යහපාලනය රෙද්ද පල්ලෙන් බේරේ…. වෘත්තිය සමිති නායකයාට පොලීසියේදී ගුටි බැට ( video)

ඛනිජ තෙල් වෘත්තිය සමිතිය විසින් දියත් කරනු ලැබූ වැඩ වර්ජනය අද දිනයේදීත් සිදුවූ අතර ඒ සදහා ආණ්ඩුව තෝරාගත් ක්‍රියාමාර්ගය වුයේ ඛනිජ තෙල් අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නිවේදනය කොට හමුදාව බලහත්කාරයෙන් කොළොන්නාවර හා මුතුරාජවෙලට ඇතුල් කොට ඛනිජ තෙල් බෙදා හැරීමට සැලැස්වීමයි .. කෙසේ නමුත් එය කර ගත නොහැකි තැන අදාළ සේවකයන් වැඩට ගෙන්වා ගැනීමට දහවල් දොලහට පෙර සේවයට වාර්තා නොකර අය සේවය හැර ගියාසේ සලකන බව නිවේදනය කළේය. වෘත්තිය සමිති නායකයන් විසින් උද්ඝෝෂණික ක්‍රියා මාර්ගයක් කොළොන්නාව තෙල් පිරිපහදුව ඉදිරි පිට සිදු කළ අතර එහි උද්ඝෝෂණය කළ වෘත්තිය සමිති නායකයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ලොරි රථයක නංවාගෙන රැගෙන ගියේය .

රැගෙන යාමෙන් පසුව පොලීසියේදී එජාපයට හිතවත් පොලිස් ලොකේකෙකු විසින් පහර දීමක් කොට ඇති අතර එය ප්‍රකාශ වන වීඩියෝ දර්ශන ද මේ වනවිට සමාජ ජාලවන්හි ප්‍රචාරය වෙමින් පවතී පහත දැක්වෙන්නෙ ්එම වීඩියෝවයි

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *