හිතන විදිහ ගැන හිතෙනදේ

“අත්තක් උඩ කුරුල්ලො දෙන්නෙක් හිටියා, දඩයක්කාරය එක කුරුල්ලෙක්ට වෙඩි තිබ්බා. දැන් අත්ත උඩ කුරුල්ලො කීයද?”
පංතියෙ ලමයි ‘එකායී’ කියල කෑ ගහද්දි එක කොල්ලෙක් විතරක් ඇස් ලොකු කරන් විමතියෙන් බලන් ඉන්නව.
“ඇයි පුතේ, තේරුන් නැද්ද?
‘එකෙක්ට වෙඩි තිබ්බම අනිත් එකා ඉගිල්ලෙනවනෙ’ එතකොට උත්තරේ බිංඩුවයිනෙ’
මදක් නිහඩව සිටි ගුරුවරිය , පුතා හිතන හැටි මට තේරෙනව. ඒ උනාට උත්තරේ 1යි.

අපේ හුලන් වලින්…

ඒ එකම දේ හැමදාම උගන්නන ටීචර් ගේ සීමාව .
විදුලි අර්භුදය පිලිබද විවාදෙදි, ‘අපේ හුලන් වලින් උන් ඩොලර් හොයා ගන්නව’. කියන අය මට මතක් කලේ අර පුරුද්දෙන් ගැලවෙන්න බැරි ටීචර්.

ජේ.ආර්. විවෘත ආර්ථිකය ගේන කොට ඉන්දියන් සාගර කලාපය තුල අපිට තරගකාරයො හිටියෙ නැහැ. ඒත් අද ආයෝජකයන්ට අවශ්‍ය අඩුමිල අමුද්‍රව්‍ය ,බල ශක්තිය, වැටුප්, දේශපාලන ස්ථාවරත්වය, දිගුකාලීනව වෙනස් නොවන සහ ව්‍යවසායක මිත්‍රශීලී නීතිරාමු සහිත රටවල් රැසක් ආයෝජකයන්ට විවෘත වෙලා තියෙද්දි , ලංකාවට අපේ කොන්දේසි වලට යටත් වෙලා දනගහල එන්න ආයෝජකයන්ට තියන විශේෂ හේතුව මොකක්ද?

සුන්දර සිහිනයක් පමනක් වූ සුනිත්‍ය බලශක්තිය

අනිත් එක, පහුගිය අවුරුදු 10ම අපි අපේ ආයෝජකයෙක් හොයනව. ටෙන්ඩෙර් කරනව, අඩු ලංසුවට ගන්නව, කරන්න බෑ ප්‍රයිස් හයික් එකක් දෙන්න කියනව, ටෙර්මිනේට් වෙනව.
“සිව්දිගින් හමා එන සුලං ධාරා එකක්වත් විදුලිය ජනනය නොකර අපතේ නොයව්” කියල ලස්සන සටන් පාඨ පුවරුවක් උස්සන් ඉන්න පුලුවන්, ඒත් හුලං හැමදාමත් මේ විදිහටම හමා යාවි, අපිත් නිමක් නැතුව ඩොලර් පුච්ච, පුච්ච ඩීසල් බලාගාර වලින් විදුලිය හදයි.
අපේ ජලවිදුලිය එහි උපරිම ධාරිතාවට ඇවිත් තියෙන්නෙ, පවතින භූදේශපාලන තත්වය තුල ලංකාවට න්‍යශ්ඨික බලාගාර වැනිදේ සිහින පමනයි. ගල් අගුරු, ඩීසල් අපිට නෑ. ඒ නිසා අපිට සුලං, උදම්‍ රල, සූර්‍ය ශක්තිය යොදා ගැනීම හැර වෙනත් විකල්පයක් නෑ.
සුනිත්‍ය බලශක්තිය ගැන කියන කතා සුන්දර උනාට කරන එක ඒ තරම් පහසු නෑ ,ඒවා ස්වාභාවික ප්‍රභවමත රැදිල තියන නිසා ඒවාට අනන්‍ය සීමා තියනව. ඒ ස්වාභාවික සීමා වලට අමතරව තාක්ෂණික සීමා පවතිනව. එක් තාක්ෂණයක කාර්‍යක්ෂමතාවය 40% වෙනකොට තවත් එකක 70%ක් , ඒ වගේම ආයෝජකයන්ගේ ප්‍රාග්ධන හැකියාවේ සීමාවන් ද මේ ව්‍යාප්තිවල සාර්ථකත්වයට බලපානව.

ජාතික ආරක්ෂාවේ ලතෝනිය

මේ පනතෙදි සාකච්ඡා නොවුනත් ඉදිරියේදි ග්‍රිඩ් එක ඉන්දියාවට සම්භන්ද කිරීම පිලිබද සංවාදයත් එයි. එතකොට ජාතික ආරක්ෂාව බුදාම්මෝ කියල අලුත් සංවාදයක් එයි. නවසීලන්තෙ ග්‍රිඩ් එක ඕස්ට්‍රේලියාවට සම්භන්ද කරල තියෙන්නෙ. ඒ නිසා නවසීලන්තෙ ඔවුන්ගෙ නිශ්පාදනයෙ අතිරික්තය ඕස්ට්‍රේලියාවට අලෙවි කරනව,එසේම ඔවුන්ගේ කාර්‍යබහුල පැය වලට ඕස්ට්‍රේලියාවෙන් මිලට ගන්නව. බිල දෙපැත්තට තුලනය වෙලා ශේෂය අදාල පාර්ශවයෙන් ගෙවනව. මේ ක්‍රමය ලොවබොහෝ රටවල බොහෝ කලක් තිස්සෙ යොදා ගන්නව. රටවල් දෙක අතර දේශපාලන අර්භුදයක් නිසා කරන්ට් කපනව වගේ දේවල් කොහෙවත් වෙලා නෑ. රුසියාව සහ යුක්‍රේනය යුද්ධයක පැටලිලා ඉද්දි, සම්භාදක දාල තියෙද්දි ගෑස් බෙදාහැරිම නිර්භාදීව සිදුවෙනව.

තෙල් බේත් ආර්ථික ඔස්තාද්ලා

ලංකාවට ඩොලර් ගෙන ඒම සදහා ඊනියා දේශප්‍රේමීන් යෝජනා කරන ප්‍රධානම උපාය මාර්ගය වන අපනයනය අරමුනුකරගත් කර්මාන්ත ගැන පවතින විදුලි අර්බුදය විසදා ගැනීමකින් තොරව සිතා ගැනීමට පවා නොහැක.
ජලය ඉවත් කල එලවලු හෝ පලතුරු කිලෝ 5ක් නිපදවීමට අමු එලවලු හෝ පලතුරු කිලෝ 100ක් පමන වැයවේ. ඒ සදහා භාවිතා වන වියලුම් යන්ත්‍ර සියල්ල වැඩ කරන්නේ විදුලිය,ඩීසල් හෝ බූමිතෙල් වලින් එනිසා ජාත්‍යන්තර වෙලදපොල මිල ගනන් සමග තරග කිරීමේ හැකියාව අපට අහිමිවී ඇත.
තෙල් බේත්කරුවන් මෙන් වට්ටක්කා වවා පිටිකර,ටින්කර ඩොලර් මවන හැටි කියන්නට, ඉල්මනයිට් විකුනා රට හදන හැටි කියන්නට පුලුවන් විච්ත්‍ර ධර්ම කතිකයන් ඇත. එහෙත් ඔවුන් කිසිවෙකු පවතින යතාර්ථය පිලිබද 360% දැක්මකින් විග්‍රහ නොකරයි. පාර්ලිමේන්තුවේ විමල් “අනේ අපේ රට මානව ඛේදවාචකයක ගොදුරක් කරල බලවතින්ගෙ න්‍යාපත්‍ර ක්‍රියාත්මක කරන්න යනෝ” කියමින් පරන නාට්ටිය යලි අරබා ඇත.
මේ තෙල් බේත්කාරයන්ගේ සුපුරුදු සුරනංගනා කතා නිර්භාදීව කියන්නට නොදී කතා අප පෙර කී පාසල් සිසුවා මෙන් ප්‍රශ්න කලයුතුය.

අකීකරු ශිෂ්‍යයා ප්‍රශ්නය

“ටීචර් මමත් ප්‍රශ්නයක් අහන්නද”
‘හා පුතා’
“ගෑනු තුන්දෙනෙක් පාරෙයන ගමන් අයිස්ක්‍රීම් කනව.
එක්කෙනෙක් දිවෙන් ටික ටික රස බලනව, අනිත් කෙනා දත්වලින් ටික ටික කඩාගෙන කනව, මැද ඉන්න කෙනා අයිස් ක්‍රීම් එකම කටට අරන් සූප්පනව, මේ තුන් දෙනාගෙන් කව්ද ටීචර් බැදල ඉන්නෙ? ”
” මැද ඉන්න කෙනා” ටීචර් ටක් ගාල කිව්ව.
” ටීචර් හිතන හැටි මට තේරුනා , ඒ උනාට උත්තරේ මුද්ද දාල ඉන්න කෙනා”

 

වරුණ දීප්ත රාජපක්ෂ  – විවරුණ – lankatarget.com

2022.06.11

One thought on “හිතන විදිහ ගැන හිතෙනදේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *