රනිල්ට පසු

රනිල් එලවීමේ ඒකබද්ධ මෙහෙයුම.

රනිල් එලවීමේ ඒකාබද්ධ මෙහෙයුමක් මේවන විට ආරම්භවී ඇත. ඒ මෙහෙයුමට දේශීය වශයෙන් සජබ, ජවිපෙ, විමල්, සිරිසේන සහ පොහොට්ටුවේ කණ්ඩායමක් විවෘතවම සටන් ප්‍රාකාශ කර ඇත. එහි සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය පිලිබද අනාවැකි කීම පසෙකින් තබා රනිල්ට මේ මොහොතේ සිදුකිරීමට ඇතිදේ සරලව තේරුම් ගැනීමට උත්සාහ කරමු.

පෙට්‍රල් වලින් ස්ටාර්ට් කර බූමිතෙල් වලින් දුවන ඇන්ජිම

මැයි 13 ඔහු අගමැති ධූරය භාර ගන්නාවිට
කාබනික උමතුව නිසා සාගතයක පෙර ලකුනු පහල වී තිබුනි. බිදවැටුනු කෘෂිකර්මාන්තය ප්‍රකෘතිමත් කිරීමට තිබූ ක්ෂනික අවශ්‍යතාවය රසායනික පොහොර ආනයනයයි. ඒ සදහා අවශ්‍ය එකමදේ forex පමනි.
පොහොර නැතුව අමාරුවෙන් වගාකර ලබාගත් අස්වැන්න කපාගැනීමටත්, එලවළු ටික ප්‍රවාහනයටත් අවශ්‍ය ඩීසල් ගෙන ඒ මටද අවශ්‍ය forex පමනි.
අලුතින් වගාකිරීමට පසපෙරලීමට, බීජ ගෙන ඒමට, පොහොර ගෙන ඒමට අවශ්‍යද forex ය.
මැයි 13 වන විට බෙහෙත් හිගය ව්‍යසනකාරී තත්වයකට අතවනමින් තිබුනි. බෙහෙත් ගෙන ඒමට අවශ්‍ය forex ය. දේශීව නිපදවන බෙහෙත් සදහා අමුද්‍රව්‍ය සහ ඉන්ධන ලබා ගැනීමට අවශ්‍යව තිබුනේද forex ය.
යාන්තම් forex ටිකක් ලැබෙන සංචාරක ව්‍යාපාරය පවත්වා ගැනීමටද අත්‍යාවශ්‍ය විදුලිය, සහ ඉන්ධන වෙනුවෙන් අවශ්‍ය forex ය. තේ කර්මාන්තය ප්‍රකෘතිමත් කිරීමට අවශ්‍යව තිබුනේද පොහොර සහ ඉන්ධන ගෙන ඒමට forex ය.
තවත් බොහෝ ක්ශේත්‍ර ඇසුරින් පැහැදි කලද මේ නිශ්චිත මොහොතේ පලවෙනි ප්‍රමුඛතාවය එයයි.
මෙය හරියටම පෙට්‍රල් වලින් ස්ටාර්ට් කර භූමිතෙල් වලින් දුවන ඇන්ජිමක් වැනිය. භූමිතෙල් වලින් දුවන්නට හැකිමුත් ස්ටාර්ට් කිරීමට පෙට්‍රල් දැමිය යුතුය.

විවේචකයන්ගේ විසදුම

සජබ forex ගෙන ඒමට යෝජනා කලේ IMF පිලිතුරය මිස අනෙකක් නොවේ. ජවිපෙ පමනක් ඉල්මනයිට් විකිනීම සහ විදේශගත ශ්‍රීලාංකිකයන්ගෙන් forex ලබා ගැනීම මුලින් යෝජනා කර පසුව ඔවුන්ද හදිසි අවශ්‍යතාවයක් ලෙස IMF පිලිසරණ අවශ්‍යබව ප්‍රකාශ කරන ලදී.
එසේ නම් රනිල් පලමුව කලයුතුදේ කරමින් සිටී. එනම් IMF ඉනිමගේ පඩි නැග ගොස් forex ප්‍රශ්නය විසදා ගැනීමයි. කලු ඇන්දාට, බෙර ගැහුවාට ඉනිමගේ දිග අඩුවන්නේ නැත. මොකද ඉනිමග IMF එකේ මිස රනිල්ගේ , සජිත්ගේ හෝ අනුරගේ නොවන බැවිනි. ඩිෆෝල්ට් වීමට පෙර තිබූ කෙටි ඉනිමගට රාජපක්ෂලා පයින් ගසූ බැවින් දැන් ඇත්තේ ඩිපෝල්ට් වීමෙන් පසු ලැබෙන දිගු ඉනිමගයි. රාජපක්ෂලා ඒ කෙටි ඉනිමගට පයින් ගසන මොහොතේ ජවිපෙ සිටියේද ඒ මතයේම බව ඉතිහාසයට සාධාරණීයක් කිරීමට සදහන් කලයුතුය.
දැන් දේශීයව කලහැක්කේ රනිල්ට ඉනිමග නැගීමට ඉඩදීම හෝ ඉනිමගේ අතරමැද ලුඩෝ ක්‍රීඩාවේ මෙන් නයි හයි කර පහලට ඇද දැමීම පමනි.

නයි හයි කිරීමේ මෙහෙයුම

මේ මොහොතේ ක්‍රියාත්මකවී ඇත්තේ ඒ නයි හයි කිරීමේ මෙහෙයුමයි. එය සාර්ථක වුවහොත් රනිල් බිම වැටෙනු ඇත. එහෙත් ඉන්පසු පෙරට එන ඕනෑම අයෙකුට සිදුවන්නේද යලි මුල සිට ඒ ඉනිමගම නැගීමටය. ඊට වඩා පහසු මගක් මේ ලියන්නාගේ පුංචි මොලයට නොවැටහෙන බැවින් එවන්නක් ඇත්නම් කවුරුත් හෝ පැහැදිලි කලයුතුය.
මේ ඉනිමග හැර වෙනත් මගක් නැතිබව රනිල් කීවේ 2020 මැතිවරණ ප්‍රකාශනයෙනි. රාජපක්ෂලා forex අර්භුදයක් නැතැයි කියන විද ඔහු පාර්ලිමේන්තුවේදී කීවේ මේ ඉනිමග තෝරාගතයුතු බවයි. ඒ ගැන නෑසූකන්ව සිට කෙලවුන පසු “කැමති කෙනෙක් , පුලුවන් කෙනෙක් ඉනිමග නගින්නැයි” ඇරයුම ආ විට,
සජිත් හිටියේ ආසයි බයයි මූඩ් එකේය, කවුරුන් හෝ නගීවි යැයි සිතෙන ව්ට “හා මම නගින්නම්” කියන සජිත් හවසට ගෙදර ගොස් “බෑ මට බයයි” කියයි.
ජවිපෙ කීවේ “අපිව ඉනිමගෙන් ඔසවා තබා, අත්වැල දෙන්නේ නම් නගින්නම්, හැබැයි වෙන අයට නගින්න අත්වැල දෙන්න බෑ, ඕනෙනම් එලියෙ ඉදන් විසිල් පාරක් අත්පුඩියක් දෙන්නම්” කියාය. දැන් අත්පුඩි කෙසේවෙතත් නගින එකාට, වැටියන්, වැටියන් කියා, වස්කවි කියයි.

සොකානීරා

ඉග්නාත්සියෝ සිලෝනිගේ පොන්ටමාරා පොතේ තමන්ගේ ගැටලුවක් බලධාරියාට කියන්නට සියල්ලෝ මැලිවෙමින් හේතු කියද්දී සොකානීරා එය කිරීමට ඉදිරිපත්වූ විට,වේසගෑනියකට අපි වෙනුවෙන් ඉදිරිපත් වන්නට ඉඩ නොදිය යුතුයි කියා සියල්ලෝ බලධාරියා හමුවට යන්න ඉදිරිපත් වූ සිදුවීම වැනිය.

ඊලගට එන මහගිරිදබේ

මේ ලියන්නාට නම් කවුරුන් ඉනිමග තරණය කලද ගැටලුවක් නැත. වැදගත් වන්නේ ඉක්මනින් එය කිරීම පමනි. මක්නිසාද IMF එකෙන් විසදෙන්නේ forex ප්‍රශ්න පමනි. ඉන්පසු ඉන්ධන ගෙන්වා සියළු ක්ශේත්‍ර යලි ආරම්බ කල හැක. එහෙත් forex ප්‍රශ්නය නිර්මානයවූ සැබෑ ගැටලුවට පිලිතුරු එයින් ලබෙන්නේ නැත. IMF හරහා කල හැක්කේ කෙටිකලකට ප්‍රශ්නය කල්දමා ගැනීම පමනි.
එතැන් සිට එලබෙන්නේ සැබෑ ප්‍රශ්නයට පිලිතුරු සෙවීමේ අභියෝගයයි.
මහගිරිදබේද ,කල්වාරිකන්දද එයයි.
ඒ අමාරු අභියෝගය තරණය කිරන්නේ කවුරුන්දැයි අසනවිටත් සජිත් “ආසයි බයයි” කියමින් තෙපරබාමින් සිටියහොත්, ජවිපෙ “අපේ කරෙන් තියන්න, පිටිපස්සෙන් තල්ලුවකුත් දෙන්න” ආදීලෙස නන්දෙඩවුවහොත් රනිල් “මලයන්ඩිලා බිය නොවන්න , නගිනා සැටි මම පෙන්වමියි” කියනු ඇත.
දෙවන අදියර නගින එකා මොකාවුවද මට කමක් නැති නිසා සහ IMF ඉනිමග නගින එකාට සෙත්කවි හෝ වස්කවි කියමින් සිට දෙවන අදියර කටලගට ආ විට ලෑස්තිවෙන්න කෙටිවිරාමයක් හෝ මගහරින්නට ලයිෆ්ලයින් එකක් නැති නිසා, නගින්නට ඇති මහගිරිදබේ දිග පලල ගැන කල්වාරියේ දුක් ගැහැට ගැන දැන්ම සංවාදයක් කලයුතුයැයි සිතේ.

ඇත්ත ප්‍රශ්නයට ඇත්ත උත්තර

හරි දැන් රනිල් IMF ඉනිමග නැග හුස්ම ගත හැකි සානුවකට ඔහුම කීලෙස “දරුවා වඩා ගෙන ආවා යැයි සිතමු” , රනිල් වට්ටවා , සජිත් ඉනිමග මුල සිට නැගීම ඇරබුවද ,(සජිත් ඉනිමං කෙසේවෙතත් ඒදන්ඩේ යනවා නම් පහුගිය චන්දෙ කාලේ දුටු බව මතකයක් ඇත)
අනුර ඉනිමග නැග්ගද , දෙවන් කඩඉම පැමිනීම.අනිවාර්‍යකි.
එතැන් සිට කෘෂිකර්මාන්තය යනු පෝර ටික සහ ඉන්ධන ටික නයවී ගෙනත් දී ගොවියන්ට පුරුදු පරිදි වගා කිරීමට ඉඩදීම හෝ ඉන්ධන ටික ගෙනත්දී, විදිලියදී සංචාරක නියෝජිතයන්ට සංචාරකයන් රැගෙන එන්නට කීම සංචාරක ව්‍යාපාරය නොවේ. එය ඉතා සංකීර්ණ කලමනාකරනයකි.

මා මේ විෂයයන්වල ප්‍රාමාණිකයකු නොවුනද, ප්‍රාමාණිකයන්ගේ නිහඩතාවය හා ප්‍රාමාණිකයන් කාබනික වගාව වැනිදෑ ගැන කලකීදෑ වල වගකීම් විරහිත බව නිසා දන්නා තරමින් ඒ ගැන සටහන් පෙලක් මෙතැන් සිට ලංකාටාර්ගට් “විවරුණ” තුල තැබීමට සිතුවෙමි.
මෙය ලබන සටහනේ කෘෂිකාර්මාන්තය ඇසුරින් අරබමි.
සදුදා සිට කියවන්න
බනින්න.

 

වරුණ රාජපක්ෂ 

2022.06.26

Leave a Reply

Your email address will not be published. Required fields are marked *