“මගේ” ෆාර්ම් එක සහ රටේ කතාව – වරුණ රාජපක්ෂ

2015 දි මට ෆාර්ම් එකක් කරන්න පුදුම උනක් ආව. දේශපාලන සම්භන්දකම් පාවිච්චි කරල ආන්ඩුවෙ ඉඩමක් බදු ගන්න කියල යාලුවො කිව්ව. ඒත් මම ඒකට කැමති උනේ නෑ. අතේ සල්ලිත් නැතුව ඉඩමක් ගන්නෙ කොහොමද කියල හිත හිත ඉන්න කොට, මහ කැලෑවක් වැවුනු අක්කර 10ක විතර වගුරු බිමක් නිසා අවට ඉන්න අයට ජීවත් වෙන්න බෑ කියල පැමිනිල්ලක් අරන් කලු නැන්ද ආව. එතනට ගිහින් බලපු ගමන් මම පොරොන්දු උනා මම මේක ෆාර්ම් එකක් කරනව කියල.

හොයල බලපුවහම ඉඩම් අයිති නුගදොලේ බූදලේට. මේ අයට සල්ලි ප්‍රශ්නයක් නැති නිසා, කවදාවත් මේ ඉඩම් විකුනන එකක් නෑ කියල අදහස අත ඇරින්න හිත හදාගන්න කොටම ඉඩමෙ මැද්දෙ ලොකුම මඩවල වෙන කෙනෙකුගෙ. මිනිහගෙන් අහපුවහම අක්කර දෙකක ඒ කුනුවල ලක්ෂ 10ක් කිව්ව. අතේ තිබුනෙ දෙක හමාරයි. යේල්‍යා එකේ චන්දනට කතා කරල අතමාරුවක් කරන් ඉඩම ගත්ත.

ඉඩමට බැස්ස පලවෙනි දවසෙම බැහැපු අයට උන හැදුන. බලපුවහම සියනෑ උයන ස්කීම් එකේ මල අපවහන පද්දතිය කෙලින්ම වැටෙන්නෙ ඉඩම මැද්දට. ඉඩමට බහින එක පැත්තකින් තියල බැකෝ එකකින් වටේට කානුවක් කැපුව වතුර බහින්න.May be an image of plant and outdoors

අනවසරයෙන් ඇලවල් කැපීමේ චෝදනාව අරන් ගොවිජන සේවා එකෙන් ආව. කපනවනම් මුලු ඇලම කපන්න කිව්ව. ඒක කරන්න ගියහම ඉතුරු ඉඩම් ගන්නෙ නැතුව ඒකට අවසර ගන්න බෑ. ශිරාන් දැරණියගල මහත්තය එක්ක කතා කරල, ඒ ටික බදු ගත්ත. දැන් මඩ වල අක්කර10ක් මට අවුරුදු 2ක් ගියා වතුර බස්සල ඉඩමට බහින්න.

මඩවල ශුද්ධ කරන කොට තේ අරන් ආපු අසල්වැසියො ඉඩම වේලුනාම සරුංගල් අරින්න ආව. සරුංගල් අරින ගමන් අපිටත් කලින් හිතුනනම් මේක මෙහෙම හදල ගන්න තිබුන. යක්කල ටවුම ලග පර්ච් එකක් කීයද වගේ කතා කියනව ඇහුන.

මම ලෝන් එකක් අරන් බැකෝ දෙක, තුනක් දාල වැඩේ පටන් ගත්ත. කොච්චර අමාරු වැඩක්ද කිව්වොත් 120 බැකෝ එකක් මඩේ ගිලිල වැහිලම ගියා. ටික එලිවෙලා එනකොට ඔන්න පෙත්සම් මම නිධානයක් ගන්න යනවලු. මැණික් ගරනවලු, භූගත ජලය අඩුවෙනවලු. ඔක්කොම පෙත්සම් 68ක් විභාග කලා
සේරම නීත්‍යානුකූලව ඉවර කරන් ෆාර්ම් එක හදල ඉවර වෙන කොට අවුරුදු 7ක් ගිහින්.May be an image of corn

ඔන්න අර පෙත්සම් ගහපු අය එනව අය්යෙ අර කොනෙන් මම පාත්තියක් දාන්නද කියල අහගෙන. කොරෝනා කාලෙ අමාරු හින්ද ගමේ කමට, යාලු කමට , අන්තිමම කෑල්ල වත්මන් ආර්ථික අර්බුදේ හින්ද අමාරුවට වවාගන්න ඉල්ලපු අයට දුන්න.

දැන් හැමෝම වවල හරි ලස්සනයි. නිමාඩු වෙලාවට යාලුවෙක් එක්ක අඩියක් ගහන්න පැල්කොටයක් විතරක් මට තියනව, අදත් හවස ගිහින් හීනි අඩියක් ගහල සිරි නරඹල ආවෙ හරිම සතුටෙන් . එලවලු ගස් වල පිපුන මල් වල පොටෝ ගහල තිලාපින්ට කෑම ටිකක් දාල ගෙදර ආව. දැන් ඒ මල් කිනිත්තක්වත් මගෙ නෙමේ. ආයෙත් හිතුනොත් හිතෙනකොට සල්ලියි, වෙලාවයි තිබුනොත් ෆාර්ම් එකක් හදනව. අයිතිකරගන්න නෙමේ, මේ වගේම ලස්සනට තියනව දකින්න.
මොකද මම මැරෙන කොට මට බිම් අගලක්වත් වැඩක් නෑ.May be an image of tree and outdoors

මට ඉන්නෙ දුවෙක්. ඒකිව මම හැදුවෙ මගෙන් පස්සෙ පටන් ගන්න නෙමේ ඒකි කලින්ම පටන් අරන් තමන්ගෙ පාරක දුර ගිහින් තව හුගක් දුර යයි. මගෙන් මුකුත් ඕනෙ නෑ.

මගේ කතාව වගේ තමා රටේ කතාවත්. කවුරුත් බාර ගන්නෙ නැති මඩවලක් බාර අරන් යාන්තම් ගොඩදාන කොට අපිත් එන්නම් කියන අය හුගක් ඉන්නව. ඊට පස්සෙ අපි කලේ කියනව. අන්තිමට දැන් ඔයා යන්නත් කියයි. ඒව ගැන හිතල විස්සෝප වෙන්නෙ යනකොට ඉතුරු කරල යන්න ඕනෙ අය. නැත්නම් අරන් යන්න පුලුවන් කියල හිතන අය. “මටත් හීනයක් තියනව” මම මඩවලක් ගොවිපලක් කලා වගේ පල් වලක් උන මේ රට මල් වැවෙන සරු බිමක් කරන්න. ඒ මල් කවුරු නෙලුවත් කමක් නෑ.

ඔහොම යං.

වරුණ දීප්ත රාජපක්ෂ 

2022.08.28

May be an image of tree and outdoors

May be an image of body of water and tree

May be an image of body of water and tree

May be an image of body of water

May be an image of body of water and tree

May be an image of tree and outdoors

Leave a Reply

Your email address will not be published. Required fields are marked *