ගිලුනත් කමක් නෑ , අපට බලය එනවනම්

Evil power

ගරිල්ලා මාර්කටින් චිත්‍රපටියෙ එක ජවනිකාවක ඇඩ්වර්ටයිසින් ඒජන්ට් කෙනෙක්ගෙන් (කමල් අද්දරආරච්චිගෙන්) අහනව
මේ campaign එක ethical ද? කියල, එයාගෙ පිලිතුර
Chemicaly නරක දෙයක් විකුනන්න, ethically නරක දෙයක් කලහම මොකද ? කියල.
ඒකත් හරි
හැබැයි ඒක හරි කියන කොටම ජවිපෙට සිද්දවෙනව තමන් පෙරවගෙන ඉන්න සුදුපිරුවටය ගලවල, අපි බලය වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්න ලෑස්ති තවත් රාජපක්ෂලා කොට්ථාශයක් කියල පිලිගන්න,තමන් “නරකක්”, “ආචාරධාර්මික නොවන” දෙයක් කියල පිලිගන්න වෙනව.

අපි එනකන් කුඩුගේන්න

ඉසුරු සුභසිංහ කියන ජවිපෙ සාමාජිකය කියනව,
” අපිට බලය දෙන්න , මම මාසෙන් ජපානෙන් විදේශ ශ්‍රමිකයන්ගෙ සල්ලි ගේනව” කියල.
ආයෙත් මොකක්ද මේ කියන්නෙ , අපිට බලය එනකන් නීත්‍යානුකූලව සල්ලි එවන්න එපා, උන්ඩියල් කරන්න කියල, උන්ඩියල් කරල සල්ලි එවන කොට ඒ dollar යෙදවෙන්නෙ මත්ද්‍රව්‍ය ජාවරම වගේ විනාශකාරී ආර්ථික ක්‍රියාවලීන්ට කියල ජවිපෙ හොදටම දන්නව. එතකොට උන්ඩියල් කරල සල්ලි එවල වැඩිපුර රුපියලක් දෙකක් ගන්න හැමෝම තරුන පරපුරේ ජීවිත බිලිගන්න කුඩුජාවාරමේ හවුල් කාරයෙක් වෙනව.

අලුත් රටක්
අලුත් හෙටක්

එහෙම ජාවාරමකින් හරි වැඩිපුර රුපියලක් හොයාගන්න මිනිස්සුන්ට පුරුදුකරල , ඒ මිනිස්සු එක්ක අලුත් රටක්, වෙනස් රටක් හදන්න පුලුවන්ද ?
මටනම් කියන්න තියෙන්නෙ
වවන්න පෙර පෙරලන්න
ඔව් පෙරෙලන්න පස ..
කියන්න පෙර හිතන්න
ඔව් හිතන්න හරිදේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *