20 ට සහය දෙන්නම් හැබැයි කොන්දේසි උඩ – ජවිපෙ

පළාත් සභා මැතිවරණ සියල්ල එකවර පැවැත්වීමේ විසිවැනි ව්‍යවස්‌ථා සංශෝධනයට පක්‍ෂව ඡන්දය ලබා දෙන්නේ කොන්දේසි කිහිපයක්‌ මත බව ජනතා විමුක්‌ති පෙරමුණ පවසයි.

පළාත් සභා සියල්ලේම මැතිවරණ එකම දිනයක පැවැත්වීම පිළිබඳ ජවිපෙ එකඟත්වය පළ කරන බවත් මැතිවරණය පවත්වන කාලරාමුව අනිවාර්යයෙන්ම මීට ඇතුළත් විය යුතු බවත් ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පැවසී ය.

එමෙන්ම සියලු පළාත් සභා විසිරෙන දිනය පාර්ලිමේන්තුව විසින් නිශ්චය කරනු ලැබිය යුතුය යනුවෙන් ඇති වගන්තිය මෙවර ඡන්දයට පමණක්‌ අදාළ විය යුතු බවත් එසේ නොවුණහොත් 2020 න් පසුව ද පළාත් සභා විසුරුවන දිනය පාර්ලිමේන්තුව තීරණය කරනු ඇති බව.් එය බරපතළ වරදක්‌ වනු ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *