Forex

පොරොන්දුවූ පරිදි රටේ ආර්ථිකයේ විවිධ ක්ශේත්‍රවල දිගුකාලීනව සිදුවිය යුතු වෙනස්කම් ගැන සංවාදය මේ ලිපියේ සිට අරඹමි.

ධීවර
ධීවර ක්ශේත්‍රයේ සාපෙක්ෂව කුඩා කොටසක් වන විසිතුරු මත්ස්‍ය කර්මාන්තය උදාහරණයක් ලෙස ගනිමු.

පවතින තත්වය

1952 වසරදී පමන ආරම්භකල ලංකාවේ විසිතුරු මත්ස්‍ය කර්මාන්තය ආරම්බයේ සිටම අඛන්ඩව වර්ධනය වන ක්ශේත්‍රයකි.
මේ වන විට වසරකට රුපියල් මිලියන 4000ස ඉක්මවා විදේශ විනිමය උත්පාදනය වන මේ ක්ශේත්‍රය අඛන්ඩව තවත් වර්ධනය කල හැකි ක්ශේත්‍රයකි.
ඒ සදහා රජයට විශාල ප්‍රාග්ධන යෙදවුම් හෝ විදේශ ආයෝජන අවශ්‍ය වන්නේ නැත.

දැනට රජය කරන මැදිහත්වීම.
සෑම අයවැයකින්ම විසිතුරු මත්ස්‍යය ක්ශේත්‍රයේ වර්ධනය වෙනුවෙන් රජයෙන් මුදලක් වෙන්වන අතර එය රාජ්‍ය ආයතන නඩත්තු කිරීම හැරුනු කොට යෙදවෙන්නේ අලුතින් ක්ශේත්‍රයට පිවිසෙන්නන්ට සහ ක්ශේත්‍රයේ සිටින අයට ආධාර හෝ උපකරණ බෙදාදීමටය. මෙමගින් විදේශ වෙලදපොල පුලුල්වීම හෝ විදේශ විනිමය වැඩිවීම වෙනුවෙන් කිසිදු දායකත්වයක් නොලැබෙන අතර මගහසර නොදන්නා පිරිසක් ක්ශේත්‍රයට පිවිස අතරමංවීම පමනක් සිදුවේ.

සිදු කලයුතු දෑ

විසිතුරු මත්ස්‍යය කර්මාන්තයේ පවතින නිශ්පාදන චක්‍රයේ විවිධ අදියර සදහා ආනයනික ද්‍රව්‍ය මත රදාපැවතීමට සිදුවී ඇත. ඒවා සදහා දේශීය විකල්ප නිර්මානය කිරීම , අපනයනය පවත්වා ගැනීමට අත්‍යාවශ්‍යම ආනයන සදහා ඉඩදීම සහ බදු සහන, තාක්ෂණික වර්ධනයන් සදහා අවශ්‍ය මැදිහත් වීම.

මවු සතුන්

ලංකාව අපනයනය කරන සාතිශය බහුතරයක් මත්ස්‍යය විශේෂ වෙනත් රටවලින් මෙරටට හදුන්වා දුන් විශේෂවේ.
එම නිසාම ලෝකවෙලද පොලේ වැඩි වටිනාකමක් සහිත (A Grade) මත්ස්‍යය ප්‍රභේද අභිජනනය සදහා අවශ්‍ය මවුසතුන් ආනයනයට ඉඩදීම. රජය මැදිහත්වී ආනයනයට මුදල් යෙදවිය යුතු නැති අතර ආනයනකරුවන්ට බලපත්‍ර කඩදාසියක් නිකුත් කිරීම සහ එය අධීක්ෂණය පමනක් ප්‍රමානවත්‍ ය.

මත්ස්‍යය අභිජනනය.

මේ සදහා අවශ්‍ය යෙදවුම් වලින් වැඩිම මිලක් වැයවන්නේ brineshrimp ආනයනය සදහාය. එය විදේශ විනිමය වියදමක් ලෙස සැලකූවිට සොච්චමක් වන බැවින් කෙටිකාලීනව බදු නිදහස් කර ආනයනයට ඉඩදීම සහ දිගුකාලීනව brineshrimp දේශීයව නිපදවිය හැක. හම්බන්තොට , පාලවිය, පුත්තලම ලේවායන් ආශ්‍රිතව මෙය සිදිකල හැක. ඒ සදහා අවශ්‍යවන්නේ මද්‍ය පරිමාණ ආයෝජකයෙකු සහ naqda ආයතනයේ තාක්ෂණික සහාය පමනි.

මත්ස්‍යය ආහර

මත්ස්‍යය ආහාර අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රතිශතයක් ආනයනය කරන නමුත් දේශීයව එම අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම සපුරාගත හැක.
මත්ස්‍යය ආහාර නිශ්පාදනය සදහා අවශ්‍යවන මූලික අමුද්‍රව්‍ය අතරින් ආනයනය මත රදාපවතින්නේ ෆිශ්මීල් සහ සෝයා පමනි. අනෙකුත් ආනයනික අමුද්‍රව්‍ය අංශුමාත්‍රික යෙදවුම්‍ ය. ලංකාවේ මත්ස්‍ය වෙලද පොල ආශ්‍රිතව ඉවතලන කොටස් මගින් මත්ස්‍යය ආහාර සදහා අවශ්‍ය සමස්ත ෆිශ්මීල් සහ ෆිශ් ඔයිල් අවශ්‍යතාවයද සපුරාගෙන අනෙකුත් සත්ව ආහාර සදහාද සැපයිය හැක. නාගරික සංවර්ධන අධිකාරිය, පලාත් පාලන ආයතන සහ ධීවර අමාත්‍යාංශය නිසි සම්භන්දීකරනයක් කරන්නේ නම් මේ සදහාද අවශ්‍ය වන්නේ රුපියල් මිලියන 50ක පමන ආයෝජනයක් කලහැකි මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් තිදෙනෙකු පමනි. දැනට සිදුකෙරෙන දේශීය නිශ්පාදනයේ විධිමත්බවක් නොමැති නිසා ඒකාකාරී පෝෂන සංගටක ප්‍රතිශතයක් සහ ක්ෂුද්‍රජීවීන් මගින් වියහැකි හානි පිලිබද අඛණ්ඩව පරීක්ෂාකර ලබා දෙන ප්‍රමිති සහතිකයක් නොමැති හෙයින් ආහාර නිශ්පාදනයට යොදා ගත් නොහැක.

අනෙකුත් අවශ්‍යතා

* මත්ස්‍යය නිශ්පාදනයේදී ඉතා වැදගත් අවශ්‍යතාවයක් වන tubiflex tubiflex යනු ඉතාපහසුවෙන් වගා කලහැකි සජීව ආහාරයකි. ඒ සදහා අවශ්‍ය වන්නේ රාත්‍රී උෂ්ණත්වය 15c වලට අඩු පරිසරයක රුපියල් මිලියනයක් පමන යෙදවිය හැකි කුඩා පරිමාන ආයෝජකයන් කිහිප දෙනෙකු පමනි.
* ගවඝාතකාගාර වලින් පරිසරය අපවිත්‍ර කරමින් ඉවත දමන රුධිරය, ඕනෑම ජලතීරයක වැවෙන ප්ලවාංග මේ සියලු දෑ ඉතා සරල නිශ්පාදන කර්මාන්තයන්‍ ය.
* විදුලුබිල අවම කරගැනීමට සූර්‍ය බලය , ගොවිපල තුලම චකීයව යොදාගන්නා ජලධාරා ආදිය යොදාගැනීම සදහා අවශ්‍ය වන්නේ තාක්ෂණික සහය පමනි.

දැනට ලියාපදිංචි එක එක් ගොවිපල වෙන වෙනම ගෙන පිරිවැය කලමනාකරනය සදහා අදාල ආයතන එක්ව සැලසුම් කලහොත් එය වසරක් තුල අවසන් කලහැක.
අපනයනය දිරිමත් කිරීමට නම් කලයුතුව ඇත්තේ රෙගුලාසිවල සංශෝදනයන් (derugulation) පමනි. ඩොලර් උපයන අපනයනකරුවා එම ඉපයීම් වලින් වැටුප් ලබන නිලධාරීන් පසුපස ගොස් බලපත්‍ර ලබා ගන්නා ක්‍රමය වෙනුවට නිලධාරීන් අපනයනකරුවා වෙත ගොස් බලපත්‍ර ලබාදෙන, නිලධාරියාටත් සැපිරීමට අපනයන ඉලක්ක සහිත ක්‍රමවේදයක් සැකසීමය. ඉතිරි කරුණු අපයා ගන්නා ආකාරය අපනයනකරුවන් හොදින් දනී.
මේ කරුණු වලට අමතරව බොහෝ කරුණු ඇති අතර ඒවා එක් කරන්න.

දැ.ගැ.පි.
මේ අමාත්‍ය ධූරය
ජනතා විමුක්ති පෙරමුණේ
දේශපාලන මංඩල සභික චන්ද්‍රසේන විජේසිංහ මහතා දැරූ අතර එවකට ඔහුගේ පුද්ගලික ලේකම් වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතාය. එම අමාත්‍යාංශය පක්ෂ මට්ටමින් අධීක්ෂණය කලේ වත්මන් පෙරටුගාමී පක්ෂයේ නායක ප්‍රේමකුමාර ගුනරත්නම් මහතාය.
ඔවුන් එම වගකීම දැරූ කාලයතුල මේ කිසිවක් සදහා white paper එකක් වත් දමා ඇත්දැයි හෙට රට අරන් කරන්නට පෙර දැනගැනීම පිනිස , දන්වන්න

 

වරුණ රාජපක්ෂ

2022.06.29

Leave a Reply

Your email address will not be published. Required fields are marked *