යුක්රේනයට එන දේශප්‍රේමියා
යුක්රේන රුසියානු ගැටුම දින තුන්සියයත් පසු තරමින් ඇදි යන මොහොතක බයිඩන් පරිපාලනය තවත් ඩොලර් බිලියන 1.89ක යුධමය ආධාර යුක්රේනයට ලබා දීමට සුදානම් බව ප්‍රකාශ කර සිටියේය..
මේ අධාර අතරට ඇමරිකාව සතුව පවතින නවීනතම ගුවන් ආරක්ෂක පද්ධතිය වන පේට්‍රියට් (Patriot) මිසයිල පද්ධතියද ඇතුලත් වන අතර මේ සම්බන්ධයෙන් රුසියානු විදේශ අමාත්‍යශයේ අදහස වුයේ ඇමරිකාව මෙම අර්බුදයට අනවශ්‍ය අන්දමින් තවදුරටත් මැදිහත් වන බවත් ඉහත මිසයිල පද්ධති රුසියානු ප්‍රහාර වල මූලික ඉලක්කයක් සේ සලකන බවත්ය..
MM 104 PATRIOT (Phased Array Tracking Radar for Intercept on Target) යනු ගොඩබිම සිට ගුවනට මිසයිල එල්ල කල හැකි(Surface to Air Missile) නැතහොත් SAM මිසයිල පද්ධතියකි..
1991 ගල්ෆ් යුද්ධයේදි ඉරාකය දෙසින් එල්ල වු ස්කඩ්(scud) මිසයිල හතලිකට ආසන්න ප්‍රමාණයක් විනාශ කරමින් සිය හැකියාව ලොවට පෙන්වු මෙම මිසයිල පද්ධතිය ඇමරිකානු ආයුධ ගබඩාවේ ඇති ප්‍රබලතම ආරක්ෂක අවියක් ලෙස සැලකේ..
ජංගම මිසයිල ආරක්ෂණ පද්ධතියක් වන මෙය සන්නිවේදනය(Communication) අණ දීම් (Command and Control) රේඩාර් නිරීක්ෂණය (Radar Surveillance) සහ මිසයිල සදහා මඟ පෙන්වීම (Missile guidance) යන අංග වලින් සමන්විත වේ..
පේට්‍රියට් මිසයිල ආරක්ෂණ පද්ධතියේ ප්‍රබල රේඩාරය කිලෝමීටර් 150 ක මෙහෙයුම් පරාසයකින් යුක්ත අතර එයට කිලෝමිටර් සියයක වපසරියක් තුලදි එකවර ඉලක්ක පනහක් දක්වා සොයා ගෙන වරකට එයින් ඉලක්ක පහකට පහර දිමේ හැකියාවක් ඇත..
මෙම ආරක්ෂක පද්ධතියට යොදා ගැනෙන්නේ Patriot Advanced Capability හෙවත් PAC මිසයිල කාණ්ඩ වන අතර එහි නවතම කාණ්ඩය වන PAC 3 මිසයිල ඉලක්ක මත ගැටි එම ඉලක්ක විනාශ කිරිමේ (Hit to Kill Technology) තාක්ෂණයෙන් යුක්තය..
කිලෝමීටර් දෙකක උන්නතාංශයකට ලගා වීමේ හැකියාව ඇති නිසා කෙටි දුර පරාස බැලස්ටික මිසයිල විනාශ කිරිමේ හැකියාවක් ඇති පේට්‍රියට් පද්ධතිය ඊට අමතරව ප්‍රහාරක ගුවන් යානා,බෝම්බ හෙලන ගුවන් යානා සහ විශාල ඩ්‍රෝන යානාවන් බිම හෙලිමටද සමත්කම් දක්වයි.
කෙසේ වෙතත් මෙම පද්ධතිය යුක්රේනයට ලගා වීමට තව මාස කීපයක් ගතවනු ඇති අතර පලමුව ඒවා ජර්මනියට ප්‍රවාහනය කර එහිදි යුක්රේන හමුදාවන්ට මුලික පුහුණුවක් ලබා දීමට සැලසුම් කර තිබේ..
මේ වන විට යුක්රේන රුසියා සටන් පෙරමුණේ දෙපිරිස සිය යුධ සැලසුම් උරගා බලමින් සිටින අතර මෙම වසරේ අගෝස්තු මාසයේ යුක්රේනය දියත් කල හමුදා මෙහෙයුම් වලින් අනතුරුව රුසියානුවන් යටතේ තිබු වර්ග කිලෝමීටර් හැත්තෑපන්දහසකට අධික භූමියක් නැවතත් තම පාලනයට ගැනිමට සමත් විය..
නොවැම්බර් එකොලොස්වැනිදා දකුණු යුක්රේනයේ ඇති ප්‍රධාන නගරයක් වන කර්සන් නගරයෙන් රුසියානු බල මුලු ඉවත් වීමත් සමගම යුක්රේන හමුදාව එම නගරයටද ඇතුල්ව ඇති බවට වාර්තා වේ..