හමුදා නායකයින්ට විදෙස් ගතවීමේදී බලපෑම් තිබෙනවා – ජගත් ජයසූරිය

තමාට එරෙහිව ඇති චෝදනා ඉදිරිපත් කිරීම සාධාරණ නොවන බවත් තමා යුද්ධයේදී සැපයුම් අංශයට අණ දුන් තැනැත්තෙක් පමණක් බවත් එවැනි තත්වයක් යටතේ මෙවැනි චෝදනා එල්ල වීම කිසිදු සාධාරණයක් නොමැති බවත් හිටපු හමුදාපති බ්‍රසිලයේ හිටපු තානාපති ජගත් ජයසූරිය සදහන් කොට සිටී.එසේම විදෙස් ගත වීමේදී බොහෝ රටවලින් හමුදා නායකයින්ට අදාළව නාමලේඛනයක් ඒ ඒ තානාපති කාර්යාලවල ඇති බැවින් වීසා නිකුත් කිරීම අදාළ නායකයින්ට සිදුනොකර බවත් සදහන් කොට සිටීයේය.
මෙය තමාට දැනගැනීමට ලැබුනේ ඇමරිකාවට යාමට වීසා අයදුම් කොට සිටියදී එය ප්‍රතික්ෂේප කිරීම මගින් බවද හේ වැඩිදුරටත් සදහන් කොට සිටී.
තවද “වධහිංසා සිදු කිරීම් ගැන ඔවුන් කියනවා. කෑ ගැසීම් ඇසුණ බවක් දැක්වෙනවා. මට හිතා ගන්න බැහැ, සැතපුම් ගණනක් ඈතට ඇසෙන්න කාට හරි කෑ ගහන්න පුළුවන් කියල. මොකද? ඒක විශාල යුද හමුදා සංකීර්ණයක් ”
භූමියේ භටපිරිස්වලට තමා අණදීමේ නොයෙදුණු හෙයින් තමාට එරෙහිව නගන චෝදනාවල පදනමක් නොමැති බව ද ජනරාල්වරයා කියා සිටී.
තමාට එරෙහිව ඉදිරිපත්ව ඇති චෝදනා පිළිබඳව සඳහන් කළ ජනරාල් ජයසූරිය ඔහු එකී චෝදනා දැන ගත්තේ අගෝස්තු 29 වෙනිදා ශ්‍රී ලංකාවට ළඟා වීමෙන් පසුව බවත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *