අකාලිකා –  දමිත් කේතක

මෑත කාලයේ දුටුව රසවත්ම කෙටිකතා පොත් අතර අකාලිකා අමතක නොවෙ පොතක්. යථාර්ථය , මනසේ පැවැත්ම වගේම  විද්‍යාව කෙටි කතාවට රසවත්ව ගලපාගත්ත කෙටි කතා පොත මෙයයි. ඒ වගේම බෞද්ධ දර්ශනයේ ගැඹුරින් අවබෝධකරගතයුතු මානයන් සරලව විග්‍රහකරතිබූ කෙටි කතා පොතත් මෙයයි.

දමිත් කේතකගේ භාෂා භාවිතය සැබවින්ම සිත්ඇදගන්නා සුළුයි. ඒ වගේම එක් කෙටි කතාවක් කියවා අවසානයේ නවකතාවක් කියෙව්වා වගේ පිරිපුන් හැඟීමක් දෙන්නට ඔහුගේ සමත්කම පොත කියවන අයට වැටහේවි. දේශපාලනයට හීන්සීරුවේ කණේ පහර ගසන්නට දමිත් කේතක බොහොම දක්ෂය.

දුහුල්මලී
————
තමාට හිටි පෙම්වතියකගේ ගවුම හුළඟින් උඩට එසැවීමේ වරදට පෙම්වතාට මරණ දඬුවම ලැබීම වියහැකි දෙයකි …

යුවතියකගේ පිරිපුන් දෙපා යුගලක් සුළඟ මගින් නිරාවරණය කරදීමේ ආස්වාදය අනපේක්ෂිත ලෙස ඇසගැටුණවිට, සුළඟ තවත් එබඳු දස්කමක් කරාවිද යන උද්වේගයෙන් පිරීගිය මහේෂ්ගේ දෑස පදික වේදිකාවේ සිය ගවුම හදා ගැනීමට දඟලන තරුණිය වෙත එක එල්ලේ ප්‍රදානය වී තිබිණි.

“ චාආස්…. දඩාස්….”

වර්තමාන දේශපාලන පැවැත්මට දැඩිලෙස විවේචනය කරන්නට පොළඹවන කතාවකි.

(4 පිටුව)

ලියන්නා
———
හැම කෙනෙක්ම මම පවතිනවට සතුටු වුනේ මගෙන් ඒ අයට ලැබුණු දේවල් බලලා. ඒ අය ආදරේ කලේ මට නෙමෙයි. ඒ දේවල්වලට…

(19 පිටුව)

සාද්‍යා
———
කොවිඩ් සෑදී තමන් මියගිය බව නොදැන එන්නත ගන්නට පෝලිමක සිටි මියගිය තරුණියකගේ අන්තර්භවය පිළිබඳ කතාවයි
නැහැ නැහැ නැහැ නැහැ … මේක කීයටවත් වෙන්න බෑ. මේක කොහොමද වෙන්නෙ ? මේක කොහොමද වෙන්නෙ ? මේ ඉන්නෙ මම…

(30 පිටුව)

එරන්දතී
විද්‍යාව හා ගණිත ක්‍රම ඔස්සේ දිග පළල උස එක්ක කාලයත් එකතු වුනොත් වෙන්න පුළුවන් මොනවද කියලා කෙටි කතාවකට ගලපා ගන්නට හැකිවීමම පෙරළියකි.

මට උද්භාවික පැවතුම් දෙකයි. එකක්ගැහැණු අනික පිරිමි, දෙන්නාම එක්කෙනායි එක්කෙනාම දෙන්නායි
(45 පිටුව)

එහෙම කෙනෙක්ට ආදරයක් ලැබේවිද? කියවලාම බලන්න

කෙටිම කතාව
හෘදසාක්ෂියට කතා කරන කතාවලින් එකක් තමයි මේ කෙටි කතාව. මේක පව්කාරකමක් නෙවෙයි දුව ..! හොඳ දරුවෙක් වගේ ඔයාගෙ කකුල් දෙක මේ ටීපෝ එක උඩින් තියාගන්නකෝ …

අනේ ෆාදර් ෆාදර් වගේ කෙනෙක් මේ වගේ දෙයක් ….

(53 පිටුව)

ෆාදර් හා ගණිකාවක් අතර හුවමාරුවුන දෙබසකි එය.

සාම්බුලා
මානසික වෙනස්කම් ඇති මිනිසුන් ගැන මගේ තිබුණ දෘෂ්ටිය එහෙම්පිටින්ම කැළඹු කතාව මෙයයි. අපිට පේන ඇත්ත කියලා ගන්න ලෝකෙ ඇත්තට වඩා අපිට අසමතුලිතයි කියලා හිතෙන එයාලාගෙ ලෝකෙ විචිත්‍රවත් වෙන්නත් පුළුවන්.

ඉකිරස්
ඉන්ෆොමේෂන්ස් තමයි බලවත්ම දේ …..
(79 පිටුව)

දේශපාලනය නොවන දේශපාලනික කතාවක්

රාදු
අපි හිතන් ඉන්නෙ අපි මානසිකව ශක්තිමත් කියලාද? නෑ ඕන වෙලාවක අහිමි වුන ආදරයේ මනෝ විෂාදය ඕනම කෙනෙකුට වැළඳෙන්නට නියමිත බව කියන කෙටි කතාවයි

සාමිලා
වෛරයක් පරිගණක වෛරසයක් වෙන ආකාරය කියන කෙටි කතාවයි

1ට 0 සේම 1ට 1ත් , 0ට 0ත් පවතින්න පුළුවන්.. ඉඩ දෙන්න…

(107 පිටුව)

නලිංගො
දේශපාලන බලය හැම විටම නුවණැත්තා ඉදිරියේ දිනන්නේ නැති බවට කදිම උදාහරණයක් ගෙනෙන කතාවකි.

අකාලිකා
කාලයේ පවතින පුද්ගලයා කියන්නෙ විදුලි පන්දමක් අරගෙන ගණ අඳුරු ගල් ගුහාවක යන්නෙකු වගේ .

ගල් ගුහාව අඳුරු නිසා ඔහුට පසුකර ආ දුරවත් , ඉදිරියට පසුකරන්න නියමිත දුරවත් පේනනෙ නෑ.

පේන්නෙ විදුලි පන්දම් එළිය වැටුණු කොටස විතරයි.

මෙන්න මේ කොටස විතරයි අපි වර්තමානය කියලා හඳුන්වන්නෙ.

පහුකර ආපු දුර පන්දම් එළිය එතැනින් යනවත් එක්කම යලිත් අඳුරට යනවා. ඒ අතීතය.

පන්දම් එළියෙන් තවම නොපෙනුන කොටස අනාගතය…

එබඳු ගල් ගුහාවක ඇතුළුවෙන දොරකොඩ සිට ගුහාව අවසානය තෙක්ම සියල්ල දැකගන්නට අවශ්‍ය කෙනෙකුට ඕනැම මොහොතක දැකගන්න පුළුවන්.

(124 පිටුව)

සසර පැවැත්මේ දර්ශනය ලස්සනට කෙටි කතාවකට ගලපනලද පොතක් වේනම් ඒ මේ පොතයි

තවත් කතා තියෙනවා. කියවලම බලන්න .

කතුවරයා
Damith Kethaka

ප්‍රකාශණය

Vidarshana Book Store

 

සටහන –  නදීකා සෙනෙවිරත්න

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *